X

Print

LATEST NEWS

අද සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කෙරේ බස් සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කරයි IOC පෙට්ට්‍රල් මිල පහතට ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනය මෙන්න මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1047 ක් දක්වා ඉහළට

 

 

 

INTERNET TAX වැඩි කලේ වෙන රටවල් වගේ සම මට්ටමට ගේන්නලු - වීඩියෝව බලන්න


Views - 3495 |Friday 25th November 2016 08:53:21


සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

එහෙත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (නොවැ.24) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"දුරකථන ආයතන අපිත් එක්ක කතා කරනකොට කිව්වා වොයිස් කෝල් වෙනුවට හුගක් වයිබර්, වට්සප් වගේ ඒවා භාවිතා වෙනවා කියලා, ඒක නිසා ආදායම අඩුවෙනවා කියලා, ඒ වෙනස වෙනින් රටවල තියෙනවා වගේ සම මට්ටම ගේන්න තමයි මේක කළේ" යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මෙමගින් ආණ්ඩුවට ආදායමක් අපේක්ෂා කරන බව පිළිගත් අතර ම දුරකතන සමාගම්වලට ද ආදායමක් හිමිවන බව පැවසීය.

නව බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා නේදැයි විමසූවිට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ මීට පෙර ද ඊට ආසන්න මුදලක් බදු ලෙස අය කරගෙන තිබූ බවය.

රටේ සෑම ප්‍රදේශයක ම වෙසෙන අයට දැරිය හැකි මිලකට ආරක්ෂිත අන්තර්ජාල පහසුකම් සැපයීම අරමුණ බව මීට මසකට පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඩිජිටල් ආර්ථිකයක් කරා රට ගෙන යාම සිය අරමුණ බව පෙන්වා දෙමිනි. එහෙත් අන්තර්ජාල බදු වැඩිකිරීම අගමැතිවරයාගේ ප්‍රතිපත්තියට බාධාවක් නොවේදැයි විමසූවිට මුදල් අමාත්‍යවරයා පැවසුවේ එම කරුණු දෙක අතර සම්බන්ධයක් නැති බවය.

නොමිලේ වයිෆයි සැපයීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මකවන බව සඳහන් කළ අමාත්‍යවරයා සමාජ ජාලයන්හි සැරිසරන්නන්ට පමණක් නොව අධ්‍යපනය ලබන ශිෂ්‍යයින්ට ද ඉදිරියේදී අන්තර්ජාලය සහනදායී ලෙස සැපයීමට පියවර ගන්නා බව ද පැවසීය


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews