X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

හේමාල්ගේ ආදරයට වහවැටුණු දිනක්ෂි සහ ශේෂාද්‍රිට අවසානේට මොකද වුණේ ?


Views - 14049 |Monday 15th August 2016 15:51:23


ලොව පුරා නොයෙක් වර්ගයේ ච්ත්‍රපට නිර්මාණය වෙමින් පවතී. ඒ අතරින් ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වන චිත්‍රපට ලොව පුරා කොතෙක් දක්නට ලැබුණත් ශ්‍රී ලංකාව තුළ එම අත් දැකීම ඉතා නුහුරු දෙයක් වීම සුලභ දසුනක් වුවද දේශීය අධ්‍යක්ෂකවරයෙකු යටතේ ත්‍රිමාණ තාක්ෂණ චිත්‍රපටයක් මේ දක්වා නිර්මාණය වී නොතිබුණි.

මෙම අඩුව පුරවාලමින් සමීර වක්වැල්ල නම් ආධුනික අධ්‍යක්ෂකවරයා ZOOM යනුවෙන් නවතම ත්‍රිමාණ තාක්ෂණ චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. මෙම චිත්‍රපටය මුලින්ම නිර්මාණය වූයේ ද්වි තාක්ෂණය (2D) උපයෝගී කරගෙනය.

පසුව එය ත්‍රිමාණ තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීම සිදුවිය. සිංහල සිනමා වංශකතාවට අළුත් පිටුවක් පෙරළන ත්‍රිමාණ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය වූ මෙම කලා කෘතියේ සුවිශේෂත්වය වන්නේ එම නිර්මාණය සියයට සියයක්ම අපේ රටේ ශිල්පීන් අතින් නිම වීමයි.

නමුත් යම් යම් තාක්ෂණික අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් විදේශීය සමාගම් වලින් පරිගණක මෘදුකාංග මිලදී ගැනීමට සිදුවිය. තවත් අවස්ථාවලදී එම මෘදුකාංග තවත් සමාගම්වල මෘදුකාංග සමග බද්ධකර දෙමුහුං ආකාරයෙන් තාක්ෂණික අවශ්‍යතා සපුරා ගැනීම සිදුවිය. එමෙන්ම මෙහි වර්ණ හා ශබ්ද තාක්ෂණය ද අපේ රටේ නිර්මාණ ශිල්පීන්ගේ සුවිශේෂී පර්යේෂණාත්මක සාර්ථක කඩ ඉමක් පසුකලා යැයි සිතීමට පුළුවන. නමුත් ZOOM යනු හුදෙක්ම පර්යේෂණාත්මක සිනමා කෘතියක් නොවන බවද කිව යුතු වේ.

නූතන තාරුණ්‍යයේ හැගීම් දිග හරිමින් ගුප්ත අමනුෂ්‍ය ආත්මයන් හා ජීවත්වන සැබෑ මිනිස් ආත්මයන් ගැන වූ කතා වස්තුවක් මෙම නිර්මාණය තුළින් අපට දැක ගත හැකිය.

එක් එක් ආත්මවල මනෝභාවයන් හි ඇතිවන ගැටළු සහගත තත්ත්වයන්ගෙන් මිදීම සදහා "ප්‍රේමය" සාධකයක් කර ගන්නා අයුරු මෙම නිර්මාණයෙන් ප්‍රකාශ කර ඇත.

මෙම සිනමා කෘතියට ZOOM film production ආයතනය නිෂ්පාදනයෙන් දායක වී ඇති අතර සංගීතය රවිහාන්ස් වටකෙපොත විසින් අධ්‍යක්ෂණය කර තිබේ. මෙහි පසු නිෂ්පාදනය සිදු කර ඇත්තේ Fine Vision ආයතනයයි.

www.raw.lk 1zoom film www.raw.lk 2zoom film www.raw.lk 3zoom film


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews