X

LATEST NEWS

සමලිංගික විවාහ ගැන ජනපතිගේ තීරණය. ලොතරැයි මිල ගැන ජනපතිගේ තීරණය  වාහන අවභාවිතා කලාට තව කෙනෙක් FCID  රතන හිමි ඊලඟට කරන්නේ මේකයි..! ඇත්තටම ලංකාවේ අනතුරු කරන්නේ කවුද..? වාර්තාවක් එයි..! යහ පාලනයෙන් රතන හිමි ඉවත් වෙයි..! දීපාල් සිල්වා දිවි ගමනින් සමුගනී. අලුත් නීති නිසා ත්‍රිවිල් ගාස්තු වැඩි කලොත් වෙන්නේ මේකයි... ත්‍රිරෝද රථ වලට වැඩ වරදින ලකුණු..! විමල් වීරවංශට සිල් ගන්න ඕනි වෙලා..! මොරගහකන්ද ජලාශයට මංගල දියවර නිකුත් කෙරේ මෙහෙමයි විමල් විරවංශ FCID ගිය හැටි.. (වීඩියෝ බලන්න) ජනපතිගේ වෙබ් අඩවියේ රහස් තොරතුරු උස්සයි..! 25000 වාහන දඩය කඩිනමින් - පොලිස්‌පති නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි හිටපු කොටි සාමාජිකයින් රජයේ රැකියා ඉල්ලයි

කොළඹ ප්‍රවාහනයේ පෙරළිය ලබන වසරේ: රත්නපුරටත් දුම්රිය මාර්ගයක්


Views - 3274 |Friday 23rd December 2016 08:17:01


කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාව ලබා දී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිනෙන් දින මහා මාර්ගවලට අවතීර්ණ වන වාහන ප්‍රමාණය ඉහළ යාම හමුවේ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කඩිනම් කළ යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව පසුගිය දා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. 

නව කැලණි පාලම හා අතුරුගිරිය යාකරමින් ඉදි කෙරෙන නව මාර්ගයේ සහ කැලණි පාලමේ සිට වරාය දක්වා දිවෙන නව මාර්ගයේ ද කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට මේ වනවිටත් සැලසුම් කර ඇත. කොළඹ නගරයට රථ වාහන ඇතුළු වන ප්‍රධාන දොරටු 7ක් හඳුනාගෙන එම ස්ථානවල සිට සැහැල්ලු දුම්රිය සේවයක් ආරම්භ කිරීම එහි ප්‍රමුඛ කාර්ය බවට පත්වේ. එම සැහැල්ලු දුම්රිය සේවය බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, පෑලියගොඩ, දෙමටගොඩ, කඩවත, බම්බලපිටිය, කිරුළපන ආදී නගර ආවරණය කෙරේ.

කොළඹ නගරයට ඇතුළු වන බස් රථ ප්‍රමාණය අවම කිරීම සඳහා දැනට පවතින දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාක්මක කෙරේ. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය ඇති කිරීම ඒ අතර වේ. 

මීට අමතරව කොළඹ නගරය තුළ බස් රථ ධාවනය විධිමත් කිරීමේ සැලසුමක් ද අයවැය මගින් ඉදිරිපත් කර ඇති අතර කොළඹ මහ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව බස් රථ සඳහා වෙනම මං තීරු හඳුන්වා දීමට නියමිතය.

1980 දී පැයට කිලෝමීටර් 40 - 60ත් අතර තිබූ කොළඹ නගරයේ රථ වාහන ධාවනය වන සාමාන්‍ය වේගය අද වන විට පැයට කිලෝ මීටර් 8 දක්වා පහත බැස තිබේ. අනුමාන කර ඇති ආකාරයට 2020 වන විට මෙම වේගය පැයට කිලෝමීටර් 6 දක්වා පහළ බසිනු ඇත.

මීට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ දිනෙන් දින මහා මාර්ගවලට අවතීර්ණ වන රථ වාහන ප්‍රමාණයයි. 2008 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත රථ වාහන සංඛ්‍යාව 3,390,993ක් වූ අතර 2015 වසර වන විට එම සංඛ්‍යාව 6,302,141 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ඒ සහ බී වර්ගයේ මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව 12,173කි. කොළඹ නගරය ගැන සැලකීමේ දී දෛනිකව ඊට ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරක් පමණ වන අතර එය ද වාර්ෂිකව 25,000 බැගින් ඉහළ යයි.


COMMENTS

VIDEOS

    A PHP Error was encountered

    Severity: Warning

    Message: Invalid argument supplied for foreach()

    Filename: views/singlearticle.php

    Line Number: 84

සැම්සන් (Samsung) සමාගමේ අධිපති අත්අඩංගුවට ගත්තේ ඇයි..? (වීඩියෝ බලන්න)
 Monday 16th January 2017 17:29:33
අල්ලස් සිද්ධියක් හේතුවෙන් සැම්සන් සමාගමේ සභාපති "ලී" මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට එල්ල වූ චෝදනාව වන්නේ දකුණු කොරියාවේ විශ්‍රාම ව...
Read More
අභියෝගයක් ඉතිරිකර මිය ගිය අවසන් මිනිසාගේ ඔබ නොදත් තතු
 Tuesday 17th January 2017 15:55:29
"The last man on the moon" ලෙස විරුදාවලිය ලත්; අවසන් වරට සඳ මත පා තැබීමේ ගෞරවය හිමිකරගත් ;පළමු මිනිසා ලෙස, විශ්‍රාමික ඇමරිකානු ගගනගාම...
Read More
ඔබේ දියණිය අන්තර්ජාල කාමාතුරයන්ගෙන් ප්‍රවේසම් කරගන්න.
 Monday 16th January 2017 19:18:18
  මේ දිනවල සමාජජාල වෙබ් අඩවිවල ෆේස්බුක් පිටු අතරේ සැරිසරණ විට අපට දකින්නට ලැබුණු ෆේස්බුක් පිටු කිහිපයක් පිළිබඳවයි අද අප කතා කරන්නට සුද...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews