X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

පේ‍්‍රමය සම්බුද්ධ නම් ලිංගිකත්වය දේවදත්ත වගේ. පේ‍්‍රමය සක‍්‍රයා නම් ලිංගිකත්වය යක්ෂයා වගේ.!


Views - 4655 |Friday 17th March 2017 13:23:23


`` ලංකාව සලකන්නෙ හරියට පේ‍්‍රමය සම්බුද්ධ නම් ලිංගිකත්වය දේවදත්ත වගේ. පේ‍්‍රමය සක‍්‍රයා නම් ලිංගිකත්වය යක්ෂයා වගේ. එතනම තමයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ලෝකෙ කොහෙද ලිංගිකත්වයෙන් තොරව පේ‍්‍රමයක් තියෙන්නෙ ? නමේ පන්තියෙ ප‍්‍රජනනය පාඩම හරියට ඉගැන්නුවා නම් ලංකාවෙ කෙල්ලන්ටවත් කොල්ලන්ටවත් ඔය වින්නැහිය වෙන්නෙ නෑ. පේ‍්‍රමය විෂයයක්. ලිංගිකත්වය සංස්කෘතියක්. අපේ වැඩිහිටියො අපිට ඉගැන්නුවෙ ආනන්දයෙන් ප‍්‍රඥාවට යන්න කියලා. එහෙම නැතුව ප‍්‍රඥාව අත්පත්කර ගන්න බෑ කියලා. ඒක හරියට මුලින් පේ‍්‍රම කරන්න බැන්දට පස්සෙ සෙක්ස් කරන්න වගේ අදහසක්. ඒ කියන්නෙ පළමුව පේ‍්‍රමය, දෙවනුව ලිංගිකත්වය. ආනන්දයේ සිට ප‍්‍රඥාවට යනවා වගේ පේ‍්‍රමයේ සිට ලිංගිකත්වයට යනවා. මේක සම්පූර්ණ බොරුවක්.``

 

උපුල් ශාන්ත සන්නස්ගල සිය ෆේස්බුක් පිටුවේ මෙසේ ලියා ඇත. තරුණි පුවත්පත මාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගත්තේ ය. ඒ පෙම්වතුන්ගේ දිනය වෙනුවෙනි. එය පුවත්පතේ පළවූයේ නැත. තරුණි පුවත්පතේ කර්තෘවරයා අද මෙසේ කීවේ ය.``අදහස් ටික නම් හොඳට තියෙනවා. තරුණි පත්තරේට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා දැම්මෙ නෑ. ටිකක් ගැඹුරු වැඩි``මෙන්න ඒ සම්පූර්ණ සාකච්ඡාව.

 

01.පෙම්වතෙකු සොයා ගැනීමේ දී ගැහැනු ළමයෙකු සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?

ලෝක ඉතිහාසයේ එදා ඉඳන් අද වන තෙක් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සොයා ගැනීම සම්බන්ධව ගණිතමය, සමීකරණමය සූත‍්‍රයක් තිබෙනවා නම් ලෝකයේ පෙම්වතුන්ගේ ජීවිතය, විවාහය පරමාදර්ශී තැනක තියෙයි. කිසි ම ආගමික ශාස්තෘවරයෙක්වත්, මාක්ස්වාදියෙක්වත්, සමාජ විශ්ලේෂකයෙක්වත් ඒ සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කර තිබුණත් කරුණුමය වශයෙන් සිද්ධාන්තයක් ගොඩනඟා නැහැ. ඒත් අපේ වාගේ රටවල්වල ආගමික සංස්කෘතිය ඇතුළෙ එක එක කාලවල විවාහය, පේ‍්‍රමය සම්බන්ධව වැඩිහිටි අද්දැකීම් තරුණ පරම්පරාව මත පටවනවා. හැබැයි ඒ වැඩිහිටි අද්දැකීමට විසි එක්වෙනි සියවසේ පරම්පරාවට තේරෙන්නෙ නෑ. ඒ නිසා වර්තමාන යෞවන යෞවනියන් විකාර සහගත ජීවිත ගෙවන බවත්, ඔවුන් වඩාත් සැලකිලිමත් විය යුතු බවටත් පූර්ව විනිශ්චයක ඉන්න වැඩිහිටියන් අණපනත් පනවනවා. අණපනත් හෝ එකී විනිශ්චයන්ට පේ‍්‍රමය විශ්ලේෂණය කරන්න බැහැ. ඒ නිසා මං විශ්වාස කරන්නෙ ඒක පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්වන ස්වකීය සිතිවිලි පද්ධතිය සහ අද්දැකීම් විසින් ගොඩනගන සංකල්පයක් කියලා. ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. පේ‍්‍රමය, ලිංගිකත්වය සහ විවාහය ඒක කේන්ද්‍රීය සංකල්පයක් ලෙස කුටුම්භගත කිරීම යල්පැන ගිය අදහසක්. මේ කාරණා තුන වෙන් වෙන්ව වුණත් අද්දකින තරුණ පරම්පරාවක් ඉන්නවා. ඔවුන්ට සමීකරණ හදන්න බෑ. එම නිසා පෙම්වතෙකු සොයා ගැනීම ස්වයංසිද්ද කාරණාවක් මිසක් අනෙකාට වුවමනා ලෙස, අනෙකාගේ අවශ්‍යතාවයේ රාමුවට වැටෙන සම්බන්ධයක් විය යුතු නැහැ. එකිනෙකාගේ සම්බන්ධතා තියෙන්නෙ එකිනෙකාගේ අනන්‍යතා සහ අවශ්‍යතා මතයි. ඒ සම්බන්ධව ‘සැළකිලිමත් විය යුතු කරුණු’ යනු ව්‍යාජ අදහසක් පමණි. එහි සත්‍ය අදහස එකිනෙකාට වෙනස්.

 

02. පෙම්වතාගේ මොනවගේ ගතිලක්ෂණ ද ගැහැනු ළමයෙක් බලාපොරොත්තු වෙන්නෙ ?

මේ ලෝකෙ ගැහැනු ළමයි හෝ පිරිමි ළමයි ෆොටෝ කොපි ගහපු අය නෙමෙයි. ෆොටෝ කොපි සීයයක් විතර ගත්තොත් නම් ඒකෙ සමාන ගති ලක්ෂණ, වර්ණ, හැඩය, කොළයෙ ප‍්‍රමාණය, එහි කල්පැවැත්ම, කොලිටි එක, විලාසිතාව වාගේ දේවල් සලකා බලන්න පුළුවන්. මේ විශ්වයේ කිසිම දවසක අතීතයේවත් වර්තමානයේවත් එක වගේ දෙන්නෙක් ඉඳලා නෑ. අනාගතයේදීත් ජාන බද්ධ කරලා ෆොටෝ කොපි වගේ ළමයි දෙන්නෙක් හැදුවත් ඒ දෙන්නා එකිනෙකාට වෙනස්. අනෙකාගේ ගති ලක්ෂණ අපි සමාන කරන්නෙ කොහොම ද අපේ ගති ලක්ෂණත් මොහොතින් මොහොත වෙනස් වෙන ලෝකයක් ඇතුළෙ. අවුරුදු හතේ අටේ වයසෙ ගැහැනු ළමයෙක් හිතන විදිහට අවුරුදු පහළොවේ ගැහැනු ළමයෙක් හිතනවා නම් එයා මන්දමානසික තත්ත්වයක ඉන්න ඕන. අවුරුදු දහ අටේ ගැහැනු ළමයෙක් අවුරුදු විසි තුනේදිත් පරණ සිතිවිල්ලෙම හෝ පරණ අදහසේ ම ඉන්නවා නම් ලෝකෙ දැනුම සහ බුද්ධිය අවශෝෂණය කර නො ගත්ත කෙනෙක්. මොළේවත් හදවතවත් නො වැඩුණ කෙනෙක්. අවුරුදු තිස් පහේදිත් පනහේදිත් ස්ත‍්‍රිය හිතන විදිහ වෙනස්. ඒ කියන්නෙ ගැහැනිය තමන් ඇතුළෙත් වෙනස් වෙනවා. තමන් ඇතුළෙ වෙනස් වෙන කෙනෙක් තමන් එක්ක පේ‍්‍රම කරන හෝ විවාහ වෙන හෝ අනෙකාගෙන් නො වෙනස්වන ගති ලක්ෂණ හොයන්න පුළුවන් ද ? මනුෂ්‍යයෝ විතරක් ලෝකයේ අජීවී දේවලූත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ හින්දා එක එක කාලේ පෙම්වතාගෙන්, සහකරුවාගෙන්, විවාහක ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන ගති ලක්ෂණ වෙනස්. ස්ත‍්‍රිය ඇතැම් වෙලාවට පේ‍්‍රම කරද්දි නො ඉල්ලූ දේ විවාහයෙන් පස්සෙ ඉල්ලන්න පුළුවන්. ඒක රැුවටීමක් නෙමෙයි. ඒක ස්වභාවය. ස්වභාවය ඒක නම් කවුරුවත් කාගෙවත් ගති ලක්ෂණ හොයන එක අර්ථ විරහිත දෙයක්. එකඟතාවයට පත්වෙන්නේ ම, ආදරය කරන්නේ ම, බෙදාහදා ගන්නේ ම වර්තමාන පරම්පරාව කියන්නේ ‘ෂෙයාරින්’ කරගන්නවා කියලා. එහෙම කරන්නේ ම තමන්ට යමක් බෙදාහදාගන්න පුළුවන් කෙනෙක් එක්ක. ඒක තමයි ගතිලක්ෂණය. ඒක සදාකාලික දෙයක් නෙමෙයි. ඒකත් වෙනස් වෙන දෙයක්. 

 

03. ගැහැනු ළමයෙක් පෙම්වතියක් වු පසු තමන්ට තමන් නැතිවෙනවා, ගතිගුණ වෙනස් වෙනවා. එහෙම වෙන්නෙ ඇයි ?

පේ‍්‍රම කිරීම යන්නෙන් අදහස් කරන්නෙ මොකක් ද? ‘මට ඕන විදිහට මට ඉන්න දෙන එක’ තමයි පේ‍්‍රම කරන අනෙකා කරන්න ඕන දේ. තමන්ට තමන් නැති වෙනවා නම් ඒක පේ‍්‍රමය නෙමෙයි වහල්කම; යටත්වීම වගේ වැඩවසම් අර්ථයක් තියෙන්නෙ. ගෘහස්ත හිංසනය වගේ විෂයයන් කතා කරන්න වෙන්නෙ එහෙම වුණාට පස්සෙ. ගැහැනියක් හෝ පිරිමියෙක් හෝ පේ‍්‍රම කරද්දි පළමුව තමන් ඉතිරි වෙන්න ඕන. පේ‍්‍රමයේදී තමන් නැති වෙනවා නම් ඒක පේ‍්‍රමය නෙමෙයි. ඒක ගොදුරු වීමක්. ඇතැම් වෙලාවට ‘තඩි පිරිමි’ ලක්ෂණයට, ආගමට, මුදලට, ජනප‍්‍රියකමට, සිවිල් බලයට, ආදිපත්‍යයට, සමාජ සම්බන්ධතාවලට, සංස්කෘතියට තියෙන අනියත බිය සහ අසීමිත සමාජ, සංස්කෘතික ආශාවන් විසින් ස්ත‍්‍රියක් පිරිමියෙකුට ගොදුරු වෙන්න පුළුවන්. ඊට පස්සෙ එයා නැතිවෙනවා. රූපය, හැඩය පවා නැතිවෙනවා. අදහස් වෙනස් වෙනවා. හුඟක් නිළියො මුදලාලි කෙනෙක් කසාද බැන්දහම රඟපාන එක නවත්වන්නෙ ඒ නිසා. මුදලාලිට ඕන විදිහට ජීවත් වෙලා ‘මං පවුලට පළමු තැන දුන්නා’ කියනවා. එතැන වෙලා තියෙන්නෙ මුදලාලිගෙ ආර්ථික ශක්තියට යටත් වීම. ඒක පේ‍්‍රමය විදිහට අර්ථ දක්වන්න බැහැ. ඊට පස්සෙ මුදලාලිගෙ තින්කින් එක නිළියගෙ කටින් පත්තර පිටු පුරා එළියට එනවා. ඊට පස්සෙ නිළිය නැති වෙනවා. කිවිඳීය නැති වෙනවා. ක‍්‍රීඩිකාව නැති වෙනවා. ලේඛිකාව නැති වෙනවා. නර්තන ශිල්පිනිය නැති වෙනවා. ඉගෙන ගන්න කෙල්ල නැති වෙනවා. විලාසිතා නැති වෙනවා. ස්වාධීන චින්තනය නැති වෙනවා. කට හඬ බිරිඳගෙ වුණාට ඒක පිටිපස්සෙ බලය යටත් කර ගන්න කෙනාගෙ. ඒ කිසිවක් පේ‍්‍රමය ලෙස අර්ථ දක්වන්න බැහැ. පේ‍්‍රමයේදී කිසිවෙකුට කිසිවෙකු නැති වෙන්න බැහැ. පේ‍්‍රමයේදී සිද්ධ වෙන්න ඕන දෙදෙනා ඉතිරි වීම සහ දෙදෙනාට ම තවත් දේ එකතු වීම. 

 

04. පේ‍්‍රමයේදී ලිංගිකත්වයට මුල් තැන දීම පිළිබඳ ඔබේ අදහස ?

ඒ ප‍්‍රශ්නෙම තියෙනවා අපේ වාගේ ගෝත‍්‍රවාදී රටක් ලිංගිකත්වයට මොන තරම් බයයි ද කියන කුහක අදහස. ලිංගිකත්වය කියලා කියන්නෙ ස්ත‍්‍රියක් සහ පිරිමියෙක් අබිරමණය කිරීම ම නෙමෙයි. දැකීම, ස්පර්ශ කිරීම, කතා කිරීම, සිතිවිලි බෙදා ගැනීම, ආශා කිරීම යනාදී සියල්ල ලිංගිකත්වයේ කොටස්. ලංකාව සලකන්නෙ හරියට පේ‍්‍රමය සම්බුද්ධ නම් ලිංගිකත්වය දේවදත්ත වගේ. පේ‍්‍රමය සක‍්‍රයා නම් ලිංගිකත්වය යක්ෂයා වගේ. එතනම තමයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ලෝකෙ කොහෙද ලිංගිකත්වයෙන් තොරව පේ‍්‍රමයක් තියෙන්නෙ ? නමේ පන්තියෙ ප‍්‍රජනනය පාඩම හරියට ඉගැන්නුවා නම් ලංකාවෙ කෙල්ලන්ටවත් කොල්ලන්ටවත් ඔය වින්නැහිය වෙන්නෙ නෑ. පේ‍්‍රමය විෂයයක්. ලිංගිකත්වය සංස්කෘතියක්. අපේ වැඩිහිටියො අපිට ඉගැන්නුවෙ ආනන්දයෙන් ප‍්‍රඥාවට යන්න කියලා. එහෙම නැතුව ප‍්‍රඥාව අත්පත්කර ගන්න බෑ කියලා. ඒක හරියට මුලින් පේ‍්‍රම කරන්න බැන්දට පස්සෙ සෙක්ස් කරන්න වගේ අදහසක්. ඒ කියන්නෙ පළමුව පේ‍්‍රමය, දෙවනුව ලිංගිකත්වය. ආනන්දයේ සිට ප‍්‍රඥාවට යනවා වගේ පේ‍්‍රමයේ සිට ලිංගිකත්වයට යනවා. මේක සම්පූර්ණ බොරුවක්. සම්පූර්ණ මිත්‍යාවක්. ප‍්‍රඥාවෙන් යමක් අත්පත්කරගෙන ආනන්දය ලබන්න පුළුවන්. මං හිතන්නෙ ප‍්‍රඥාව නැති ගොඩක් අයට ආනන්දය නෑ කියලා. ඒ වගේ පේ‍්‍රමයෙන් ලිංගිකත්වයට යන්න පුළුවන් නම් ලිංගිකත්වයෙන් පේ‍්‍රමයට එන්නත් පුළුවන්. ලිංගිකත්වය කියන්නෙ යකෙක් නෙමෙයි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews