X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ශ‍්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම හා සංවේදීත්වය දුටු තුර්කි ජාතික ඉංජිනේරුවරිය කදුළු පිරි දෙනෙතින් තැබූ ෆේස්බුක් සටහන


Views - 3179 |Tuesday 24th May 2016 09:10:18


ශ‍්‍රී ලාංකිකයන් යනු කවදත් අනෙකාගේ කරදරය හමුවේ සිත් උනු වන පිරිසක්. එවැනි අවස්ථා වල බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට ජාතිය ආගම හෝ කුල භේද මතක් වන්නේ නෑ. සියල්ල පසෙක දමා අනෙකා වෙනුවෙන් තමා සතු අන්තිම සතය දක්වා වුවද ඔවුන් පරිත්‍යාග කරන්නේ බොහොම සතුටින්. මෙම කරුණ දින කිහිපයක සිට ලංකාව මුහුණ දෙන ගංවතුර උවදුරේදීත් කැපී පෙනුනා. ශ‍්‍රී ලංකාවේ හැම ගමකින්ම පාහේ සහනාධාර කොළඹට හා අරනායක වැනි ප‍්‍රදේශ වලට ගගක් මෙන් ගලා ආවා. වෛද්‍යවරුන් තාප්ප මත වාඩි වී ලෙඩුන්ට ප‍්‍රතිකාර කළා.

ගමේ පන්සලේ හාමුදුරුවන් තමුන්ට දානය පිරි නමන අවතැන් වූ දායකයන් වෙනුවෙන් පනසලේ බත් පිසින්නට පටන් ගත්තා. කාර්යාල වල රස්සාව කිරීමට යන මිනිසුන් තම දහවල් කෑම පාර්සලය දුම්රිය පොළවල් වල ස්ථාපිත කර තිබු බංකු මත තබා ගියේ ඒවා කෙසේ හෝ අවතැන් වූ මිනිසෙකුගේ බඩගින්න නිවීම සදහා යැවීමටයි. සවි ශක්තිමත් පිහිනීමට හැකි දකුණේ කොල්ලෝ තමන්ගේ බෝට්ටුත් අරන් කොළඹට ඇවිත් වතුරට පැනලා මිනිසුන් බේරා ගන්න පටන් ගත්තා.මීට වසර 7කට පෙර යුද්ධය නිම කල රණවිරුවෝ නැවත දැවැන්ත මානුෂිය මෙහෙයුමක් පටන් ගත්තේ එදා අවසන් සටනේදී මිනිසුන් බේරා ගෙන තම අත් දෙකෙන් ඔසවා ගෙන එලියට පැමිණෙන දසුන් නැවත රග දක්වමින්.

පසු ගිය දින කිහිපය මෙවැනි සිද්ධීන් රැුසකින් සමන්විත වුනා. මෙම සිද්ධි දාමය දැකීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවේ සේවය කරන තුර්කි ජාතික ජීව රසායන ඉංජිනේරුවරියක වන පිනර් ටන්කි නමැති කාන්තාව ෆෙස්බුකියේ තැබූ සටහනක් මේ වන විට අන්ත්ජාලය පුරා හුවමාරු වෙමින් පවතිනවා. එහිදී ඇය ඇයගේ සේවා ස්ථානය මගින් සංවිධානය කරන සහනාධාර සැපයීමේ වැඩසටහනකට භාණ්ඩ මිලදී ගැනීම සදහා යුනියන් පෙදෙසේ ආර්පිකෝ සුපිරි වෙළඳ සංකීර්ණයකට ගොඩ උනා. එහිදී ඇයගේ නෙත් කදුලින් තෙත් කල සිදුවීමක් ගැනයි ඇය විසින් ෆෙස් බුකියට සටහනක් දමා තිබුනේ

මම අද අපේ සේවා ස්ථානය මගින් ගංවතුරින් අවතැන් වුවන්ට සහනාධාර සපයන වැඩසටහනක් සදහා ලබා දීමට වතුර බෝතල් , වියලි සලාක වැනි කුමක් හෝ මට දැරිය හැකි භාණ්ඩ තොගයක් මිලදී ගැනීමට සුපිරි වෙළඳ සැලකට ගොඩ උනා. නිතර නිතර ස්වාභාවික අනතුරු වලට ගොදුරැු වෙන රටක් වූ තුර්කියේ ජිවත් වූ මාගේ අත්දැකීම් අනුව මා සිතුවේ අවතැන් වුවන්ට දැඩි සහනාධාර හිගයක් පවතිනු ඇතයිද අනතුරට මුහුණ නොපෑ පිරිස එදිනෙදා වැඩ කටයුතු කිසිදු වෙනසකින් තොරව කර ගෙන යනු ඇතැයි කියායි. ( එම රටේ අවතැන් වුවන්ට සහන සැලසීමට මිනිසුන් ඉදිරිපත් වන්නේ ඉතාම අඩුවෙනි. ) 

සුපිරි වෙළද සංකීර්ණයකට ඇතුළු වූ විට මා දුටු දර්ශනයෙන් මා දැඩි සේ පුදුමයට පත් උනා. භාණ්ඩ මිලදී ගැනීම සදහා වෙළද සැලේ ඇතුලේ ඉතා දිග පෝලිම් රාශියක් තිබෙනු මා දුටුවා. ඔවුන් සියල්ලගේම බඩු මලූ පිරි තිබුනේ වතුර බෝතල් , හාල් . කිරි පිටි , සනීපාරක්ෂක භාණ්ඩ වැනි භාණ්ඩවලින්. කිහිප දෙනෙකු හැරෙන්නට ඔවුන් සියල්ලම පාහේ මේ බඩු මිලදී ගෙන තිබුනේ අවතැන් වු ඔවුන්ගේම මිනිසුන් වෙනුවෙන්.

මාගේ දෑස් කදුලින් තෙත් වන්නට පටන් ගත්තා. තුර්කිය තුල හෝ මා ජිවත් වූ ලොව කිසිම තැනක මෙවන් පරිත්‍යාගශීලි සංවේදී මිනිසුන් මා දැක තිබුනේ නෑ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය වැටුප තුර්කියේ අවම වැටුපටත් වඩා අඩුවෙන් පවතින තත්වයක් තුල මා කිසි විටෙකවත් ශ‍්‍රී ලාංකිකයන් මෙවන් අකාරයෙන් තම සොච්චම් වැටුප අනෙකා වෙනුවෙන් වියදම් කරාවි කියා සිතුවේ නෑ. මෙවැනි විශිෂ්ට සංවේදී ජාතියක් දුටු කල මනුෂ්‍යත්වය නැවත මිහිපිට ස්ථාපිත වී ඇති බව මා හට සිතුනා. මෙම ක‍්‍රියාව සමස්ත ලෝකයේම පැසසුමට ලක් විය යුතු යැයි මා සිතනවා.

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews