X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

මම අලියට කිව්වා අපිට කරදර නොකර යන්න කියලා - ඒත් ඌ සියල්ල විනාශ කළා


Views - 5634 |Friday 26th August 2016 09:11:14


මියගොස්‌ සිටින මගේ බිරිඳ උදේ මිදුල අතුගාමින් සිටියා. උදේ 6.45 ට පමණ වල් අලියෙකු අපේ ගෙදර පැත්තට එනවා මම දැක්‌කා. ඒ වෙලාවේ මම අලියට කිව්වා “අපිට කරදර නොකර යන්න” කියලා. ඒ එක්‌කම අලියා මගේ පිටුපස එළවන්න වුණා.

මම දුවන ගමන් බිරිඳට කිව්වා ගෙට දුවන්න ගෙට දුවන්න කියලා. එසේ කියමින් මම වෙන පැත්තකට දිව්වා යෑයි පසුගිය 11 දින උදැසන සූරියවැව මීගහජඳුරේදී වල් අලියෙකු පහරදීමෙන් මරණයට පත්වූ එක්‌දරු මවගේ මරණය පිළිබඳව පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් ඇයගේ සැමියා වන වික්‍රමආරච්චි කංකානම්ගේ කමල් නිශාන්ත (42) යන අය එසේ පැවැසීය.

සූරියවැව මීගහජඳුර දෙවැනි පියවර පදිංචි සිංආරච්චිගේ චන්ද්‍රනි (42) යන අය එසේ මරණයට පත්වී තිබුණ අතර මරණය පිළිබඳව හදිසි මරණ පරීක්‍ෂණය සූරියවැව හදිසි මරණ පරීක්‍ෂක විඡේදාස විදානගම මහතා ඉදිරිපිටදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් සාක්‌කිකරු මෙසේද කීය.

මියගොස්‌ සිටින චන්ද්‍රනි මීට මාස පහකට පමණ පෙරදී සිට මා සමග අඹු සැමියන් හැටියට ජීවත් වෙනවා. ඇයගේ පුරුෂයා වසර එකහමාරකට කලියෙන් ඇය අතහැර ගිය නිසා ඇය මාත් සමඟ එකට ජීවත් වීමට පැමිණියා. මගේ නීත්‍යානුකූල බිරිඳ මා අතහැර ගොස්‌ අවුරුදු හයක්‌ පමණ වෙනවා. මම රැකියාව ලෙස වඩු වැඩ කරනවා.

මියගොස්‌ සිටින බිරිඳ මිදුල අතුගාමින් හිටියා. උදේ 6.45 ට පමණ වල් අලියෙකු අපේ නිවස දෙසට එනවා මම දැක්‌කා. ඒ වෙලාවේ මම අලියාට කිව්වා “අපිට කරදර නොකර යන්න” කියලා. ඒ එක්‌කම අලියා මගේ පිටුපස එළවන්න පටන් ගත්තා. මම දුවන ගමන් බිරිඳට කිව්වා ගෙට දුවන්න ගෙට දුවන්න කියලා. එසේ කියමින් මම වෙන පැත්තකට දිව්වා.

මම අල්ලපු ගෙදර මහින්දගේ ගෙදරට දුවගොස්‌ ඒ ගෙදර අය සමඟ ගෙට වැදී දොර වසා ගත්තා. විනාඩි 10 කින් පමණ එහි සිට අලියා යන්න ඇතැයි සිතා එළියට බැස මම අපේ ගෙදරට දිව්වා.

එසේ ඇවිත් බලන විට මගේ අවුරුදු 10 ක්‌ වයසැති දියණිය ඇඳ යට ගුලිවී ඉන්නවා දැක්‌කා. මගේ දරුවන් මේ බිරිඳට කියන්නේ නැන්දා කියලයි. මම ඇයගෙන් ඇහුවා නැන්දා කෝ කියලා. එවිට ඇය කිව්වා මම දන්නේ නෑ කොහාට ගියාද කියලා. ඒ අනුව මම බිරිඳට කතා කරමින් අවට සෝදිසි කර බලන විට අල්ලපු ගෙදර මහින්දගේ නිවසේ වැසිකිළිය ළඟ ඇය වැටී ඉන්නවා දැක්‌කා. ඇය ළඟට ගොස්‌ බලන විට අලියා ඇයට පහරදී ඇති බව දැක්‌කා. ඇය එම ස්‌ථානයේදී මියගොස්‌ ඇති බව මට වැටහුණා.

සූරියවැව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්ද්‍රදාස වීරසිංහ මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සහ ඉදිරිපත්වූ සාක්‍ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙය වල් අලියෙකුගේ ප්‍රහාරයකින් හිසට සහ මොළයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් වූ හදිසි මරණයක්‌ බවට තීරණය කළේය.

මියගිය කාන්තාවගේ පුතා වන කැකිරි ඕබඩගමගේ දිලිප් නුවන් යන අයද සාක්‍ෂි දුන් අතර සූරියවැව පොලිසියේ කොස්‌තාපල් පී. අබේසිංහ (6789) මහතා සාක්‍ෂි මෙහෙය විය..

රන්න – දයා නානායක්‌කාර
දිවයින


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews