X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

අරණායක සාමසර කන්ද නාය ගිහින් ගමට කළ මහා විනාශය - නිවාස 350ක් යටවෙලා, 134ක් වැළලෙති


Views - 3967 |Thursday 19th May 2016 08:39:10


අරණායක සාමසර කන්ද නාය ගිහින් ගමට කළ මහා විනාශයේ නොදුටු දසුන් - VIDEO

අරණායක, එළඟපිටියිසාමසර කන්ද’ නාය යාමෙන් පුද්ගලයින් 14 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ සවස් වන විට සොයා ගත් බවත්, මෙම නාය යාමෙන් පුද්ගලයින් 134 දෙනකු අතුරුදන් වී ඇති බවත් මෙහෙයුම් භාර නිලධාරි මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.

සාමසර කඳු ප‍්‍රදේශය පෙරේදා (17) සවස 5.30 ට පමණ නාය යාමට ලක්විය.

නාය යාමෙන් කන්ද පාමුල පිහිටි සිරිපුර ජනපදයේ එළඟපිටිය ගම්මානයේ නිවාස 300 ක් පමණද, පල්‍ලේබාගේ ගම්මානයේ නිවාස 50 ක් පමණද සම්පූර්ණයෙන්ම යටවී ගියේය. පහළින් පිහිටි කුඹුරු යායද සම්පූර්ණයෙන්ම නායෙන් වැසී ගොස් ඇත. 

සිරිපුර ජනපදයේ සිරිපුර ප‍්‍රාථමික විදුහල සහ සිරිපුර විහාරස්ථානය තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නැත. විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ දිවි බේරාගෙන තිබේ. නාය යන අවස්ථාවේ පාස‍ලේ කිසිවකු සිට නැත. දහවල් කාලයේ නාය යාම සිදුවූයේ නම් මීට වඩා විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බව ප‍්‍රදේශවාසීහු පවසති.

ගුවන් යානයක් කන්දේ හැපී කඩාවැටෙනවා බඳු ශබ්දයක්ද සමග නාය පහළ ගම්මානය දෙසට ඇදී ආ අවස්ථාවේ ගම්වාසීන් බියවී හිස් ලූ ලූ අත දිව ගොස් ඇත.

පසුව ඔවුන් ප‍්‍රදේශයේ පල්‍ලේබාගේ විහාරස්ථානය අසලට ගොස් තමන්ට සිදුවූ කරදරය ‍පොලිස් හදිසි ඇමතුම් අංකයට දන්වා තිබේ. පසුව ‍පොලිසිය එහි පැමිණ ආපදා කළමනාකරණ අංශ සමග ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

කන්දේ අක්කර 100 කට ආසන්න ප‍්‍රමාණයක් කිලෝ මීටර් එක හමාරක් පමණ පහළට නාය යාම නිසා අවතැන් වූ පුද්ගලයින් 1000 කට වැඩි පිරිසක් හත්ගම්‍පොළ මහ විදුහල, මොරාගම්මන මයුරපාද විහාරස්ථානය, දිප්පිටිය රාජගිරිය මහා විදුහ‍ලේ සහ දිප්පිටිය මල්පා රජමහා විහාරස්ථානය ඇතුළු කඳවුරු හයක රඳවා සිටින අතර තවත් බොහෝ පිරිසක් සිය ඥාති නිවෙස්වල නවාතැන්ගෙන සිටිති.

 යුද හමුදාව, ගුවන් හමුදාව සහ ‍පොලිසිය, සහන සේවකයින් එක්ව ඊයේ කඩින් කඩ ඇදහැලූ‍නු වැසි මධ්‍යයේ මෙහෙයුම් කටයුතු ඊයේ (18* පෙරවරු 6.30 ට පමණ ආරම්භ කළහ. පාබල සෙබළු 350 ක්ද, කමාන්ඩෝ සෙබළු 50 ක්ද, ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළු පිරිසක්ද මෙම මෙහෙයුමට එක්ව සිටිති.

යුද හමුදාවේ නිල සුනඛයින් තිදෙනෙකු ද ඊයේ එම ස්ථානයට ගෙන ආ බවත් එම සුනඛයින් ද අතුරුදන්වූවන් සොයා ගැනීමට යොදවන බවත් මෙහෙයුම් භාර නිලධාරි මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියා සිටියේය.

නාය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජල පහරවල් ගලා යාමත්, වරින් වර නාය සක‍්‍රිය වීමත් හේතුවෙන් සෙබළු කන්දේ ඉහළ ප‍්‍රදේශයට ගොස් කේබල් යොදා ගනිමින් කන්දේ මැදට පැමිණ මෙහෙයුම් ආරම්භ කළහ. මෙම මෙහෙයුම්වලට ප‍්‍රදේශවාසී පිරිස් සහයෝගය දැක්වූහ.

ගුවන් හමුදාව විසින් බෙල් 212සහ එම්.අයි.17 යන හෙලිකොප්ටර් යානා මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගනු ලැබූවද පවතින අයහපත් කාලගුණික තත්ත්වය එම මෙහෙයුම් කටයුතුවලට බාධාවක් විය.

නාය යාමට ලක්වූ ස්ථානය බැලීමට විවිධ ප‍්‍රදේශවලින් ලක්ෂ තුනකට වැඩි පිරිසක් ඊයේ පෙරවරුවේ සිට පැමිණ සිටියහ. නාය යාමට ලක්වූ ස්ථානයට ගම්මානයේ පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර හතරක පමණ දුරක් පැමිණිය යුතු විය.

ඊයේ පෙරවරුව වන විටදී කන්දේ ඉහළ ප‍්‍රදේශයේ සිටි පුද්ගලයින් 150 දෙනෙකු පමණ බේරාගෙන ප‍්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

මෙහෙයුමේදී සොයාගත් මළ සිරුරු අතර කාන්තාවන් හයදෙනකුගේ ද වයස අවුරුදු එක හමාරත්, තුනත් අතර වයසැති කුඩා දරුවන් තිදෙනෙක්ද වෙති. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලට, මාවනැල්ල සහ අරණායක යන රෝහල්වලට රැුගෙන ගොස් ඇත.

කඳු යායට පහළ ප‍්‍රදේශයට ඊයේ පෙරවරුව වන විටදී ගිලන් රථ 15ක් අවට රෝහල්වලින් කැඳවා තිබූ අතර එහි තාවකාලික රෝහලක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පියවර ගත්හ. යුද හමුදා සහ වෛද්‍ය කණ්ඩායම්ද යොදවා තිබුණි.

අරණායක සහ බුලත්කොහුපිටිය යන නාය යාමට ලක්වූ ප‍්‍රදේශ සඳහා වෛද්‍ය නිලධාරීන් 15 ක්, හෙදියන් 45 ක් හා ගිලන් රථ 20 ක් යවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය බලධාරීන්ට දන්වා ඇත.

නාය යාමෙන් තුවාල ලැබූවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ඊට ආසන්න ප‍්‍රදේශවල වෛද්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කළ බවත්, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගංවතුරට අවතැන්වූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට වෛද්‍ය කණ්ඩායම් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කළ බවත් කෑගල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවේය.

මේ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18* දහවල් 1.20 ට පමණ හෙලිකොප්ටර් යානයකින් පැමිණ මෝටර් රථවලින් නාය ගිය ස්ථානය බැලීමට ගියේය. ජනාධිපතිවරයා විනාඩි දහයක පමණ කාලයක් එහි සිට පිටත්ව ගියේය. මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද ගුවනින් නායගිය ස්ථානය නිරීක්ෂණය කළේය.

ඊයේ සවස් වන විටත් නාය යාම සක‍්‍රියව පැවතීම හේතුවෙන් සවස 4.30 ට පමණ මෙහෙයුම් කටයුතු නතර කෙරිණි. ඊයේ සවස් වන විටදී ප‍්‍රදේශයට තදවැසි ඇදහැලෙමින් පැවති අතර, ප‍්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක්ද පැවතුණි. මෙහෙයුම් කටයුතු අද පෙරවරුවේ යළි ආරම්භ කිරීමට නියමිතය.

 

නිමල කොඩිතුවක්කු / උපාලි පේ‍්‍රමනාත් - කෑගල්ල/රහල තිලකරත්න - අරණායක


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews