X

Print

LATEST NEWS

රුපියලට බැස්ස අපේ දොඩම්.... අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි.... 1 වසරට සිසුන් ගැනීමේ චක්‍රලේඛනය ව්‍යවස්ථාවට පටහැනී.... සිංහල ජාතිය  වද වෙනවා. මාධ්‍යට මේවා කියල වැඩක් නැහැ - කථානායක  ‘බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට' - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ගෝඨාගේ නඩුව කල් යයි.... කෝට්ටේ මහනගර සභාවට පැය 17 ක ජල කප්පාදුවක්.... ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාගේ චෝදනා එරට පොලීසිය ඉවත් කර ගනියි.... මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන "බණ්ඩා" ජිවිතක්ෂයට මාලඹේ SLIIT ආයතනය රජයට පවරන්න නියෝග කරයි..... රටම බලා සිටි ඉන්ධන මිල සුත්‍රය ගැන මංගල හෙළි කරයි..... මාර්ක් සකර්බර්ග් ට ෆේස්බුක් මුල් පුටුව අහිමි වන ලකුණු.... ක්‍රිකට් මුල්‍ය වංචාවට සම්බන්ධ ලොක්කා ආගියඅතක් නෑ.... සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් සාම්පල රට යවන්නැයි, නියෝග....

 

add

 

ආසියානු කලාපයේ නැගී එන ලංකාවේ ධනවත්ම චරිතය


Views - 41011 |Wednesday 17th May 2017 12:08:15


ඔහු ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් ශ්‍රී ලාංකිකයෙක්. නමින් ඩබ්ලිව්.කේ.එම්. වෑගපිටි ය. ඔහුගේ නමින් ඔබ ඔයුව නොහදුනනවා වුනත් ඔහු ලාෆ්ස් සමාගමේ වර්තමාන සභාපතිවරයා ලෙස හදුන්වුවහොත් ඔබ ඔහුව හොදාකාරවම  හදුනනවා. අද වන විට ආසියානු කලාපයේ නැගී එන ධනවත්ම චරිතය ඔහුයි. අපි එහෙම කියන්නේ ඔහු ලාෆ්ස් සභාපතිවරයා නිසා නෙමෙයි. මේ වන විට ඔහු නෞකා ත්‍රිත්වයක සින්නක්කර හිමිකරු වීම නිසයි. 

ඉලක්කගත ගමනක ප්‍රතිපලයක් ලෙස අධිෂ්ඨානශීලී ගමනක කැපවීමේ ආයෝජනයක් තුළින් අත්පත්කරගත් ප්‍රතිලාභයක්. නෞකා තුනෙන් නැවතුමක් නෑ. ඉදිරි වසර පහ සපිරෙන කොට නැව් 20ක් ගන්න ඕන. එක අපේම සමාගමේ අරමුණක් වෙනවා.

ලෝකයම අලුත් වෙනසකට පරිවර්තනය වෙමින් තියෙන්නේ. මිට කලින් ආර්ථිකයේ කිරුළ දරාගෙන හිටියේ බටහිර රටවල්. එත් අද තත්වය වෙනස්. 2014 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ  ආර්ථික ප්‍රකාශන වාර්තාවේ හැටියට 2025 වන විට ලෝකයේ දල ජාතික නිෂ්පාදනයෙන් 48%ක් නිෂ්පාදනය වෙන්නෙ  ආසියාවේ. ලෝක ජනගහනයෙන් 51%ක් පමණ ඉන්නෙත් ආසියාවේ. ඒ නිසාම දැන් ලෝක ආර්ථික මර්මස්ථානය ක්‍රමයෙන් බටහිරෙන් නැගෙනහිරට තහවුරු වීම පටන් අරගෙන තියනවා. 

අපි ඉන්නේ ආසියාවේ බලවත්ම ආර්ථික මර්මස්ඨාන දෙක ලෙස හැදින්වෙන ඉන්දියාවටයි චිනයටයි මැදිව. මේ රටවල් මේ වන විටත් අඛණ්ඩව දළ දේශීය දේශීය නිෂ්පාදනයෙන් 6%ක් පමණ පවත්වාගෙන යනවා. එක අපිටත් හොද අවස්තාවක්.

මේ ආර්ථිකයේ ප්‍රගමනය සිදුවෙන්නෙ ඉන්දියන් සාගරය හරහායි. අපි ඉන්නෙ ඉන්දියාවට පාමුලින්. චීනෙට මැදිව. ඉන්දියන් සාගරයේ ආර්ථික සංසිද්ධිය සිද්ධ වෙන්නේ මෙන්න මේ කලාපය තුලයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ට වාසිම තැනක.

සාගරයේ ක්‍රියාකාරිත්වය සිද්ධ වෙන්නෙ නෞකා වලින්. එහිදී අපගේ ක්‍රියාවලිය වෙන්නේ බලශක්තිය බෙදාහරින එක. චීනයට අවශ්‍ය බලශක්තිය එන්නෙ ඉන්දියන් සාගරය හරහායි. බලශක්ති ප්‍රවාහනය සාගරය හරහා මිසක් ගුවනින් සිදු වෙන්නේ නෑ. එ නිසා තමයි අපි නෞකා කියන සංකල්පයට අත  තියන්නෙ.

සාමාන්‍යයෙන් ලෝකයේ ගෑස් ප්‍රවාහනය කරන නෞකාවල වරකට ටොන් 40,000ක් 50,000ක් වගේ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරනවා. අපි උත්සහ ගත්තා ටොන් 7000ක නැවකට යන්න. පොඩියට ආරම්භයක් විධිහට. අපි ඒක කළා.

 ජපනෙන්ම මිලදී ගත්ත නෞක තුනක් මේ වෙද්දී අපිට තියනවා. 2014දී තමයි අපේ මුල්ම නැව  "ගෑස් චලෙන්ජෙර් " මිලදී ගත්තේ වටිනාකම දිලර් මිලියන 5.75ක් වුණා. 2015දී "ගෑස්  සක්සස්" ගත්තේ ඩොලර් මිලියන 4.4ට අපේ අලුත්ම නව මිලදී ගනිද්දී වාණිජමය වශයෙන් වාසි රැසක් අත් වුණා. ඒ හේතුව නිසාම නැව් 20 කියන ඉලක්කය සැබෑ කරගන්න පුළුවන් ඉලක්කයක්.

දකුණු ආසියානු කලාපේ තියන ලොකුම ආනයන අපනයන පර්යන්තය හදන්නේ ලංකාවේ හම්බන්තොට වරාය කලාපයෙයි. 2018 අප්‍රේල් මැයි  වගේ වෙද්දී කලාපයේ ධාරිතාව මෙහෙයවන්න නැව් 20ක් නං ඕනෑමයි. අපේ රට වටේම මුහුද තිබුනත් අපිට නැව් නැහැ.අපිට පුළුවනි ඒ හිඩැස පුරවන්න. රටක් විදිහටත් එතකොට අපි ඉදිරියෙන් ඉදීවි.

මන් මුලින්ම රස්සාව කලේ ලංකා නැව් සංස්ථාවේ සාමාන්‍ය පුහුණුකරුවෙක් විදිහටයි. මන් හරියට හිතපු දෙයක් තමයි ආසියාවේ ආර්ථික මර්මස්ථාන  දෙකක් මැද ඉදලත්, රට  වටේම මුහුද තිබිලත් අපි කොතනද ඉන්නේ කියන එක. සිංගප්පුරුව පුංචිම රටක්. මිනිස්සුන්ට වැඩිය ඒ රටේ තියෙන්නේ නැව්. පරාක්‍රමභාහු රජ්ජුරුවෝ නැව් හමුදාවක් අරගෙන බුරුමයට ගිය කතාවක් තියනවා. එහෙනං අපිට නැව් සතු වූ අතීතයක් තිබිල තියනවා. අපිට එක වර්තමානයක් විතරක් නෙමේ, අනාගතයක් කරන්නත් පුළුවන්. අපි කවදාහරි ඒ යතාර්ථය ප්‍රයෝගික කරගන්නවා.

අපේ අරමුණ යතාර්ථයක් වෙච්ච දවසට වාසිය  අපිට විතරක් නෙමෙයි. අපේ නැව් වල දැනටත් 100%කම සේවය කරන්නෙ ශ්‍රී ලාංකික අපේ  අය. නැව් 20ක් ගත්තත් එකේ වෙනසක් නැ. ව්‍යාපාරයක් විධිහට අපි දියුණු වුනේ අලුත් සංකල්පවලට ඉඩදීලා. අපේකමත් එක්ක. එකයි අද අපි මේ තැන ඉන්නෙ.


COMMENTS

වෛෂ්ණාවී ජාත්‍යන්තරයට....
 Friday 19th October 2018 14:07:00
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සි...
Read More
එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews