X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවා කථානායක අසුනේ වාඩි වෙයි


Views - 2183 |Friday 18th November 2016 09:08:20


ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කථානායක නිල අසුනෙහි පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවරයකු අනවසරයෙන් අසුන් ගෙන ඇති බවට කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එජාප මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා විසින් අදාළ පැමිණිල්ල සිදුකර ඇත.

පසුගිය බදාදා (16) පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගර්භයෙහි පවිත්‍රතා කටයුතු නිමා වන තෙක් ඉංජිනේරුවරයා කථානායක අසුනෙහි වාඩි වී ඇත.

මෙම සිද්ධිය කථානායකවරයාට මෙන්ම පාර්ලිමේන්තුවට හා සමස්ත ජාතියටම කරනු ලබන අපවාදයක් හා අගෞරවයක් බවද අලුවිහාරේ මන්ත්‍රීවරයාගේ ලිපියෙහි සඳහන් වේ.

මේ පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු කරවන ලෙසත් මෙය ඉදිරි පූර්වාදර්ශයකට ඉඩ නොතබන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා සිය ලිපිය මගින් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

රංජිත් අලුවිහාරේ මන්ත්‍රීවරයා කථානායක කරු ජයසූරිය මහතාට යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

“ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයෙහි කේන්ද්‍රස්ථානය වනුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. එහිදීද ව්‍යවස්ථාදායකයට හිමි වනුයේ අග්‍රස්ථානයයි. එහි නියමුවා වනුයේ ගරු කථානායකතුමාය. ව්‍යවස්ථාදායකයේ සියලුම පරිපාලන කටයුතු සිදුවනුයේ කථානායතුමාගේ මූලිකත්වයෙනි. ඒ නිසාම ඔහුට එහි විශේෂිත අසුනක් විශේෂිත ඇඳුමක් වැනි විශේෂිත කාමරයක් ඇතුළු පාර්ලිමේන්තු සංකීර්ණයේ වගකීම් හා වත්කම් රාශියක්ද පවරා දී ඇත. පාර්ලිමේන්තුව තුළදී ඔහුගේ අණට සෑම මැති ඇමැතිවරයකුම යටත් වනුයේ ඔහුට නිලයෙන් පවරා දී ඇති වරප්‍රසාද හා බලතල නිසාය.

පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් සිය දේශනයන්ට පෙර ඔහුගේ අවසරය ලබාගෙන එය පවත්වනු ලැබිය යුතුය.
මෙවැනි උත්තරීතර ආයතනයක කථානායකවරයාට වෙන් කර දී ඇති අසුනෙහි රැස්වීමෙන් පසු එහි පවිත්‍ර කටයුතු කර නිම වන තෙක් එහි වෙනත් අයකු වාඩි වී සිටී නම් එය කථානායකතුමාට මෙන්ම ගරු පාර්ලිමේන්තුවට හා සමස්ත ජාතියටම කරනු ලබන අපරාධයක්, අගෞරවයක් බව මතක් කරමි. මෙවැනි සිදුවීමක් 2016 නොවැම්බර් 16 වන දින රැස්වීමෙන් පසු රාත්‍රී 7.00ට පමණ සමන් පෙරේරා නමැති අයකුගේ ක්‍රියාවකින් සිදුවී ඇති බව ඔබතුමාගේ කාරුණික අවධානයට යොමු කර සිටිමි. මෙවැන්නක් සිදුවී ඇත්නම් ඔහු කැඳවා මෙහි ආදීනව ඔහුට පහදා දීම සුදුසුය. තවද මෙය ඉදිරි පූර්වාදර්ශයකට ඉඩ නොතබන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

මේ පිළිබඳව රිවිර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාගෙන් විමසීමක් කළ අතර මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ ඉංජිනේරුවරයා කථානායක පුටුවේ අසුන් ගෙන සිටි අයුරු ඡායාරූපයක්ද ඇති අතර අවශ්‍ය පරීක්ෂණයකදී එය ඉදිරිපත් කරන බවයි. කථානායක අසුනේ ඇති ගෞරවයට හානි වන බැවින් එය මාධ්‍යය වෙත ලබා දීම සුදුසු නොවන බවද මන්ත්‍රීවරයා කීවේය.

මේ අතර අදාළ ඉංජිනේරුවරයා පාර්ලිමේන්තුවේ සේවකයන් බිය වද්දවමින් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තම වෘත්තියට අදාළ කටයුතු සිදු කරන බවට සේවකයන්ගෙන් තමාට පැමිණිලි ලැබුණු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.


රුචිර දිලාන් මධුසංඛ/  සුරේකා නිල්මිණි ඉලංගකෝන්


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews