X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

අගමැතිගේ නවසීලන්ත ගමනට පාර කැපුනෙ මෙහෙමයි - PHOTOS


Views - 4122 |Monday 3rd October 2016 11:04:26


රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම විෂයයෙහි, වත්මන් යහපාලන රජයට ඇති පරිචය යළිදු වතාවක් පෙන්නුම් කරමින් නවසීලන්ත රාජ්‍ය නයකයා ලංකාවට පැමිණියේ මේ වසරේ පෙබරවාරි මාසයෙදීය. එය වත්මන් නවසීලන්ත අගමැතිවරයාගේ පලමු නිළ රාජතාන්ත්‍රික ලංකා සංචාරයද විය. එහිදි ජෝන් කී මහතාගේ පරිවාර අමත්‍යවරයා වශයෙන් කටයුතු කළේ වත්මන් විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාය.

වත්මන් රජය බලයට ගෙන ඒමට මුල් වෙඩිමුරය තැබූ හරින් ගැන අගමැති රනිල් ජෝන් කීට කියා සිටියේ ද මේ ඉන්නේ දේශපාලන තරගයේ, වත්මන් තරඟයේ වීරයා බවයි. එමෙන්ම නවසීලන්ත අගමතිවරයා ගේ පළමු නිළ සංචාරයේදීම ඔහු අපට ලබා දුන් බලාපොරොත්තු විශාලයි. එහි ප්‍රතිපළයක් වශයෙන් එතුමාගේ තෙදින නිළ සංචාරය අවසන් වීමත් සමග විශේෂ අරාධනයක් එතුමා විසින් කලේය. ඒ පරිවාර අමාත්‍යවරු භාරව කටයුතු කල හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරට නිළ සංචාරයකට ඇරයුම් කරමිනි.

එහි මූලික අවශ්‍යතාවය වූයේ දෙරට නායකයින් ලංකාව තුලදි සාකච්ඡා කරගත් ඉදිරි වැඩ පිලිවෙල සම්බන්දයෙන් මූලික පියවර තැබීමටය. ඊට ඔහු හරින් අමත්‍යවරයා තෝරා ගත්තේද වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතගේ විශ්වාසය සහ එතුමා විසින් හරින් පිලිබදව නවසිලන්ත අගමැතිවරයාට තරඟයේ වීරයා යනුවෙන් දුන් නිර්දේශය නිසාමය. එහිදි ජෝන් කෙරී මහතා කියා තිබුනේ ද තරගයේ වීරයම එහෙනම් මේ වැඩේ පටන් ගන්න මුලින්ම එන්න කියාය.

එහි ප්‍රතිපලයක් වශයෙන් ඉන් මාස කිහිපයකට පසු විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා නවසිලන්ත අගමැතිවරයාගේ ආරාධනය පරිදි එරට දින 4ක නිළ සංචාරයක නිරත විය. එහිදී නවසිලන්ත විදේශ කටයුතු අමාත්‍යාවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමග ද, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා සමග ද, සාර්ථක සාකච්ඡා කිහිපයක් එරට පාර්ලිමෙන්තු සංකීර්ණයේ පැවැත්විනි.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 70% ක් කෘෂිකර්මාන්තය හරහා අදායම් උපයන හේතුවෙන් කිරි නිෂපාදනය ද නව තාක්ෂණික උපාය මාර්ග හරහා සහ ඒ සම්බන්ද තාකශනික අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා ෆොන්ටෙරා ආයතනයත්, විශ්වවිද්‍යලයත් සමග අනාගත ආයෝජන පිළිබද සාකච්ඡා විය. තවද ඒ හරහා නව තාක්ෂණික අධ්‍යාපනික ක‍්‍රම මගින් තරුණ, තරුණියන් කෘෂිකර්මන්තයට ඇතුලත් කරගනිමින් වඩාත් ඵලදායි සහ සාර්ථක කෘෂිකර්මාන්ත ව්‍යුහයක් ඇති කර ගැනීම පිලිබදව පළමු වටයේ සාකච්ඡා පැවැත්වූ බව සදහන් විය.

නවසීලන්ත රගර් ආයතනයේ ආරාධනය පරිදි එහි ගිය අතර එහිදී ශ‍්‍රී ලංකා රගර් ක‍්‍රිඩාව ජාත්‍යන්තර තලයට ගෙන යෑමට අවශ්‍ය කරන තාක්ෂණික සහ පුහුණුකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සහ ශ‍්‍රී ලංකා පුහුණුකරුවන් ජාත්‍යන්තර තලයේ පුහුණුකරුවන් බවට පත්කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් ද සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බව සදහන් විණි.

සිව් දින චාරිකාව අවසානයේ අමත්‍යවරයා මෙරටට පැමින මේ පිලිබදව මුල් වෙඩි මුර තැබීය. විශේෂයෙන් රගර් ක්‍රිඩාව සමබන්ධයෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක් කිරීමටද කටයුතු කල අතර තමන්ට නවසීලන්තයෙන් ලැබුන රගර් ජර්සිය අලෙවි කර ඉන් ඉසිපතන විද්‍යලයේ රගර් අනාගතය වෙනුවෙන් යොදවනු ලැබීය.

ඉන් අනතුරුව යලි පසුගියදා එරට අගමැතිවරයගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍යවරයා සමග හරින්ට ද නිළ සංචාරයක් සදහා යලි නවසීලන්තයෙන් ආරාධනා ලැබුනි. ඊට සාගල රත්නායක අමත්‍යවරයාද හර්ශ ද සිල්වා අමත්‍යවරයා ද සහභාගී විය. එහිදී දෙරට අතර විශේෂ වැදගත් කමකින් යුත් ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා විය.

එම සංචාරයෙදි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇතුළුව ජාතික සංහිදියා වැඩපිළිවෙළ නවසීලන්තයේ ඇගැයීමට ලක්වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඔස්සේ සාමකාමී සංවර්ධිත රාජ්‍යයක් කරා නිවැරදි ගමන් මගකට අවතීර්ණ වී ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ප්‍රකාශ කල බව සදහන් වෙයි.

පසුගියදා (01) උදෑසන නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසුව ජනමාධ්‍ය අමතා ජෝන් කී මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කෘෂිකර්ම, සත්ව ගොවිපොල, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගණනාවක පමණක් නොව රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට නවසීලන්තය කටයුතු කරන බවය.එය පළමු නිළ සංචාරයේදී එතුමා විසින් අමත්‍ය හරින් ප්‍රනන්දු මහතාට දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි.

කලාපීය හා ජාත්‍යන්තර සංසඳවලදී ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ක්‍රියාශීලී දායකත්වය අගය කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දෙරට අතර එළැඹෙන එකඟතා සහ ගිවිසුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම දෙපාර්ශවයේම අභිප්‍රාය බව ද පැවසීය. 

මෙහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පෙන්වා දුන්නේ, ලෝකයේ විවිධ රටවල් සමග ද්විපාර්ශවික ගිවිසුම්වලට එළැඹිම රටක සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් වන අතර එවැනි ගිවිසුම් සියයට සියයක්ම ක්‍රියාත්මක කරලීමෙන් අදාළ පාර්ශවයන් දෙකටම ජයග්‍රාහී ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බවය.

නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ශ්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක්‍රියාත්මක වන මිශ්‍ර අනුපාත ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති නිසා, එම ක්‍රමය පිළිබඳව ශ්‍රී ලාංකේය ව්‍යවස්ථා සම්පාදකයින් දැනුවත් කරලීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නවසීලන්තයට පැමිණ අධ්‍යයන චාරිකාවක යෙදීමේ අවකාශය සලසාදීමටත්, නවසීලන්ත මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවට ගෙන්වා වැඩ මුළු කීපයක් සංවිධානය කිරීමටත් කටය්තු කරන බව දෙරටේම අගමැති වරයින්ගේ අවධානයට යොමුවිය.

එමෙන්ම දේශීය වෘක්‍ෂලතා ආරක්‍ෂා කරලීම සහ වන සත්ත්ව සුභසාධනය හා සංරක්‍ෂණය සම්බන්ධව නවසීලන්තයේ විශේෂඥ සහාය ලබා ගැනීමටද කටයුතු කරන අතර 2050 වන විට කලාපීය මෙහෙයුමෙහි ප්‍රධාන කොටස්කරුවෙකු වී යළිත් අතීත අභිමානය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට කැපවී කටයුතු කිරීමේ හැකියාව යලි ලංකාවට ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේය.

තවද මෙම සංචාරයේදී ව්‍යපරික ප්‍රජාව සමග විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදි ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වන ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගන්නා ලෙස ශ්‍රී ලංකා හා නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවේ දී අගමැතිවරයා කියා සිටියේය.

ඉන් අනතුරුව පැවති ප්‍රජාහමුවකට ඕක්ලන්ඩ් නුවර ඇල්බට් කන්දේ යුධ ස්මාරක ශාලාවේ පැවති ලාංකේය ප්‍රජා හමුවකට සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අපේ ආගම, අපේ ජාතිය ගැන ආඩම්බර වෙමින්, ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඒ සමගම ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකමුතු ව කටයුතු කල යුතු බවයි.

මෙම සංචාරය තුලින් ලංකාවේ අධ්‍යපනයට, තාක්‍ෂණයට, ආර්ථිකයට මහත් සේ වැදගත් වෙන තීරණ රැසක් ලැබීමට නියමිත බව සදහන් වෙයි.

14524422_10154420280226327_3058592424462393225_o . 14542413_10154420282156327_6162244337259027950_o 14570652_10154420282106327_3249502607243155340_o


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews