X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

ඇප ලැබුණු චිලී නඩුකාරයෙක් වගේ ඉන්න හිතන් පොරක් වෙන්න තාප්පයේ ගහපු දැන්වීම


Views - 3757 |Wednesday 26th October 2016 08:47:20


පුද්ගලයකුට පහරදීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි චිලී ඊයේ (25) ඇපමත මුදාහැරුණා.

මහමග ගමන් ගත් පෞද්ගලික බස්‌ රියැදුරකුට තර්ජනය කර පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි චිලී හෙවත් තිවංක විදුෂ කඩුවෙල අධිකරණය මගින් මෙසේ මුදා හැරුණේ රුපියල් දසදහසක මුදල් සහ ලක්‍ෂ 5 ක ශරීර ඇප යටතේය.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය, සැකකරු දින 14 ක්‌ රිමාන්ඩ් භාරයට පත්වී ඇත්තේ පුද්ගලයකුට පහරදී සුළු තුවාල සිදු කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුව බවත්, මෙය සමථ මණ්‌ඩලයට යොමු කර විසඳා ගැනීමට බලාපොරොත්තු වන නිසා ඇප පනතේ 14 දරන වගන්තිය යටතේ ඕනෑම කොන්දේසියක්‌ යටතේ ඔහු මුදාහැරීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා. තවද තම සේවාදායක සැකකරු ඉදිරි පරීක්‍ෂණවලදී පැමිණිලිකරුට හෝ වෙනත් කිසිම පාර්ශවයකට බලපෑම් හෝ තර්ජනය කිරීම් නොකරන බවට සහතික වන බවද ප්‍රකාශ කළා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජිත ජයවර්ධන අධිකරණයට පැවසුවේ මෙය සුළු පහරදීමක්‌ නොව ඔහුගේ දිව කැඩී මැහුම් දෙකක්‌ දමා තිබූ බවය.

“මොහු නිවසේ ජීවත් වන්නේ අධිකරණයක ඉහළ නිලධාරියකුටත් වඩා ඉහළ මට්‌ටමින් බවත් ඔහු පදිංචි ගෙදර බිත්තියේ “නෝ පාකිං එස්‌එස්‌පී නුගේගොඩ” යනුවෙන් දැන්වීමක්‌ යොදා ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. මෙලෙස දැන්වීම් පලකළ හැක්කේ අදාල කොට්ඨාශය භාර ජේෂ්‍යඨ පොලිස් අධිකාරීවරයාගේ අවසරය මත පමණි. පෞද්ගලික නිවසක තාප්පයේ එවැනි නියෝගයක් පලකිරීමට අවසර ලබාදෙන්නේද නැත.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු ධම්මික හේමපාල සැකකරුට පනවන ලද රුපියල් 10000 ක මුදල් හා ලක්‍ෂ 05 ක ශරීර ඇප කොන්දේසිවලට අමතරව සෑම මසකම අවසාන ඉරිදා දින තලංගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද නියම කළා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews