X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ජනපති කොමිසමට ගිය නලින් පෙරේරා එනකොට පුදුම හිතෙන දෙයක් දැකලා


Views - 2502 |Wednesday 1st June 2016 08:59:19


මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ඊයේ (31දා) ජනපති කොමිසම කරනු ලබන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීමට කැඳවා තිබුණා. හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ පිළිබඳව ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදුන් ඔහු ඒ පිළිබඳව පුවත්පතකට අදහස් දැක්වුයේ මෙලෙසින්.

“අපි මුලින් දුන්න Quotation අපි ඒ ආකාරයෙන් ඉදිරිපත් කළා. මම කියන්න ඕනා ඒවගේ විමර්ශනය කරන එක හොඳයි කියලා. මොකද ඒ අය කියන විදිහට එතන ගොඩාක් වියහියදම් වෙලා තියෙනවා. කිසිම ලියකිවිලි නැති ඒවා. මගේ ලියකියවිලි සහ ඒ අයගේ ලියකිවිලි සමාන වුණා. කිසි ගැටලුවක් නැහැ. මෙතැනදී ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නෙ, මේවා ප්‍රචාරය කරන විදිහෙන් අපිව හොරු ගාණට වැටෙනවනේ.

මම එම නිලධාරීන්ට කිව්වේ දහ පාරක් හරි අපිව කැඳවන්න මම ඇවිල්ලා ඒ සඳහා කටඋත්තර දෙන්නම් කියලා. අපි එදත් එකයි අදත් ඒ විදිහම තමයි. අපි වෙනසක් වෙලා නැහැ. අපි මීට පෙර ආණ්ඩුත් සමගත් වැඩ කරලා තියෙනවා. අපේ ගාණ අපි අය කරා, ගෙදර ආවා. කාටවත් කලු සල්ලි හම්බකරන්න අපි අතකොලුවන් වෙලා නැහැ සහ මගෙත් එක්ක කොහොමත් ඒ දේවල් කරන්නත් බැහැ. මම ඒ දේවල් සඳහා කැමති නැති මිනිහෙක්. මාව ඒවගේ දේවල් සඳහා මේ වෙනකම් කවුරුත් පාවිච්චි කරලත් නැහැ.”

“අද තියෙන්නේ දුප්පත් මාධ්‍ය ප්‍රතිපත්තියක්. හරි තොරතුරක් නෙවෙයි මිනිස්සුන්ට යවන්න කල්පනා කරන්නේ. මෙහිදී ඔවුන් කරන්නෙ මිනිසුන්ගේ අවධාන අනවශ්‍ය පැත්තකින් යොමු කරගන්න. මම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමග පමණක් නොවෙයි ජේ.ආර්. ජයවර්ධන යුගෙත් ආණ්ඩුත් සමගත් වැඩකරලා තියෙනවා. මට සරිලන මුදල මම අය කරලා මම වැඩකරනවා. ධනට පිනට කරලත් නැහැ.

ඒ නිසා මම කිසිසේත් පැකිළෙන්නෙත් නැහැ, හැංගෙන්නෙත් නැහැ. ප්‍රසිද්ධියේ හරි ඇවිල්ලා මේවා කතාකරන්න මම ලැහැස්තියි. හේතුව තමයි එක කලාකරුවෙක් හරි, දෙන්නෙක් හරි මේවයේ මොනවා හරි වැරැදි පැත්තක් කරලා තිබුණාම මේ රටේ ඉන්න සෑම කලාකරුවෙක්ටම ඒ ලේබල් එක වදිනවා. ඒක හරි අසාධාරණ ක්‍රමවේදයක්. ගොසිප් වෙබ් අඩවි, ඇතැම් පුවත්පත් මේ දේවල් ප්‍රකාශකරන විදිහේ වැරැද්දක් තියෙනවා. ඒ කියන්නෙ මිනිස්සුන්ගේ අවධානය ලක්කර ගන්න තමයි මේ දේවල් අනවශ්‍ය විදිහට උලුප්පන්නේ. නමුත් සාරාංශය ගත්තාම මේකේ ඇති දෙයක් නැහැ.”

මම විමර්ශන කොමිසමට ගිහිල්ලා එළියට එනකොට විවිධ මාධ්‍යකරුවන් කැමරා තියාගෙන ඉන්නවා. මට පුදුම හිතුණා මම අවුරුදු 27ක් තිස්සේ සිංදු කියනවා, අලුත් සිංදුවක් එළිදැක්වූවායින් පස්සෙ එක්කෙනෙක්වත් ඇවිල්ලා සිංදුව ගැන මේ වගේ පොරකාලා කවුරුවත් අහන්නෙ නැහැ. රටට හොඳට සොමියක් ගන්න පුළුවන් සිංදුවක් දුන්නාම ඒක ගැන හොයලා බලන්න අහන්න එන්නේ නැහැ. කොහේ හරි තියෙන කුණු කෑල්ලක් හොයන්න හරි උන්නදුවෙන්, උවමනාවෙන්, කැපවීමෙන් එනවා. මම ඒ අයට කිව්වා ඔය අය මේදේ දිගින් දිගට කරනවා වගේම අපේ අනිත් දේවල් ගැනත් හොයලා බලන්න එන්න කියලා. මොකද මාධ්‍ය කියන දේ සහ මාධ්‍යයෙන් දෙන දෙයක් දිහා බලලා තමයි මිනිස්සු තීන්දු තීරණ ගන්නේ. මම මෙයින් දකින ඛේදවාචකය තමයි, අපි දුක් මහන්සියෙන් අපේ නම් ගොඩනගා ගත්තේ. මේ වෙනකම් අපි කලු සල්ලිවලට වැඩ කරලත් නැහැ, කලු සල්ලි අතගාලත් නැහැ.”

“මගේ මේ දශක තුනක කාලයක් තිස්සෙ ආණ්ඩු කීයක් මාරු වුණාද?. අපි කාගෙවත් සාක්කුවකට බැස්සෙත් නැහැ, කාටවත් වැඩ කෙරුවෙත් නැහැ. ඉතිං මට මේක ගැන ප්‍රශ්නයක් නැහැ. මහින්ද රාජපක්ෂගෙන් මම සල්ලි අරගෙනත් නැහැ. දේශපාලනයි කියන කිසිම තලයක් සඳහා අපි වැටිලා නැහැ. ඉතිහාසයේ හොයලා බලපුවාම අපි කවුරුද කියන එක හොයා ගන්න පුළුවන්. ඒක නිසා බොහොම විවෘත මම මේකට සහභාගී වුණා. ඒ නිලධාරී මඬුල්ලත් හරිම සුහදශීලීව කතාබහ කළා. මම ගෙනිච්චි දේවල් සහ ඒ අයගේ දේවල් එක්ක බල්ලද්දී හරියටම සිද්ධ වෙලා තියෙනවා. මම එතැනදී දැක්කා මේ පිළිබඳව ලොකු අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා.

සමහර ඒවා සඳහා බිල් දාපු ඒවයි, සල්ලි ගෙවපු නැති ඒවයි එතැන ප්‍රශ්න ගොඩක්. මමත් කිව්වෙ දිගින් දිගට පරීක්ෂණ කරගෙන යන්න ඉදිරියට මාව අවශ්‍ය වුණොත් මට අඬගහන්න මම එනවා. කවදා හරි මේකේ කොණක් මතු කරගන්න එපැයි. මොකද අපි කැමති නැහැ  නරක නාමයක් අපේ ජීවිතවලට දාගන්න. මට දෙවියන්ගේ පිහිටෙන් මගේ කටහඬ තාම හොඳයි. මම දකින්නේ ඇතැම් මාධ්‍යකරුවන් මේක දඩබිම කරගෙන ඉන්නවා. අනවශ්‍ය ලෙස ප්‍රවෘත්තියක් දාලා බොරුවට ඒ සඳහා අවධානය ගන්න. විමර්ශනය හොඳ දෙයක්. මාත් ඒ පැත්තේ.”


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews