X

Print

LATEST NEWS

බිමත්ව රිය පැදවූ හිටපු ඇමතිගේ පුතාට උසාවියෙන් දුන් තීන්දුව කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට ශ්‍රීලංකන් හිටපු CEO සහ බිරිඳ රිමාන්ඩ් ප්‍රගීත්ගේ නඩුවේ සාක්ෂිවලට අදාළ දුරකථන ඇමතුම් පරික්ෂා කරන්න අවසර ලංකාවේ 1,063,383 ‌බේබද්දෝ එජාපෙට නව මහලේඛම් කෙනෙක් පාසල් නිළ ඇඳුම් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි නිදහස් උත්සවේ ජාතික ගීය සිංහලෙන් විතරයි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සජිත් ඇතුළු 35ක් වර්ජනය කරයි කොරෝනා නිසා ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි නව කොරෝනා වෛරසය නිසා 106ක් මිය යයි කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැන ගැනීමට දුරකථන අංක 2ක් හදුන්වා දෙයි රංජන්ගේ හඬ පට සභා ගතකර නැහැ - කථානායක කරු ජයසූරිය අසර්බයිජාන්හිදී ජීවිතක්ෂයට පත්වූ සිසුවියන් තිදෙනාගේ දේහයන් දිවයිනට රන්ජන් රිමාන්ඩ්

 

 

 

iPhone පාවිච්චි කරන අයට විශේෂඥයින්ගෙන් දාඩිය දාන පණිවුඩයක් මෙන්න


Views - 3452 |Saturday 27th August 2016 10:41:13


අයිෆෝනයේ වූ දත්ත සියල්ල හොර රහසේ පිටස්තරයෙකු වෙත ලබාගැනීමට හැකි මැල්වෙයාර් මෘදුකාංගයක් හෙවත් වෛරසයක් පිළිබඳව මෘදුකාංග ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් විසින් පසුගියදා (25) අනතුරු අඟවා තිබුණා.

ඊශ්‍රායලය කේන්ද්‍ර කරගත් මෘදුකාංග ආයතනයක් විසින් මෙම මැල්වෙයාර් මෘදුකාංග නිපදවා ඇති බව සොයාගෙන ඇති අතර, මෙම ආයතනය විසින් ජංගම දුරකථනවල තොරතුරු රහසිගතව ලබාගත හැකි මෙම මෘදුකාංග විවෘත වෙළෙඳ පොළේ අලෙවි කරන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් ලෝකයේ විවිධ රටවල් රජයයන් බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව, මෙම අනතුරුදායක මෘදුකාංගය පිළිබඳව ඊයේ දිනයේදී සැලවත්ම ඇපල් සමාගම විසින් සිය IOS මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග යාවත්කාලීන කිරීමේ සංස්කරණයක් ඇපල් පරිශීලකයන් වෙත ලබාදී තිබූ අතර, එය අදාළ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වූ ක්ෂණික ක්‍රියාමාර්ගයක් බවද සඳහන් වෙයි.

මෙම සොයාගැනීම සිදුකළ මෘදුකාංග විශේෂඥයන් පවසන්නේ විවිධ රජයන් විසින් ජනමාධ්‍යවේදීන්ගේ හා විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීම සඳහා පෙර කී ඊශ්‍රායල් සමාගමෙන් මැල්වෙයා මෘදුකාංග මිලදී ගන්නා බවයි. ඒ අනුව, විවිධ ජාත්‍යන්තර සංවිධාන, ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හා ප්‍රමුඛ තාක්ෂණික සමාගම් ලෙස ව්‍යාජ ඩොමේන් නාම යොදාගනිමින් මෙකී මැල්වෙයාර් මෘදුකාංග ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන්ගේ ජංගම දුරකථන තුළට ඇතුළු වන බවද විදෙස් වාර්තා පවසයි.  

මෙය ඇතැම් විට කෙටි පණිවුඩයක් ලෙසද ලැබෙන බවත්, එය අදාළ ජංගම දුරකථන පරිශීලකයා වෙත ඔහුට අත්‍යවශ්‍ය ආයතනයක හෝ පුද්ගලයෙකුගේ හෝ තොරතුරක අන්තර්ජාල පිවිසුමක් ලෙස මෙම කෙටි පණිවුඩය ලැබෙන බවත් සඳහන් වෙයි.

මෙය කලින් සඳහන් කළ ආකාරයේම ව්‍යාජ ඩොමේන් නාම භාවිතයක් වන අතර, එහිදී, එකී පරිශීලකයා අදාළ වෙබ් පිටුව වෙත යොමුව ලබාදෙන විට, මැල්වෙයාර් මෘදුකාංගය හෙවත් වෛරසය ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනයට රහසේම පිවිස එහි වූ සියලු දත්ත පිටස්තරයෙකු අතට පත්වීමට සලස්වන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews