X

LATEST NEWS

අද රටේ මොකද වුනේ..? අද දිනයේ සියලු ප්‍රවෘත්ති මෙතනින්. "යල්පැනගිය නීති වෙනස් කරන්න ඕනෑ." පිළිකා කාරක ග්ලයිෆොසේට් ලංකාවේ තේ වගාවට. රුවන් නැවතත් පොලිස් මාධ්‍ය පුටුවට. " මම තනතුරෙන් ඉවත්වනවා " පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් Facebook පණිවිඩයක්. " කැටවල හන්දියේ හිටපු එකා තමයි අද හාලිඇල පොහොට්ටුවේ බැසිල්ට විසිල් ගහන්නේ " මේ වසරේ ලෝකයේ හොඳම විහිළුව ඥානසාර හිමිට ඇප දීම. " නාමල් රාජපක්ෂ රටේ නායකයා වෙනවට අපේ අකමැත්තක් නැහැ." එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියගේ වාර්තාවේ බොරු තොරතුරු පිරිලා. රනිල්-රාජිත-ෆයිසර් මේ ආණ්ඩුවට හූනියමක්. එදා විසඳුවනම් ලේ වැගිරීමක්. අද රටේ මොකද වුනේ..? අද දිනයේ සියලු ප්‍රවෘත්ති මෙතනින්. හරි දුරට හරි බස් ගාස්තු මෙන්න. පා.ච. රණවක ඇමතිතුමාගේ පච වැල පෙන්වාදෙන එක මගේ යුතුකම. නොරොච්චෝලෙන් සිදුවන පරිසර දූෂණය අවම කරන්න පියවර ගෙන ඉවරයි.

කොළඹ ප්‍රවාහනයේ පෙරළිය ලබන වසරේ: රත්නපුරටත් දුම්රිය මාර්ගයක්


Views - 3728 |Friday 23rd December 2016 08:17:01


කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාව ලබා දී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිනෙන් දින මහා මාර්ගවලට අවතීර්ණ වන වාහන ප්‍රමාණය ඉහළ යාම හමුවේ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කඩිනම් කළ යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව පසුගිය දා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. 

නව කැලණි පාලම හා අතුරුගිරිය යාකරමින් ඉදි කෙරෙන නව මාර්ගයේ සහ කැලණි පාලමේ සිට වරාය දක්වා දිවෙන නව මාර්ගයේ ද කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට මේ වනවිටත් සැලසුම් කර ඇත. කොළඹ නගරයට රථ වාහන ඇතුළු වන ප්‍රධාන දොරටු 7ක් හඳුනාගෙන එම ස්ථානවල සිට සැහැල්ලු දුම්රිය සේවයක් ආරම්භ කිරීම එහි ප්‍රමුඛ කාර්ය බවට පත්වේ. එම සැහැල්ලු දුම්රිය සේවය බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, පෑලියගොඩ, දෙමටගොඩ, කඩවත, බම්බලපිටිය, කිරුළපන ආදී නගර ආවරණය කෙරේ.

කොළඹ නගරයට ඇතුළු වන බස් රථ ප්‍රමාණය අවම කිරීම සඳහා දැනට පවතින දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාක්මක කෙරේ. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය ඇති කිරීම ඒ අතර වේ. 

මීට අමතරව කොළඹ නගරය තුළ බස් රථ ධාවනය විධිමත් කිරීමේ සැලසුමක් ද අයවැය මගින් ඉදිරිපත් කර ඇති අතර කොළඹ මහ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව බස් රථ සඳහා වෙනම මං තීරු හඳුන්වා දීමට නියමිතය.

1980 දී පැයට කිලෝමීටර් 40 - 60ත් අතර තිබූ කොළඹ නගරයේ රථ වාහන ධාවනය වන සාමාන්‍ය වේගය අද වන විට පැයට කිලෝ මීටර් 8 දක්වා පහත බැස තිබේ. අනුමාන කර ඇති ආකාරයට 2020 වන විට මෙම වේගය පැයට කිලෝමීටර් 6 දක්වා පහළ බසිනු ඇත.

මීට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ දිනෙන් දින මහා මාර්ගවලට අවතීර්ණ වන රථ වාහන ප්‍රමාණයයි. 2008 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත රථ වාහන සංඛ්‍යාව 3,390,993ක් වූ අතර 2015 වසර වන විට එම සංඛ්‍යාව 6,302,141 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ඒ සහ බී වර්ගයේ මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව 12,173කි. කොළඹ නගරය ගැන සැලකීමේ දී දෛනිකව ඊට ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරක් පමණ වන අතර එය ද වාර්ෂිකව 25,000 බැගින් ඉහළ යයි.


COMMENTS

ඉස්සර චිත්‍රපටියකට නළු නිලියෝ තෝරපු හැටි
 Thursday 15th June 2017 16:07:55
කෙතරම් හොඳ තිර රචනයක් ලැබුනද චිත්‍රපටයක් සාර්ථක වීමට නම් එම චරිත සඳහා තෝරා ගන්නා නළු නිළියන් අතර ගැලපීමක් තිබිය යුතුයි.. සිනමා...
Read More
අපිට ඇහෙන සිංදුවල UPSET තැන්
 Wednesday 7th June 2017 12:44:38
අපිට අහන්න ලැබෙන ගොඩක් සින්දු වල දැන් තියෙන්නේ ආදරේ වරද්ද ගත්ත කොල්ලන්ගේ වේදනාවනේ. ගෙදරට ඇතුල්වෙන දොර හොයා ගන්න බැරුව ජනේලෙන් ඇතුල්වෙන කොල්ලන්ට මොන...
Read More
අන්සතු උයනක ඔබ හිනැහෙනයුරු - දැක සැනසෙන්න මට පුළුවන්
 Monday 5th June 2017 15:42:16
යුද්ධයෙදියි ආදරයෙදියි හැමදේම සාධාරණයි. ඔව්. ආදරය කරලා ඒ යුවල විවාහ වෙනවා කියන්නෙත් හරියට යුද්ධයක් කරලා දිනනවා වගේ තමයි. මතකද? ඔයාගේ ආදරවන්තියව ඉස්ස...
Read More
රණ්ඩු කෙක්කක්. නිතර කවුරු කවුරු හරි එක්ක සණ්ඩු.
 Friday 26th May 2017 15:18:59
ඇය සමාජ භාෂාවෙන් රණ්ඩු කෙක්කක්. නිතර කවුරු කවුරු හරි එක්ක සණ්ඩු. එයා ළඟින් ගියත් ඒකත් එයාට පටලැවෙන්න කාරණයක්. ඇයගේ එක ඉරියව්වක් තිබුණා උරහිසෙන් අතග...
Read More
ජේම්ස් බොන්ඩ් මුවර් දිවි ගමනේ නැවතුමට
 Thursday 25th May 2017 11:11:25
ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ සුප්‍රකට චරිතය, ජේම්ස් බොන්ඩ්ට පන පෙවූ ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් ඊයේ දිනයේදී...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews