X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

සුරූපී ගුවන් සේවිකාවකගේ හද සසල කරවන නොඇසූ කතාවක් - PHOTOS


Views - 47537 |Tuesday 13th September 2016 13:46:35


1963 සැප්තැම්බර් මස ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ චන්දිගර්හිදී නීර්ජා භානොට් නමින් දියණියක් උපත ලැබුවාය. හරිෂ් භානොට් හා රාමා භානොට් ඇගේ දෙමව්පියන් වූවාය.

ඇගේ ප‍්‍රථමික අධ්‍යාපනයෙන් පසු නීර්ජා ඇතුලූ‍ පවුලේ සියලූ‍ දෙනාම මුම්බායට පැමිණෙන්නේ ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට හා නීර්ජාගේ පියා වන හරිෂ් භානොට්ගේ රැකියා කටයුතු සදහායි.

නිරුපිකාවක් ලෙස ඇය මෝස්‌තර නිරූපන ක්ෂේත‍්‍රයට පිවිසෙන අතර හරිෂ් භානොට් ඉන්දියානු පුවත් පතක කතුවරයෙකු ලෙස සේවයට එක්විය.

පසුව නිරූපන ක්ෂේත‍්‍රයට සමු දෙන ඇය ගුවන් සේවිකාවක් ලෙස පෑන් ඈම් (Pan Am) ගුවන් සේවය සමග එක වන්නේ ගුවන් සේවිකාවක් වීමට ඇය තුල තිබු කැමැත්තට ඉඩ වෙන්කරමින්.

ඉන්දියාව හා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් (Frankfurt) ගමනාන්ත අතර පෑන් ඈම් ගුවන් සේවය විසින් ක‍්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් සදහා නීර්ජාගේ සේවාව ලබා ගත් අතර ඇය ඉතා ඉක්මනින්ම ප‍්‍රධාන ගුවන් සේවිකාවක් වන්නට තරම් දක්ෂ වූවාය.

නීර්ජාගේ පියාගේ තීරණයකට අනුව ඇයගේ විවාහය සිදුවූ නමුත් විවාහයෙන් පසු නීර්ජා ඇයගේ සැමියා සමග ඇති වූ යම් ආරවුල් නිසාවෙන් තම සැමියාගෙන් වෙන් වී තම දෙමවුපියන් සමගම ජීවත්වීමට ඇය තීරණය කළාය.

1986 සැප්තැම්බර් 5 වන විට ඇයගේ 23 වන උපන් දිනයට තිබුණේ දින දෙකක් පමණි.

සුපුරුදු පරිදි පෑන් ඈම් ගුවන් යානය (Pan Am Flight 73) මුම්බායි ගුවන් තොටුපලින් අහසට නැගුනේ පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපලේ ගොඩ බෑමෙන් පසු ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් වෙත ආරක්ෂාකාරී ලෙස පියාසර කිරීමේ අරමුණ ඇතිවය.

ඒ වනවිටත් අබු නිදාල් සංවිධානයට(Abu Nidal Organization) අයත් ත‍්‍රස්තවාදීන් 4 දෙනෙක් මගින් 361 කගේ හා ගුවන් කාර්යමණ්ඩලයේ 19 දෙනෙකුගේ ජිවිත බිලි ගැනීමට සැලසුම් කර තිබුණේය.

පෑන් ඈම් 747 ගුවන් යානයේ රෝද ධාවන පථය සුමටව ස්පර්ශ කලේ සියල්ල හොදින් යැයි සැම දෙනාටම ඒත්තු ගන්වමිනි.

ඒ වනවිටත් ත‍්‍රස්තවාදීන් ගුවන් යානය අසලට ආයුධ සන්නද්ධව වෑන් රථයකින් ලගා වෙමින් සිටියේය.

සැමගේ සිත්වලින් හටගත් සතුට මැකී ගියේ ගුවන් යානයේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් වෙත වෙඩි වරුසාවක් එල්ලවීමත් සමගය.

සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට නොහැකිව සිටින විට නීර්ජා තම සහෝදර ගුවන් සේවිකාවන්ට ගුවන් යානයේ දොරවල් වසන ලෙස අණ කළාය.

නමුත් ත‍්‍රස්තවාදීන්ට ගුවන් යානය තුලට කඩා වැදීමට හැකි විය.

නැවතත් වහා ක‍්‍රියාත්මක වූ නීර්ජා ගුවන් නියමුවන් හට ඇති වී ඇති තත්වය පැහැදිලි කල අතර ගුවන් නියමුවන් හදිසි පලායෑමේ දොරටුවෙන් ගුවන් යානයෙන් පලා ගියහ.

යම් හෙයකින් නීර්ජා වහා ක‍්‍රියාත්මක නොවී නියමුන් තව දුරටත් ගුවන් යානයේ රැදී සිටියා නම් ත‍්‍රස්තවාදීන්ගේ ඉල්ලීම පරිදි ගුවන් යානයට සයිප‍්‍රසය බල පියාසර කිරීමට සිදු වනු ඇත.

ත‍්‍රස්තවාදීන්ගේ අරමුණ වී ඇත්තේ ගුවන් යානය සයිප‍්‍රසය බලා පියාසර කරවා එහි සිර ගෙදර සිටින ඔවුන්ගේ ආධාර කරුවන් පිරිසක් නිදහස් කර ගැනීමයි.

යම් හෙයකින් එසේ නිදහස් කර ගැනීමට හැකියාව නොලැබුන හොත් ත‍්‍රස්තවාදීන් විසින් ගුවන් යානය උඩු ගුවනේදීම පුපුරවා හැරීමට සැලසුම් කර තිබිණි.

ත‍්‍රස්තවාදීන් නියමුවන් නැවත ගුවන් යානය වෙත එවන ලෙස නියෝග කල අතර ගුවන් නියමුවන් ඒමට සිදු වන ප‍්‍රමාදය නිසා සියලූ‍ම ඇමරිකානුවන් ඝාතනය කිරීමට ත‍්‍රස්තවාදීන් තීරණය අතර ඇමරිකානුවන් සොයාගැනීමට සියල්ලන්ගේම ගුවන් ගමන් බලපත‍්‍ර එකතු කරන ලෙස ත‍්‍රස්තවාදීන් නීර්ජාට නියෝග කර තිබෙනවා.

නීර්ජා සියලූ‍ම ඇමරිකානු ගුවන් ගමන් බලපත‍්‍ර සගවා අනෙකුත් ගුවන් ගමන් බලපත‍්‍ර පමණක් ත‍්‍රස්තවාදීන් වෙත ඉදිරිපත් කිරීමෙන් ගුවන් යානයේ සිටි ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ ජීවීත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා.

තව තවත් කාලය ඉක්ම යන නිසා ත‍්‍රස්තවාදීන් මගීන්ට වෙඩි තැබීමට කටයුතු කල අතර නීර්ජා ගුවන් යානයේ එක් දොරක් විවෘත කිරීමට සමත් වීම නිසා ආරක්ෂක බටයන් හට ගුවන් යානය තුලට ඇතුලූ‍ වීමට හැකියව ලැබුණි. සියලූ‍ම මගීන් හා කාර්ය මණ්ඩලය ගුවන් යානයෙන් පිට වනතුරු ගුවන් යානයෙන් පිට නොවූ නීර්ජා කුඩා ළමුන් තිදෙනෙක් ගුවන් යානයේ දොර වෙත රැගෙන යමින් සිටියදී එක් ත‍්‍රස්තවාදීයෙක් එල්ල කල වෙඩි ප‍්‍රහාරයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට යාමේදී වෙඩි වැදී මියගොස් තිබෙනවා.

ඇගේ 23 වන උපන් දිනයේ නීර්ජාගේ මෘතදේහය ඉන්දියාවට රැගෙන එන අතර ඇගේ මවට උපන් දින ත්‍යාගය පිරිනැමීමට වන්නේ නීර්ජාගේ මෘතදේහයටයි.

ඇය ඉටු කල අමිල සේවය වෙනුවෙන් ඉන්දියාවේ මිනිසෙකුට පිදෙන ගෞරවාන්විතම ප‍්‍රදානය වන අශෝක චක‍්‍ර සම්මානයෙන්ද පිදුම් ලබයි. පාකිස්ථානයෙන් හා ඇමරිකවෙන්ද ඇය වෙත විශේෂ සම්මාන පිරිනැමූ අතර 2016 වර්ෂයේදී ”‍Neerja”‍ නමින් චිත‍්‍රපටයක්ද නිර්මාණය කර තිබෙනවා.

neerja-bhanot1_1455696997_725x725

neerja_neerja-bhanot-pic-10_bhanot-family

neerja_neerja-bhanot-pic-17_bhanot-family

neerja_neerja-bhanot-pic-41_bhanot-family

neerja_poster_bhanot-family

neerja-bhanot-1

neerja-bhanot


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews