X

Print

LATEST NEWS

තවත් ආසාදිතයින් 39ක් හමුවෙයි - මුළු ආසාදිතයින් ගණන 1317ක් දක්වා ඉහළට අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි තවත් ආසාදිතයින් 72ක් හමුවීමත් සමග මෙරට එක් දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා කරයි තවත් කොවිඩ්19 ආසාදිතයින් 17ක් හඳුනා ගැනේ අද සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කෙරේ බස් සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි

 

 

 

හිතෙන් CHAT කරන්න පුළුවන් fb ඔප්ෂන් එකක් !


Views - 4013 |Sunday 23rd April 2017 14:59:47


මිනිස් මොළය සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් පරිගණකය ක්‍රියා කරවීමට හැකි නව තාක්ෂණික ක්‍රමයක් (Brain-computer interface) පිළිබඳ තාක්ෂණික කටයුතු සිදු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය නිවේදනය කර තිබේ. පරිගණක ඉංජිනේරුවන් හැට දෙනකුගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන මෙම නව තාක්ෂණික සොයා ගැනීම හරහා මොළයට කිසිදු උපකරණයක් සවි කිරීමකින් තොරව පරිගණක තිරය මත තමන්ට අවශ්‍ය දෙය යතුරුලියනය වීමට සැලැස්වීමට හැකියාව ලැබේ.

මෙම මෘදුකාංගය මඟින් පුද්ගලයකුගේ මොළය මිනිත්තුවකට සිය ගුණයක වේගයෙන් ස්කෑන් කර මිනිසකුගේ සිතුවිලි අකුරු බවට පරිවර්තනය කිරීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කිරීමට නියමිත බව පැවසේ.

ෆේස්බුක් ආයතනයේ ප්‍රධානියකු වන රෙජීනා ඩූගන් පවසන්නේ මිනිසෙකුට මිනිත්තුවක දී වචන 100ක් යතුරුලියනය කිරීමේ අවස්ථාව එනම් ජංගම දුරකථනයකින් යතුරුලියනය කරනවාට වඩා පස් ගුණයක වේගයෙන් යතුරුලියනය කිරීමේ අවස්ථාව ලබා දීම තමන්ගේ ඉලක්කය බවයි.

තවමත් මුල් අවධියේ පසුවන මෙම ව්‍යාපෘතිය මඟින් සැත්කමකින් තොරවම මොළය සමඟ ගනුදෙනු කිරීමට හැකි වීම විශේෂත්වයකි. මේ නව තාක්ෂණය හරහා ආබාධිත, අංශභාගය වැලඳුණු පුද්ගලයන් හට විශාල ප්‍රතිලාභයක් අත්වන බව ෆේස්බුක් ආයතනය පෙන්වා දෙයි.

මේ  උදෙසා දෘඪාංග සහ මෘදුකාංග යන දෙකම නිපදවන බවත් පැවසේ.

එසේම මෙහි දී ඔබගේ සියලුම සිතුවිලි අකුරු බවට පරිවර්තනය වීමක් සිදු නොවේ. මෙහි දී අකුරු බවට යතුරුලියනය වන්නේ ඔබ වෙනත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට සූදානම්ව මොළයේ කථනය පාලනය කරන ස්ථානය වෙත යොමු වී ඇති සිතුවිලි පමණකි.

“මෙතැන දී ඔබට හිතන්න බාධාවක් නැහැ. නිදහසේ හිතන්න පුළුවන්. සමහරක් සිතුවිලි පමණයි පරිවර්තනය වෙන්නෙ. උදාහරණයකට ඔබ ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ගත්තත් ඔබ පළ කරන්නේ කිහිපයක් වගෙයි.”රෙජීනා ඩූගන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

- සිතාරා කුලරත්න -


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews