X

LATEST NEWS

වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී.. කුරුදු අපනයනයෙන් වාර්තාගත  විදේශ විනිමයක්... " ගුරුවරුන්ගේ වැටුප් තවදුරටත් ඉහල නංවනවා මිස අඩුකිරීමට හෝ කප්පාදුවට මා ඉඩදෙන්නේ නැහැ" - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්  මහින්දගෙන් ප්‍රශ්න කළාට විරෝධය පා පොහොට්ටුවේ මන්ත්‍රීවරු විරෝධයක.... කාලසටහන නිසා අමාරුවේ වැටුණු උසස් පෙළ සිසුන්ට සහනයක්... විපක්ෂ නායක සටන බල අරගලයක් නොව අයිතිය ඉල්ලීමකි - කුමාර වෙල්ගම විරෝධතා රැල්ල පිටුපස ඒකාබද්ධය මූලික කරගත්ත දේශපාලන හස්තයක් ගැන අජිත්.පී.පෙරේරා හෙළි කරයි  මැදවච්චියේ සිට තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය අද සිට තාවකාලිකව අත්හිටුවයි. ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සුදානම්... දේශීය ලොකු ළූණු වගාවට රක්ෂණාවරණයක්... ගැටුම් නිමවු පසු යළි මෙරටට පැමිණීම සඳහා පුද්ගලයින් 242 ක් අයදුම්පත් යොමු කරලා  මහනුවර  ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රී 06.16 ට නිවාඩු මාස වලදී ගුරු වැටුප් නතර කරන බවට  පලවන අසත්‍ය පුවත පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණ  ඉන්දීයානු සායනික අපද්‍රව්‍ය මුහුදට දැමිම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව මැදිහත්විය යුතුයි... බස් වර්ජනය අසාර්ථකයි...

වැරදි කරන්න... ඒවා නිවරදිත් කරන්න. හරියන්න හරි.. වරදින්න හරි කරලම බලන්න ඕන. දැවැන්ත සමාගමක ශ්‍රී ලාංකීය සලකුණ.. අනුර මාවිල්මඩ


Views - 11998 |Thursday 4th May 2017 10:26:52


ලොව සියවසකට අධික ඉතිහාසයක් ඇති සමාගමක, ශ්‍රී ලාංකේය සලකුණක් වන්නට ඔහුට හැකි විය. ඒ, බොහෝ කැපවීම් මතිනි. වැඩකිරීමේ කලාව මතිනි. තිස් වසරක් පුරා වැඩ කරමින්, ගෝල පිරිසක් බිහි කරමින් ඔහු ආ මඟ ප්‍රායෝගිකය. විටෙක ඔහු පාලනාධිකරණයේ කෙනෙකි. විටෙක සේවක මණ්ඩලයෙන් කෙනෙකි. තවත් විටෙක ඔහු වෙළෙඳ ජාලයේය.පාරිභෝගිකයන්ගෙන් කෙනෙක් වන්නට ද ඔහුට පුළුවන. මේ සෑම අංශයක ම සමීපතමභාවය තරමට ම ඔහු අගයන තවත් දෙයකි. එනම් ‘මනුස්සකම’ රැකගෙන වෙළෙඳාම් කරන හැටි කියා  දීමට ය.

 

ඔහු යුනිලීවර් ආයතනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකිකයා වීම ම අපට ආඩම්බරයකි. ඔහු නමින්  අනුර  මාවිල්මඩ ය.

 

"අවුරුදු තිහක් එකම ආයතනයට වැඩ කරපු, විදෙස් ජාතික කාල් කෲස් සභාපතිවරයාට යටින් ඉන්න අත්දැකීම් බහුල ම ශ්‍රී ලාංකිකයා මං. ඒ වගේ ම ආයතනයේ ම සේල්ස් රෙප් කෙනෙක් විදියට වැඩ පටන් අරන් රටවල් තිහකට වැඩ කළ අධ්‍යක්ෂවරයෙක් යුනිලීවර් ඉතිහාසයේ වේ නම්, ඒත් මමම යි. හැබැයි ඒ එකක්වත් මං ප්ලෑන් කරලා ලබා ගත් දේ නෙවෙයි. කරන දේ උපරිමයෙන් කිරීම හා ඒ මතින් ලැබුණු ප්‍රතිඵල.  මං බොහොම ප්‍රායෝගික මනුස්සයෙක්. මිනිස්සු එක්ක කතා බහ කරලා ඕනෑම දෙයක් විසඳා ගැනීමේ නම්‍යශීලී කලාව මං ප්‍රගුණ කරලා තියෙනවා. මොබයිල් ටෙලිෆෝන්, කැල්කියුලේටර් මගේ ජීවිතයේ බොහොම ඈත දේවල්. ඕනෑ ම ගාණක් මනෝමයෙන් හදන්නයි මං කැමැති. සුපුරුදු රාජකාරිය තුළ වුණත් නිතර වෙනස් කිරීම් කරන්න නිර්මාණශීලීත්වයෙන් යුතු දෑ එක් කරන්න මං කැමැතියි. රාමුගත නීති රීතිවලට වඩා  මට වටින්නේ මනුෂ්‍යත්වයෙන් කරන ගනුදෙනුවයි'.   එතුමා පවසන්නේ බොහොම නිරහංකාරවයි.

 

ඔහු ආයතනය තුලට එන  හැටි කියන්නේ  මෙහෙමයි 

මම ඉගෙන ගත්තේ කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් එකේ. අපි උග්‍ර බෞද්ධයො වුණත් කතෝලික පාසලක විනය අගේ කළා. අපි අද මේ රටට වැඩක් කරන හොඳ මිනිසුන් හැටියට සමාජගත වෙලා ඉන්නවද, ඒ ගෞරවයෙන් කොටසක් පාසලටත් අයිති විය යුතුයි.1985 අවුරුද්දෙ අගෝස්තු මාසෙ 04 වැනිදා තමයි මම යුනිලීවර්ස් එන්නෙ, සේල්ස් රෙප් කෙනෙක් හැටියට. ඒත් බඩු විකුණන්න දෙන්නෙ නැහැ. ජ්‍යෙෂ්ඨයෙක් එක්ක ෆීල්ඩ් එකට යවනවා. ජ්‍යෙෂ්ඨ‍යා අපිට දෙන්නෙ පාප්ප බාල්දිය උස්සාගෙන ගිහින් පෝස්ටර් අලවන වැඩේ. කඩවලින් මිලදී ගන්න අපේ බඩු, රාක්කවල අහුරන වැඩේ. මුළු මාසයක් ම මේ දේවල් කළාට පස්සෙ තමයි බිල්පොත අල්ලන්න දෙන්නෙ. සුදු අත්කොට ෂර්ට් එක ඇඳලා ටයිත් දාලා, පාප්ප ගගා පෝස්ටර් අලවනකොට ඉස්කෝලෙ ඇරිලා ගෑනු ළමයි යනවා. ඒ වෙලාවට ටිකක් හැංගෙනවා. ආයේ ඒක කරනවා. ඕනෑම සාර්ථක මනුෂ්‍ය‍ෙයක් දවසක ප්‍රතික්ෂේප වී තිබෙනවා.මම යුනිලීවර් ආවෙත් ප්‍රතික්ෂේප වෙලා. හේතුව ඉන්ටවීව් ෆේල්. අපිට තිබුණෙ සන්ලයිට් විකුණන හැටි රඟපාලා පෙන්වන්න. මගේ ම ඉස්කෝලෙ යාළුවා සහ මම. ‘එයා ආවා. මට සන්ලයිට් ගැන කිව්වා. ‘ආ දෙන්න කේස් දෙකක්…’ මම කිව්වා. යාළුවා ගොඩ. ඇයි බඩු විකිණුනානේ. දැන් මගේ වාරේ. මං එයාට සබන් ගැන කිව්වා. ‘එපා එපා බඩු තියෙනවා. අරන් යන්න…’ මිනිහා ලොකු කමින් කිව්වා. මට විකුණගන්න බැරි වුණා. මං ෆේල්. එයා තේරුණා. මාව විසිවුණා. දෙමාසෙකට පස්සෙ මට ආයෙත් ඉන්ටවීව් ලැබුණා. ප්‍රතික්ෂේප වුණත් මං යුනිලීවර් ආවා. දෑවුරුද්දක් යද්දි අර යාළුවගේ බොස් මන්.

 

අඩියෙන්  ඔහු ඉදිරියට ආපු හැටි කිව්වේ  මෙහෙමයි 

සේල්ස් රෙප්, ඇසිස්ටන්ට් බ්‍රෑන්ඩ් මැනේජර්, ට්‍රේඩ් මාකටින් මැනේජර් තනතුරුවලට පස්සෙ මං ඒරියා මැනේජර් වුණා. ඒ කාලෙ වෙනකොට කම්පැනියේ සේල්ස් පහළ යමින් තිබුණා. මේ වගේ ආයතනයක සේල්ස් පහළ යනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මාස හයක් ඇතුළත මං ඒ පහළ යෑම නතර කළා. ඒ එක්කම මාව ජෙනරල් සේල්ස් මැනේජර් විදියට උසස් කළා. පහළ යෑම නතර කළා වගේ ම අලෙවිය වර්ධනය කිරීමේ මහා මෙහෙයුම පටන් ගත්තෙ ඉන් පස්සෙ. ඩිස්ට්‍රිබියුටර් නෙට් වර්ක් එක වෙනස් කළා. වැඩි වෙළෙඳාමක් නොවූ බෙදා හැරීමේ නියෝජිතයන්, හොඳ හිතත් තියාගෙන ඉවත් කළා. මාසෙට සැරයක් කඩේට බඩු දාන්න යන එක සතියකට සැරයක් කළා. ප්‍රොෆිටි මාජින් වෙනස් කළා. ණය දීමේ ප්‍රතිපත්ති වෙනස් කළා. එතෙක් අලෙවි ක්‍රමවේදය ගලා ගිය ව්‍යුහය, මං එහෙම පිටින් ම වෙනස් කළා. රෙප්ස්ලගෙ ආකල්ප හැදුවා. අවුරුද්දක් යනකොට 14%කින් අලෙවිය වර්ධනය කළා. අවුරුදු පහකට පස්සෙ මං බිස්නස් එක ඩබල් කළා.

 

බහු ජාතික සමාගමක වැඩ කරද්දී ඔහුගෙ හැසිරීම 

බහු ජාතික සමාගමක් වුනාට රට තුළ දේශීයත්වය රැකගෙන වැඩකරන එකයි මේ ආයතනයේ ස්වභාවය. 1938 අවුරුද්දෙ ලංකාවේ ස්ථාපිත කරලා අද වෙනකල් ජනප්‍රිය පාරිභෝගික භාණ්ඩ 29 කට වඩා නිෂ්පාදනය කරමින් බෙදා හරිනවා. නෙදර්ලන්තෙ මව් සමාගම තිබුණට ඕනෑම රටකට ඒ ඒ රටට ආවේණික නිෂ්පාදන කරන්නත් නිදහස තිබෙනවා. ඒ නිසා ම මේ ආයතනය රටවල්  170 ක විහිදුණත් ‘Global Local’ සමාගමක්. අපෙන් එහාට යනවට වඩා ලැබෙන ආදායෙමන් බහුතරය, රට තුළ ආයෝජනවලටයි යොදවන්නේ. ඒ නිසාම ආසාවෙන් වැඩ කරන්න පුළුවන් හොද මානසිකත්වයක් ඇති උනා. 

 

සේල්ස්මන් කෙනෙක් වෙන්න හිතන යට ඔහු අපුරු දෙයක්  කිව්වා.

මගේ රෙපින් ජීවිතය පුරාම මාත් ‘ටාගට්’ සැපිරුවා. නමුත් ටාගට් සඳහා ඔබ අටේ ඉඳන් පහ වෙනකල් වැඩ කළ යුතුමයි කියලා මං කියන් නෑ. ඔබට පුළුවන් නම් ඒ වැඩ කොටස පැයෙන් කරන්න, ඔබ එහෙම කරන්න. ඉතිරි වෙලාවෙ ඔබ මොකද කළේ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මං බලන්නෙ රාජකාරිය විතරයි. එහෙම මානසික නිදහසක් දුන්නම තමන්ගෙ skills උපරිමව යොදලා උනන්දුවෙන් වැඩ කරන්න මිනිස්සු කැමැතියි.

 

ඔහුගෙ ගමන් මගේ පුර්වාදර්ශය 

සීයා නුවර හිටපු උප නගරාධිපති. නම ආර්.පී. මාවිල්මඩ. දේශපාලනය කළා. ඒ පාරෙ ගිහින් තාත්තත් දේශපාලනය කළා. ඒ දෙන්නම දේශපාලනයෙන් තිබුණු දේ නැති කරගත්තු අය. හැබැයි මං මිනිසුන් අතර ජීවත්විමේ කලාව ඉගෙන ගත්තෙ මේ දෙන්නගෙන්. හැම ඉරිදම සීයා ගමේ ගෙයින් ගෙට යනවා. කහට කෝප්පයක් බිබී මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරනවා. සීයා එක්ක මේ ගම වටේ යන ගමනට මං කලින්ම ලක ලෑස්ති වෙනවා. අවුරුදු පහ හයේ ඉඳන් වයස දොළහ විතර වෙනකල් මේ සුන්දර අත්දැකීම් මට ලැබුණා. අදටත් ඕනෑම සමාජ තලයක ඕනෑ ම කෙනෙක් ඇසුරු කරන්න ගනුදෙනු කරන්න මට කිසි චකිතයක් නැහැ. ‍‍

 

ජාත්‍යන්තර අත්දැකීම් ඔහුට දැනුනේ මෙහෙමයි 

මං ඉගෙනගත්තු හොඳම දේ තමයි, වෙනස් සංස්කෘතීන් එක්ක කොහොමද එකට වැඩ කරන්නේ කියන කාරණය. එකම ජාතියක වෙලත් අපේ රටේ වැඩකරද්දි මොන තරම් ප්‍රශ්න තියෙනවද. ජාතීන් තිහක් එක්ක වැඩ කරන්න ලැබුණ ම තත්වය කොහොමද…, මොන තරම් බරපතළ තියරි තිබුණත් හැම වෙලාවෙ ම මට හරි ගියේ, ‘මනුස්සකම’ මිශ්‍ර කරපු ක්‍රමවේද. එක වෙලාවක ලංකාවේ වගේ ම ඊජිප්තුවේදිත් සේල්ස් අඩුවීමේ ප්‍රශ්නය උග්‍ර වුණා. මං කළේ ලංකාවේදි මං අනුගමනය කළ ක්‍රමවේදයමයි. ඒක කරන්නත් සෑහෙන වෙහෙසක් දරන්න වුණා. මොකද ඔවුන් අහංකාර ජාතියක්. පිළිගන්න කැමැති නැහැ. එක පළාතකට මේ ක්‍රමය අනුගමනය කරලා ප්‍රතිඵල පෙන්නුවට පස්සෙ තමයි ඔවුන් එය පිළිගන්නෙ. මම මෙතැනදී මේ වගේ දේකුත් කලා. ටයි එකකුත් හිර කරගෙන අත් දිගට ඇඳලා පැලඳලා, සීත කාමරේකට වෙලා කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි සේල්ස් කියන්නෙ. මිනිස්සුත් එක්ක ගැටෙමින් වැඩි කාලයක් මහ පාරේ සහ කඩපිල්වල ගත කරන ප්‍රායෝගික මනුෂ්‍යයෙක් මං. සේල්ස් කියන්නෙත් ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවෙදි මනස වගේ සිරුරත් සැහැල්ලු වීම වැදගත්. ඇදුම  පැලඳුම ආ‍ටෝපයක් පමණයි. ලස්සනට ඇන්දා පැලැන්දා කියලා ගුණාත්මක භාවය හෝ හැකියාවක් නැතිනම් ඒකෙන් ආයතනයට ඇති ඵලක් නැහැ. වෘත්තීය ජීවිතයෙදි Skills උපරිම ලෙස යෙදිය යුතුයි. සෑම දෙයකම ගුණාත්මක බවක් තිබිය යුතුයි. අවුරුදු හතක් මං ඩුබායි බේස්වෙලා, රටවල් තිහක් බැලුවා. මං ඒ අවුරුදු හතට ම ඇන්දෙ ටී. ෂර්ට්. ඇඳුමෙන් පැලඳුමින් මිනිස්සු මනින ක්‍රමය දැන් හරි වෙනස් වෙන්න ඕනේ. මොකද සරල ඇඳුම පැලඳුම ඇතුළෙ හොඳ ‘වැඩකරුවෙක්’ ඉන්න පුළුවන්. දැවැන්තයෙක් ඉන්න පුළුවන්. මම හිතන්නේ මගේ මතය මගේ විදිහ වෙනස්ම එකක්.

 

 

මේ ඔහු සාමාන්‍ය ජීවිතෙ ගතකරන විදිහ

ඇත්තටම මම ජීවිතය හුගාක් විදින්න පුරුදු වුන කෙනෙක්. ඉස්සරත් ඉස්කෝලෙන් පැනලා ගිහින් චිත්‍රපටි බලපු පිස්සුවක් තිබුණු මං අදත් චිත්‍රපටි බැලිල්ල නම් අත් හැරලා නැහැ. සරසවිය පත්තරේ එක්ක, අවුරුදු ගණනාවක් සම්මාන උලෙළ කළා. රිදී රැයක් කළා. එකේ පන්තියේ ඉඳලා අද වෙනකල් අවුරුද්දට සැරයක් හමුවන යාළුවො විසි දෙනෙක් මට ඉන්නවා. අපි බිග් මැච් වරද්දන්නැහැ එකේ පන්තියේ ඉඳලා. දැන් අවුරුදු 55 වෙලත් අපි විසිදෙනා ලෝකෙ කොහේ හිටියත් එක දවසක හමුවෙනවා. මං සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වන කෙනෙක්. මට ඉන්නෙ එක දුවයි. එයා ළඟදිම වෛද්‍යවරියක් විදියට වැඩ පටන් ගන්නවා. මගේ අම්මටයි තාත්තටයි ඕනෙ කළේ මාව ඩොක්ට කෙනෙක් කරන්න. අන්තිමේ මිණිබිරි තමයි ඒ ආසාව ඉටු කළේ. දුව ඉන්නෙ ඩුබායිවල. 2015, හත් අවුරුද්දක් වැඩකරලා මං මෙහෙ ආවා. බිරිඳයි දුවයි නතර වුණා. මොකද එයාගේ අධ්‍ය­ාපනය නිසා. එත් එයාලා  මට හුඟක් ළඟයි. මගේ රාජකාරිය මට මහ විශාල මෙහෙයුමක්. හැබැයි පඩිපෙළ බැහැලා ගියාට පස්සෙ මට වෙන ජීවිතයක් තිබෙනවා. ම‍ගේ බිරිඳ… දුව… අපේ පවුල යාළු මිත්‍රයො ඒ ජීවිතයෙ ඉන්නවා. රාජකාරියෙන් ඇතිවන පීඩා, හිත් රිදීම්… කිසිවක් මං මතක තියාගෙන වද විඳින කෙනෙක් නෙවෙයි. එහෙම සිතිවිලි මං Delete කරනවා. ජීවිතය උපරිමයෙන් විදිනවා.

 

නායකත්වය ගැන ඔහු කිව්වේ මේ වගේ දෙයක් 

.මං වැරැදි කරන්න ඉඩ දෙනවා. නිවැරැදි වෙන්නත් ඉඩ දෙනවා. යමක් පවරලා, ඒක නොකර ඉන්නවට වඩා, හරියන්න හරි වරදින්න හරි ඒක කරන කෙනාටයි මං කැමැති. වැරැදුණාට කිසි ම ප්‍රශ්නයක් නැහැ. ඒවා හදන්නයි අපි ඉන්නෙ. වැදගත් වෙන්නෙ අභියෝග බාර ගන්න එක සහ නොදන්නා දේ ඉගෙන ගැනීම. මට වඩා පොඩි කෙනකුගෙන් වුණත් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් මාත් ඒ දේ ඉගෙන ගන්නවා. ඒක මදිකමක් නෙවෙයි. අපි හැමෝම නිහතමානිව ජීවත් වෙන්න ඕනේ. නායක කම කවුරුත් දෙන දෙයක් නෙමෙයි. එක අපිම හදා ගන්න ඕන දෙයක්.


COMMENTS

කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න
 Monday 9th July 2018 12:38:31
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා. මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක...
Read More
ජනාධිපති ජනමාධ්‍ය සම්මාන හා රාජ්‍ය රූපවාහිනි කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.
 Thursday 5th July 2018 12:04:05
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි යන මාධ්‍යවල විශිෂ්ඨයන් වෙනුවෙන් සම්මාන පිදීම සදහා ප්‍රථම වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ මස අගදී පැ...
Read More
මෑත කාලයේ කතාබහක් ඇතිකළ අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය - "දැවෙන විහගුන්"
 Tuesday 3rd July 2018 10:29:51
මේ දිනවල බොහෝ දෙනාගේ  කතා බහට ලක්වූ තරුණ පරම්පරාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන  &...
Read More
දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews