X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

මෙහෙම පෙබරවාරියක් ආයෙමත් එන්නෙ තව අවුරුදු 823කට පස්සේ !


Views - 7751 |Tuesday 28th February 2017 10:02:51


මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ විස්මිත දෙයක් තියෙනවා. ඉක්මනට ගිහින් කැලැන්ඩරේ බලන්නකෝ. අපි මේ කියන කතාව ඔබට ම තහවුරු කරගන්න එතකොට පුළුවන්. මෙහෙම පෙබරවාරි මාසයක් අපේ ජිවිත කාලය තුළ හමුවෙන්නේ නැහැ.  මොකක් ගැනද අපි මේ කියන්න හදන්නේ ? කලබල නොවී මේ සටහන කියවලා බලන්නකෝ. 

මේ පෙබරවාරියේ, ඉරිදා ඉඳන් සෙනසුරාදා වෙනකම් හැම දවසකට ම දින 4 බැගින් වෙන්වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉරිදවල් හතරයි  සඳුදාවල් හතරයි අඟහරුවාදාවල් හතරයි  බදාදාවල් හතරයි ආදී වශයෙන් සතියේ දවස් හතට ම දින 4 බැගින් වෙන්වෙලා තියෙනවා.මේක දුර්ලභ පිහිටීමක්. අයෙත් මෙහෙම  පෙබරවාරියක් එන්නේ තවත් අවුරුදු 823කට පස්සේ. පුදුමයි නේද ?

කොහොමත් පෙබරවාරිය කියන්නෙ පුදුම මාසයක්. අවුරුද්දට තියෙන මාස 12න් පුංචිම මාසය තමයි පෙබරවාරි මාසය. මොකද කියනවනම් පෙබරවාරි මාසෙට තියෙන්නේ දින 28යි. හැබැයි අද වෙනකන්ම අපේ ගෙදරට ලැබෙන කැලැන්ඩරේ හරියට පවත්වාගෙන යන්න උදවු වෙන්නේ මේ පුංචි පෙබරවාරි මාසය ම තමයි. ඒ මෙන්න මේ විදියට,  අවුරුදු  4කට පාරක් පෙබරවාරි මාසෙට වැඩිපුර දිනයක් දීලා තමයි කැලැන්ඩරේ පවත්වාගෙන යන්නේ. අන්න ඒ විදියට හදාගන්න අවුරුද්දකට දින 366ක් තියෙනවා. එහෙම වුනාම අපි ඒ අවුරුද්දට කියනවා 'අධික අවුරුද්දක්'කියලා.

අපි කවුරුත්  දන්නවනේ පෙබරවාරි මාසෙට සාමාන්‍යයෙන් තියෙන්නේ දින 28ය කියල හැබැයි අධික අවුරුද්දක දී ඒක  දින 29ක් වෙනවා.කුමන හෝ වර්ෂයක් අධික අවුරුද්දක් වෙනවද නැත්ද කියල බලාගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි, එම වර්ෂය 4න් බෙදල  බලන එක. එහෙම බෙදුවම ඉතිරි නැතිව බෙදෙනවන්ම් අන්න ඒකට අපි කියනවා අධික අවුරුද්දක් කියලා. උදාහරණයක් විදියට පහුවුණු 2012 වර්ෂය අධික අවුරුද්දක්. හැබැයි අධික අවුරුද්දක් කියන්නේ මෙන්න මේකයි කියන එකට ඉහත නිර්වචනය 100%  නිවැරදි වෙන්නේ නැහැ.ඒ මොකද කියලා කියනවනම් හැම අවුරුදු 400කට පාරක්ම අධික අවුරුද්දක් අත් හැරලා දානවා.එහෙම බලද්දී ක්‍රි. ව.1900 හා ක්‍රි.ව. 2300 කියන වර්ෂ අධික අවුරුද්දක් වෙන්නේ නැහැ.

ඉතින් දැනට අපි භාවිතා කරන සම්මත දින දර්ශනය වෙන්නේ ග්‍රෙගරියන්  දින දර්ශනය. ඊට කලින් භාවිතා කරලා තියෙන්නේ ජූලියන් දින දර්ශනය. එය ක්‍රි.පූ. 46 දී රෝමානු දිනදර්ශනයට ජූලියස් සීසර් විසින් කරනු ලැබූ ප්‍රතිසංස්කරණයක් කියල තමයි ඉතිහාසයේ  සඳහන් වෙන්නේ . ඒ විදියට භාවිතා කරපු ජුලියන් කැලැන්ඩරයට වසරකට දින 365.25ක් තිබුණා. අන්න ඒ විදියට ඉතිරි වුණු 0.25 නිවැරදි කරන්න තමයි, 0.25 වැඩිකිරීම  4 විදියට අරගෙන සම්පුර්ණ දවසක් බවට පත් කරලා අවුරුදු 4කට පාරක් අධික අවුරුද්දක් විදියට පෙබරවාරි මාසෙට එකතු කළේ.

මුල් කාලයේදී කැලැන්ඩරයේ පුර්ණ බලධාරියා වුනේ ඇති උතුම් පාප් වහන්සේ. ජර්මානු තාරකා විද්‍යාඥයකු වූ ක්‍රිස්ටෝපර් ක්ලේවියස් වඩාත් නිවැරදි  සංශෝධිත කැලැන්ඩරයක් නිර්මාණය කරලා ඉදිරිපත් කළා. එවකට හිටි 8 වන ග්‍රෙගරි  පාප් වහන්සේ විසින් ඉතාමත් සුක්ෂම විදියට පරීක්ෂා කරවලා 1582 පෙබරවාරි මාසේ 24 වැනිදා අත්සන් තැබූ ආඥාවකින් ඒ කැලැන්ඩරයට අනුමැතිය ලබා දීල තියෙනවා.  ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා බොහෝ රටවල් අද දක්වා භාවිතා කරන්නේ ඔන්න ඔය විදියට උපත ලැබූ කැලැන්ඩරය. එය පාප් වන්සේගේ නමින් ග්‍රෙගරියන්  කැලැන්ඩරය කියල හඳුන්වනවා.

කොහොම වුනත් කැලැන්ඩරයේ මේ තියනවයි කියන දෝෂය මේ වනතුරුත් හරියටම නිවැරදි කරගන්න පුළුවන් කමක් ලැබිල නැහැ. පෙබරවාරි මාසෙට පින් සිද්ද වෙන්න කාලය නම් ගෙවිල යනවා. තාක්ෂණය අතින් අපි කොතරම් ඉදිරියට ගිහින් තිබුනත් පෙබරවාරි මාසයේ උදවු නැතිව තවමත්  කැලැන්ඩරය නිර්මාණය කරගන්න පුළුවන් කමක් නැහැ කියලයි ඒ පිළිබඳ විශේෂඥයින් කියන්නේ.

පෙබරවාරි 29 කියන්නේ ඉතින් ලේසියෙන් පහසුවෙන් උදාවෙන දිනයක් නෙවෙයි නිසා එදාට උපන්දිනය සමරන්න ලැබීම සුවිශේෂී කරුණක්. ගොඩක් දෙනෙක් එක කරදරයක් විදියට දැක්කට පෙබරවාරි 29 උපදින එකෙත් පුංචි වාසියක් තියෙනවා. පාටි එකක් වුනත් දෙන්න වෙන්නේ අවුරුදු 4කට පාරක්නෙ, එක හරියට දැනෙන්නෙත් වයසට යන්නේ නැහැ වගේ. අනික අවුරුදු 4කට පාරක් උපන්දිනේ ලබනකොටත් එකේ අගේත් වැඩිනේ. 

ඒ වගේම තමයි ගොඩක් දෙන මේ මාසෙදි විවාහ වෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි මේ මාසේ නැකත් අඩුවීම, ඒ වගේම ගොඩක් දෙනා විස්වාස කරනවා මේ මාසේ දින ගණන අඩු නිසා විවාහයක් සාර්ථක වෙන්නේ නැහැ කියල. හැබැයි ඔන්න මේ එක්තරා මතයක් විතරයි. අලුත් ලෝකයේ ආදරය විවාහය කැලැන්ඩරයට යටත් නොවී නිදහසේ ඉස්සරහට යනවා. 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews