X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

ලක්ෂ 280, DISCOVERY 4 රථය එපා කියූ පාලිත තෙවරප්පෙරුමගේ ඉල්ලීම මෙන්න


Views - 66383 |Thursday 9th June 2016 09:56:06


ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස්‌ දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දාහත් කෝටි පනස්පන් ලක්ෂයක අමතර මුදලක්‌ ඉල්ලා පසුගියදා (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරනු ලැබිණි.

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ චක‍්‍ර‍ලේඛය අනුව මෙම වාහන මිලදී ගැනීම් සඳහා ප‍්‍රතිපාදන සලසා තිබේ.

2016.05.09 දින අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමයන් විසින් අමාත්‍යංශය මගින් ලබාදීමට තීරණය කල රුපියක් ලක්ෂ 280 ක නිල රථයට යන මුදල කලා කරුවන්ගේ අභිවෘද්ධිය සදහා යොදවනමෙන් ඉල්ලු ලේකම්වරයාට යැවූ ලිපිය මෙන්න.

 

ලේකම්තුමා 2016.05.09 
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශය 
සෙත්සිරිපාය 
බත්තරමුල්ල
හිතවත් ලේකම්තුමණි,


ලබාදීමට යෝජනා වී ඇති මාගේ නිල රථය සම්බන්ධවයි
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා පත් වූ දා සිට මාගේ වරප්‍රසාද පහසුකම් හා රාජකාරි කටයුතු කරගෙන යාම පහසුකරවිම පිණිස ගරු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමාගේ උපදේශකත්වයෙන් ඔබතුමාගේ මගපෙන්වීමෙන් කාර්යමණ්ඩලයේ අනුග්‍රහය ඇතිව මා හට දැක්වූ සහයෝගයට හා කැපවීමට මම කෘතඥ වෙමි.


ලේකම්තුමණි,
අද වනවිට මෙම සමාජය තුල දේශපාලඥයා පිලිබදව පිලිසිද ගෙන ඇති මතය යහපත් ප්‍රවණතාවයක නොමැති බැව් අත්දැකීම් බහුල නිලධාරියකු ලෙස ඔබතුමාට අමුතුවෙන් සදහන් කල යුතුව ඇතැයි මම නොසිතමි.අපගේ ජනතා මෙහෙවර ජනතාවට වීනා අපගේ පැවැත්ම උදෙසා නොවියයුතු බව මා තරයේ විශ්වාස කරන දේශපාලන ධර්මතාවයි.අද වන විට ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්කම පිළිබද ගැටලුවට නිසි පිළිතුරක් අපට සැබෑ ලෙසම ඇද්දැයි යන්න ප්‍රශ්නයකි.සම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහයෙන් මිදී ජනතා මෙහෙවරක මම යෙදී සිටින බැව් සකල ශ්‍රී ලංකා වාසි ජනතාවම හොදින් අවබෝධ කරගෙන ඇතැයි මම තරයේ විශ්වාස කරමි.


ලේකම්තුමණි
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ඇරඹුණු මාගේ දේශපාලන ජීවිතය තුල මේ මොහොත දක්වාම වෙනත් කිසිදු චෝදනාවකට ලක්නොවී මා කටයුතු කරනුයේ ජනතාවගේ සැබෑ අභිලාශය මුදුන් පමුණුවා ගැනීම උදෙසා ආදර්ශමත් දේශපාලඥක් ගෙන් අපේක්ෂා කරන සේවය ඔවුනට නොඅඩුව ලබාදීම මාගේ ප්‍රමුඛ හා එකම අදිෂ්ඨානය වන බැවිනි.ප්‍රාදේශීය සභා සභාපතිවරයා වශයෙන් කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාද ලබා නොගෙන ජනතා මෙහෙවරක නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස අද මම පළාත් සභා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර පසුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස අද වන විට වගකීම් සහගත භුමිකාවකට අවතීරණය වී ඇත්තෙමි.


ලේකම්තුමණි,
මෙම කරුණු ඔබතුමාගේ දැනගැනීම පිණිස මා සදහන් කර සිටියේ මා ගනු ලබන මෙම තීරණයේ පසුබිම කුමක්ද යන්න ඔබතුමාට වටහා ගැනීම පහසුකරවිම පිණිසය.ඒ අනුව අමාත්‍යංශය මගින් මා හට ලබාදීමට තීරණය කල රුපියක් ලක්ෂ 280ක් පමණ වටිනා Discovery 4 රථය ලබාගැනීම මම ස්තුති පුර්වකව ප්‍රතික්ෂේප කරන බැව් මෙයින් ඔබතුමා වෙත දැනුම් දෙමි.මාගේ රථය සදහා වෙන්කළ එම මුදල් සම්භාරය කලා කරුවන්ගේ අභිවෘර්ධිය සදහා වූ වැඩසටහනකට යොදවන මෙන් ඉල්ලා සිටිමි .
මෙයට හිතවත්
පාලිත තෙවරප්පෙරුම (පා .ම)

Untitled-1


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews