X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

වසර 400කට පෙර ලංකාවෙන් ඉතාලියට රැගෙන ගිය සුදු ඇත් පැටවාගේ කතාන්දරය !


Views - 6124 |Sunday 19th March 2017 13:51:30


1962 වර්ෂයේ යම් අලුත්වැඩියා කටයුත්තක් සඳහා වතිකානු භූමියේ බෙල්වඩියර් අංගනය කණින කම්කරුවන් පිරිසකට දක්නට ලැබෙන්නේ විශාල ප්‍රමාණයේ දතක් සහ හකු අස්ථින් කිහිපයක්. ඩයිනෝසර ෆොසිලයන් යැයි සැක කලද පසුව තහවුරු වන්නේ එය නූතන හස්තියකුට අයත් අස්ථින් බවයි. කාලය විසින් නැවත අතීතයටම එක් කිරීමට සැරසුණු බෙල්වඩියර් අංගනයේ හස්තියා පිළිබඳ තතු නැවත මතු කරගැනීමට 1980 -90 කාලය අතරතුර ස්මිත්සෝනියන් ආයත⁣නයේ ඉතිහාසඤ සිල්වියෝ බෙඩිනි සමත් වෙනවා.

ලොරෙන්සෝ ද අල්මේදා ආගමනයත් සමඟ ලංකාවේ මුහුදුබඩ පලාත් පාලනය තමන් අතට ලබාගැනීමට උත්සුක වන පෘතුගිසින් එකල ඉන්දියාවේ ප්‍රතිරාජයා සමඟ සමීප සබඳතා පවත්වනුයේ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථාන අතර පැවතිය යුතු බැදීම් තව තවත් තහවුරු කරගැනීමේ අභිලාෂයෙනි. කෝ⁣ට්ටේ රජුගෙන් ත්‍යාගයක් වශයෙන් ලැබෙන ඇත් පැටවකු ඉන්දියානු ප්‍රතිරාජය වෙත යැවෙන්නෙ ඒ සබඳතාවල ප්‍රතිඵලයක් ලෙසයි. ඉන්දියානු ප්‍රතිරාජ අෆොන්ස් ද අල්බකක් තමන් වෙත ලංකාවෙන් ලැබෙන සුදු ඇත් පැටවා එකල පෘතුගාලයේ රජතුමා වන 1 මැනුවෙල් රජ වෙත තිළිණයක් ලෙස පිටත්කැර හැරෙනවා. 

1513 වර්ශයේදි ජියොවානි ඩි මෙඩිසි , දසවන ලියෝ ලෙස පාප් ධූරයට පත්වීමත් සමඟ පෘතුගාල දේශපාලනික සබඳතා තහවුරු කරනු වස් පලමු මනුවෙල් විසින් ලංකාවෙන් ලද සුදු ඇත් පැටවා දස වන ලියෝ වෙත තිළිණ කරනවා. මෙඩිසිගෙ පාප් ධූරය පෘතුගාලයේ මැනුවෙල් දකින්නේ වල ඉහ ගැනීමට ලද කලක් මෙන්. නව පාප් සතුටු කිරීමත් සමඟ තමන්ගෙ යටත්විජිතකරණ කාර්යන් සඳහා නාවික හමුදාව ශක්තිමත් කරගැනීමටත්, ස්පාඤ්ඤ රාජ්‍ය සබඳතා පරයා පාප් වෙත තවත් සමීප වීමට ලද අවස්ථාවක් ලෙසත් දකින මැනුවෙල් තමන් නව පාප්තුමා වෙත යවන ත්‍යාග ඉතාමත් සූක්ෂම ලෙස පෙලගස්වන්නෙ දේශපාලනික වශයෙන් ඔහුට තිබූ තීක්ෂණ බුද්ධිය උපයෝගි කරගනිමින්. වටිනා ඇඳුම් ආයිත්තම්, රන් කුසලානයක්, ගෙත්තම් කල විසිතුරු පට රෙදි වලින් කල අල්තාර කවරයක්, රත්තරන්, මුතු මැණික්, චීටාවෙක්, දිවියෙක්, විවිධ සුනඛ වර්ග, විසිතුරු ගිරවුන්, අනර්ඝ පර්සියානු අසෙකු සමඟින් අවසාන වශයෙන් ලංකාවෙන් ලද ධවල ඇත් පැටවා මැනුවෙල්ගෙන් ලියෝ ලද තිළිණයන්.

ඇනෝ.. බෞතීස්ම නාමය හැනෝ ලෙස නම් ලද මේ සුදු ඇත් පැටවා 1514 වර්ශයේ සීත සෘතුවේදි ඉතාලියට සම්ප්‍රාප්ත වන්නේ එකල ඉතාලියානුවන් මවිතයට පත් කරමින්. ඊට ශතවර්ෂ ගනනාවකට එපිටින් හැනිබල් ඇත් සේනාවක් සමඟ ඇල්ප්ස් දුර්ගය තරණය කර රෝම දොරකඩටම පැමිණි බව ඔවුන් අසා තිබුනත්, පැරණි රෝම කොන්සූලයන් තමන්ගෙ ප්‍රෞඩත්වය විදහා පෑමට අලි ඇතුන් තමන් සතුව තබාගත් බව අසා තිබුණත් ශතවර්ෂ ගනනාවකට ඉතාලියානුවන් අලියකු දෑසින් දැකීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස රළු රෝම මංමාවත් ඔස්⁣සේ නුහුරු සීතලේ පියමනින හැනෝ දැකීමට වැල නොකැඩි ඔවුන් පැමිණි ආකාරය ගැන බෙඩිනි සිය පොතේ සටහන් කරනවා. හර්කියුලිස් තොටුපලේ සිට මයිල සැත්තෑවක් ගමන්⁣කර හැනෝ රෝමයට පැමිණෙන අතර මාර්ගය අවට ධනවතුන් , ප්‍රභූන් හැනෝගෙ භාරකරුවනට රාත්‍රී භෝජනයනට ඇරයුම් කල ආකාරයත්, මාර්ගය අවට වගාවන් පාළු කරමින් ඒ මතින් හැනෝ නැරඹීමට පැමිණි ඉතාලියානුවන් ගැනත් සටහන් වන්නේ හැනෝ සැබැවින්ම එකල ඉතාලියට විශ්මයක් වූ බව තහවුරු කරමින්.

වතිකානුවට සපැමිණි හැනෝ තමන් හා පාප් අතර සිදුවන පලමු නිළ හමුවීමේදි පාප්ට ආචාර කල බවත්, අසල තිබු පොකුණකින් ගත් ජලය ගෙන පාප් ඇතුළු අනෙක් අමුත්තන් නැහැවු බවත් සටහන් ⁣වේ. හැනෝ වසර තුනක් පමණ වයසේ වු ඇත් පැටවකු බැවින් එකල වතිකානුවම තමන් වෙත ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබෙනවා. පාප් හා ඇත් පැටවා අතර ඇතිවු බැඳීම කොතෙක්ද යත් බෙලවඩියර් අංගනය ඇත් පැටවාට වෙන්කර විශේෂ කුටියක් සාදවා සියළු සැප පහසුකම් ඇත් පැටවාට ලබා දුන් බවත් සති අන්තයේදි ඉතාලියානුවන් හට හැනෝ නැරඹීමට ඉඩ ලබාදුන් බවත් බෙඩිනි සටහන් කරනවා.

කොතෙක් සැප පහසුකම් ලබා දුන්නත් හැනෝ තමන්ට ආගන්තුක දේශයක, තමන්ට නුහුරු දේශගුණයක කල් ගත කල ඇත් පැටවෙක්. හැනෝගේ දෛවය වතිකානු දිවියට කෙලවරක් තබන්නේ සියල්ල උඩු යටිකුරු කරමින්. 1516 වර්ශයේදි.. හැනෝගෙ වතිකානු දිවියේ දෙවන වසර හමාර කරන විට හැනෝ ජීවිතයන් සමුගන්නවා. හැනෝගෙ මරණය සම්බන්දයෙන් විස්තර කිහිපයක් තිබෙනවා. එක් විස්තරයකට අනුව හැනෝ මරණයට පත්වන්නේ රන් පතක් නාසයේ හිරවීමෙන් හුස්ම ගැනීමට නොහැකිව. තවත් විස්තරයකට අනුව හැනෝ ටයිබර් ගං ඉවුර අසබඩදි ටයිබර් නදියට වැටීමෙන් පසු දියේ ගිලී මි⁣යෙනවා. නමුත් මේ අතරින් වඩාත් තහවුරු කල මතය වන්නේ හැනෝ උදරාබාදයකින් පසුව ශ්වසනයේ අපහසුතා නිසා මිය ගිය බවයි. 

හැනෝ නිබඳ සුරතලයට ලක්වුන සත්වයෙක් බැවින් හස්ති වර්ගයාට එතරම් නුසුදුසු පැණිරස ආහාරපාන හැනොට ලැබෙන්නට ඇතැයි සැක කළ  හැකියි. කෙසේ නමුත් හැනෝගෙ රෝගය සුව කිරීමට දසවන ලියෝ නොගත් උත්සහයක් නැතැයි පැවසෙනවා. හැනෝ සුව කිරීම සඳහා රත්රන් කාසි පනස්දහසක් පමණ වියදම් කල බවත් හැනොගෙ මරණය නිසා ලියෝ ⁣ඉතාමත් ශෝකයට පත්වු බවත් සටහන් වේ. හැනෝගෙ මරණයෙන් පසු හැනෝ ජීවත්වු බෙලවඩියර් අංගනය තුලම මිහිදන් කරන ලියෝ, හැනෝ වෙනුවෙන් මතක සමරු ඵලකයක් නිර්මාණය කර එහි හැනෝගෙ විස්තරය සටහන් කරනවා (මෙය පසුකාලීනව විනාශ වී ඇත). 

හැනෝ වතිකානුවේ ජීවත් වු සමයේ විශිෂ්ට පුනරුද චිත්‍ර ශිල්පියෙක් වු රෆායෙල් විසින් ජීවමාන හැනෝව සිත්තම් කිහිපයකටම නගා තිබෙනු දැකගත හැකියි. හැනෝ මරණයට පත්විමෙන් පසුවත් දශක කිහිපයක් ගතවන තෙක් වතිකානු නිර්මාණ සම්ප්‍රදායට බලපෑම් කල බවට සාධක අදටත් හස්ති කැටයම් සහිත 16 සියවසට අයත් නිර්මාණ තුලින් දැකගත හැකියි. මේ අතරින් 1667 ලොරෙන්සෝ බර්නීනි විසින් සැන්ටා මාරියා මිනර්වා දේවස්ථානය අසල ඉදිකල ඔබෙලිස්කයට පිට දී සිටින හස්තියා හැනෝගෙ වතිකාන සලකුණ අදටත් විදහා දක්වනවා.

හැනෝ... වසර 5000 ක් පමණ දිවෙන ලාංකීය මානව හස්ති ඉතිහාසයේ තවත් එක් වින්දිතයෙක්. හැනෝ කොළඹ වරායෙන් නැව්ගත කර ශතවර්ෂ පහක් ගෙවී අවසන්. බුරුමය, තායිලන්තය වැනි රටවල් සිය හස්ති ප්‍රජාව රැකගැනීම සඳහා කුමන හේතුවක් මත හෝ හස්ථියකු ⁣අන් රටකට යැවීම තහනම් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට අප තවමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා හස්තින් දන් දෙමු.

ඉතින් රළු පරළු ඉතාලි මංමාවත් තුල කර්කශ සීතලේ ගෑටු ඒ කුඩා ඇත් පැටවාගෙ ආත්මයටවත් නිදහසක් ලැබෙයිද ?

සටහන - Don Supz

 

17309502_10154928751601327_3768069624726350346_n

(රෆායෙල් විසින් චිත්‍රයට නගන ලද  හැනෝගේ රුව)


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews