X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

එකම පවුලේ 10ක් ඇතුළු 11කට මරු කැඳවූ චාවකච්චේරි මාරක අනතුරට හේතුවූ වාහනයේ පිපිරීම ගැන හෙළිවෙයි


Views - 64097 |Monday 19th December 2016 09:55:27


යාපනය චාවකච්චේරි සංගානෙයි දුම්රිය ස්‌ථානය ආසන්නයේදී පසුගියදා සිදුවූ මාරක රිය අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු මියගිය අතර එම අවස්ථාවේදී වාහනය ගැටුණු ලංගම බස් රථයේ රියදුරු එම අවස්ථාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පවසා තිබෙනවා.

මෙම අනතුරින් මියගිය අය අතර එකම පවුලේ දස දෙනකු ඇතුළු එකොළොස්‌ දෙනකු වනවා. සිද්ධියෙන් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයිද දැනගන්නට ලැබෙනවා.

මෙම අනතුරින් මියගිය අය අතර කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රෝණියේ හෙද නිලධාරිනියක, එම රෝහලේම ප්‍රධාන භෞත චිකිත්සකවරයකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු හා විශ්‍රාමික දුම්රිය සේවකයකු වන බව චාවකච්චේරි පොලිසිය කියයි.

අනතුරින් මියගිය අය අතරේ කාන්තාවෝ හය දෙනෙක්‌ හා පිරිමි පස්‌දෙනෙක්‌ වෙති.

තුවාල ලැබූවන් යාපනය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව එම රෝහල් ප්‍රකාශකයෙක්‌ සඳහන් කර සිටියා.

මියගොස්‌ ඇත්තේ හොරණ, මිල්ලනිය පදිංචිව සිටි වඩිප්පිලි ආරච්චිලාගේ ගුණරත්න (52), වඩිප්පිලි ආරච්චිලාගේ දයාවතී (53), ලහිරු මධුසංඛ (25) වෑන් රථයේ රියෑදුරු වන උපුල් වසන්ත කුමාර ඉන්ද්‍රජිත්, වඩිප්පිලි ආරච්චිලාගේ චන්ද්‍රdවතී, එම්. එම්. නන්දසිරි, වඩිප්පිලි ආරච්චිලාගේ ගුණසිරි, වඩිප්පිලි ආරච්චිලාගේ නන්දාවතී, යකුපිටියගේ සුමනාවතී, වඩිප්පිලි ආරච්චිලාගේ දයාරත්න සහ මාතලේ පදිංචිව සිටි සුජිත් ප්‍රසන්න යන එකොළොස්‌ දෙනායි.

මෙම පිරිස හොරණ මිල්ලනිය සිට යාපනය විනෝද චාරිකාවක්‌ බලා ගමන් අරඹා තිබුණේ 16 වැනිදා රාත්‍රි 10.00 ට පමණය.

එසේ පිටත්වූ පිරිස අනුරාධපුරයට ගොස්‌ ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන යළි යාපනය ඒ - 9 මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුර සිදුවී ඇතැයි පොලිසිය කිSය.

වෑන් රථ රියදුරු ඉතා අධික වේගයෙන් රථය පදවා ඇති අතර ඒ යන අවස්‌ථාවේ වෑන් රථයේ ටයරයක්‌ පිපිරී ගොස්‌ එක්‌වරම රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ඇදී ගොස්‌ යාපනයේ සිට වව්නියාව බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලංගම බස්‌ රථයේ හැපී ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

එම ස්‌ථානයේදීම වෑන් රථයේ සිටි පුද්ගලයන් දසදෙනකු මරුමුවට පත්වී ඇති අතර අනෙක්‌ පුද්ගලයා යාපනය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කරන අවස්‌ථාවේ මියගොස්‌ ඇත.

වෑන් රථයේ ගමන් ගත් තවත් දෙදෙනකු හා බස්‌ රථයේ ගමන් ගත් 19 දෙනකු රෝහල්ගත කළ අතර ඒ අය අතරින් වෑන් රථයේ ගමන් ගත් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

අනතුරින් මියගිය එකෙළොස්‌ දෙනාගේ මෘත ශරීර යාපනය ශික්‌ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්‌ෂණ ඊයේ යාපනය ශික්‌ෂණ රෝහලේදී සිදු කෙරිණි.

පසුව එම මෘත දේහයන් හොරණ, මිල්ලනිය ප්‍රදේශයෙන් පැමිණි ඥතීන්ට භාරදීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.

මෙම අනතුර සම්බන්ධයෙන් සිද්ධිය විස්‌තර කරමින් ලංගම බස්‌ රථයේ රියෑදුරු මෙසේ කීය.

''මම බස්‌ රථය යාපනය සිට ඒ 9 පාරේ වව්නියාව බලා පදවා ගෙන පැමිණියා. මම බස්‌ එක සමාන්‍ය වේගයෙන් එලෙව්වේ. බස්‌ එකේ මගීන් තිස්‌ පහක්‌ විතර හිටියා. මම නිවැරදි මාර්ගයේ බස්‌ රථය අරන් ආවා. ඒ වෙනකොට චාවකච්ෙච්රිය හරියේදී වෑන් එකක්‌ වේගයෙන් මගේ පැත්තට එනවා මා දැක්‌කා. බස්‌ රථය ඉවතට ගන්න හදනවාත් එක්‌කම වෑන් එක බස්‌ එකේ හැප්පුනා. මටත් තුවාල වුණා. බස්‌ එකේ හිටපු මගීන්ද තුවාල ලබා සිටියා. වෑන් එකේ අය හිරවෙලා හිටියා.''

වෑන් රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ලංගම බස්‌ රථයේ ගැටෙන දර්ශන අසල වූ සී. සී. ටී. වී. ආරක්‌ෂක කැමරාවක පටිගත වී ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරින් වෑන් රථයට හා ලංගම බස්‌ රථයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි. මෙම අවාසනාවත්ත රිය අනතුරත් සමඟ හොරණ, මිල්ලනිය ප්‍රදේශයම එකම මළගමක්‌ බවට පත් වී ඇත.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews