X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

අතුරුදන් වුණු මහියංගනේ දැරියන් දෙන්නා තරුණයන් දෙන්නෙක් එක්ක පවුල් කද්දී මාට්ටු


Views - 4138 |Wednesday 28th September 2016 11:05:17


මහියංගනය, ඌරණිය, මැදගෙදර ප්‍රදේශයෙන් අතුරුදන්ව Missing සිටි 15 හැවිරිදි බාලවයස්‌කාර තරුණියන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 21 ක්‌ සහ 23 ක්‌ වයසැති තරුණයන් දෙදෙනකු සමඟ මිනුවන්ගොඩ බෝලානගම ප්‍රදේශයේ පවුල් කමින් සිටියදී මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඉකුත් 23 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

එක්‌ යුවළක්‌ ඉකුත් අගෝස්‌තු මස 04 වැනිදා නිවාසවලින් අතුරුදන් වී මිනුවන්ගොඩ බෝලානගම ප්‍රදේශයේ කොහු ආශ්‍රිත භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයක සේවය කරමින් එහි නැවතී සිට ඇති බව පවසන පොලිසිය පලාවිත් තිබූ තරුණියගේ සොහොයුරා ද ඔහුගේ පෙම්වතිය සමඟ එම ස්‌ථානයට පැමිණ එම වැඩපොළේ සේවය කරමින් එහි නැවතී සිට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

තරුණියන් දෙදෙනා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 24 වැනිදා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කළ අතර එක්‌ තරුණියක්‌ රුපියල් ලක්‍ෂය බැගින් වූ බැඳුම්කරයක්‌ මත තරුණියන් දෙදෙනාම ඔවුනගේ මවුවරුන් දෙදෙනා වෙත මුදාහළ මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් සරල කරුණාරත්න මහතා විඡේතුංග මුදියන්සේලාගේ දිනේෂ් සඳරුවන් (23) නමැති අයට ලබන 27 වැනිදා මහියංගනය මහෙස්‌ත්‍රාත් අධිකරණයටත් පරයිදල පහලකන්දලාගේ ධනුෂ්ක මංජුල (21) නමැති අයට ලබන 28 දක්‌වා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කරන ලෙසට නියම කරමින් සැකකරුවන් දෙදෙනාව එම දිනයන් දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජීවක රාජපක්‍ෂ, ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‍ෂක සේනාධීර, කොස්‌තාපල් තිවංක (55450) යන නිලධාරීන් සහ නිලධාරිනියන් සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වූ බවට අධිකරණයේදී සඳහන් විය. උප පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. ඩී. රත්නායක මහතා පැමිණිල්ල මෙහෙයවිය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews