X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කමක් නිර්දේශ කරන ඔබ දැනසිටිය යුතුම අවස්ථා


Views - 9822 |Thursday 18th May 2017 18:31:02


සිසේරියන් සැත්කම කියලා කියන්නේ ගර්භණී මවගේ උදර බිත්තියේ සහ ගර්භාෂයේ සිදු කරන කැපීමකින් දරුවෙකු බිහිකිරීමට සිදු කරන සැත්කමටයි. සමහර ගර්භණී මව්වරුන්ට සාමාන්‍ය දරු ප්‍රසූතියක් කිරීම සුදුසු නැති අවස්ථා වල ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මේ සැත්කම නිර්දේශ කරනවා. ශ්‍රී ලංකාවේ සිදුවන දරු උපත් අතරින් තුනෙන් එකක් පමණ සිසේරියන් සැත්කම මඟින් කිරීමට සිදු වනවා. සාමන්‍ය දරු ප්‍රසූතියකට වඩා සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කිරීම ආරක්ශාකාරී වන අවස්ථාද තිබෙනවා. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමකට ගත වෙන්නේ පැයකටත් වඩා අඩු කාලයක්. ලංකාවේ බොහෝමයක් රෝහල් වල මේ සැත්කමට අවශ්‍ය පහසුකම් තියෙනවා. 

සිසේරියන් සැත්කමක් කරන ආකාර 2 ක් තියෙනවා. 

1. පූර්ව සැලසුම් කළ සිසේරියන් ශල්‍යකර්මය.

සාමාන්‍ය දරු ප්‍රසූතියක් කලහොත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමට හේතුවෙන ඇතැම් සංකූලතා පැවතීම වගේම සංකූලතා ඇති වීමට වැඩි අවදානමක් පැවතීම වැනි සාධක, කලින් හඳුනාගෙන ඉදිරි දවසකදි වෛද්‍යවරුන් සිසේරියන් සැත්කම සිදු කරන්න නියම කරනවා. මෙය පූර්ව සැලසුම් කළ සිසේරියන් ශල්‍යකර්ම ලෙස හැඳින්වෙනවා.

2. හදිසි සිසේරියන් සැත්කම

සාමන්‍ය දරු ප්‍රසූතියකට හෝ, පූර්ව සැළසුම් කළ සිසෙරියන් සැත්කමකට සූදානම් කර තිබුණු ගර්භණී මවකට හෝ දරුවාට සංකූලතාවයක් ඇති වුනොත් හදිසි සිසේරියන් සැත්කමකට ලක් කරන්න සිදුවනවා. මවට සහ දරුවාට ඇති විය හැකි හානිය අවම කර ගැනීම මෙහිදී සිදු කළ හැකියි. 

වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම නිර්දේශ කරන අවස්ථා මේ විදියට දක්වන්න පුළුවන්.

සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදුවීම අතරමග නතරවීම සිසේරියන් සැත්කමක් කිරීමට බලපාන ප්‍රධාන හේතූන්ගෙන් එකක්. පැය කීපයක් තිස්සේ ගර්භණී මවකගේ ගර්භාෂය දැඩිව සංකෝචනය වුවත් ගැබ්ගෙල සාමාන්‍ය දරු ප්‍රසූතියක් කිරීමට ප්‍රමාණවත් විදියට විවෘත නොවීම තවත් හේතුවක්. දරුවාගේ හිස ගැබ්ගෙල ඔස්සේ ගමන් කිරීමට අපහසු වන තරම් විශාල වීම නිසාත් සිසේරියන් සැත්කමට භාජනය කරනවා. එමෙන්ම සාමාන්‍ය දරු ප්‍රසූතියට සූදානම් කළ මවකගේ ප්‍රසූතියේ නිසි ප්‍රගතියක් නොපෙන්වීමත් මෙයට හේතුවක්.

දරුවාට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන විට දරුවාගේ හෘද ස්පන්දනයේ වෙනස් කම් ඇති වනවා. එවිටත් සිසේරියන් සැත්කමකින් දරුවා මෙලොවට බිහිකිරීම සුදුසු බව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. 

මවගේ ගැබ්ගෙලට මුළින්ම ඇතුළු වන පරිදී දරුවාගේ පාද, උරහිස, තට්ටම නැතහොත් දරුවාගේ ශරීරයේ පැත්තක් ගැබ්ගෙල හරහා පිහිටීමත් සිසේරියන් සැත්කමක් සිදු කිරීමට හේතු වනවා. ගර්භාෂයේ දරුවන් එක් අයෙකුට වැඩි ප්‍රමාණයක් සිටින විට ඔවුන් ආසාමාන්‍ය පිහිටීමක සිටීමත් හේතුවක් වනවා. 

ගැබ තුළ දරුවන් කිහිප දෙනෙකු සිටින විට දරු ප්‍රසූතිය නිසි දිනයන්ට පෙර සිදුකිරීමට වේනම් හෝ වෙනත් ගැටලුවක් තිබේනම් සිසේරියන් සැත්කම කිරිමට සිදුවේ. 

මවගේ ගර්භාෂයේ ගැබ් ගෙල අවහිර වන ලෙස තන්ත්වාභ නැතහොත් ෆයිබ්‍රොයිඩ් නැමැති විශාල ගෙඩියක් තිබීම, ශ්‍රෝණියේ හැඩය සැලකිය යුතු ලෙස වෙනස් වන පරිදි උකුල් අස්ථි බිඳීමකට ලක්වීමත් සිසේරියන් සැත්කමකට හේතු වේ. 

මවගේ ගැබ්ගෙල වසෙන පරිදී වැදෑමහ පිහිටීමත් සිසේසියන් සැත්කමක් සිදුකිරීමට හේතු වේ.

දරුවාට පෙර ගැබ්ගෙල හරහා පෙකණිවැලෙහි පුඩුවක් ඇතුළු වීම, ගර්භාෂයේ සිදුවන සංකෝචන වලින් පෙකණිවැළ තෙරපී අවහිර වීම, පෙකණිවැල දරුවාගේ ගෙල වටා එතී තිබීම වැනි පෙකණිවැල සම්බන්ඳ ගැටළුද සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට හේතු වේ. 

පෙර කල දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමක් මඟින් කර තිබෙන අවස්තාවල උදර බිත්තියේ සහ ගර්භාෂයේ පෙර සිදු කර ඇති කැපුමේ ස්වාභාවය සහ අනෙකුත් සාධක මත වෛද්‍යවරයා සිසේරියන් සැත්කම හෝ සාමාන්‍ය දරුප්‍රසූතිය තෝරා ගනී.

මවට හෘද රෝග හෝ අධික රුධිර පීඩනය පැවතීම, ඒඩ්ස් හෝ ලිංගාශ්‍රිත හර්පිස් රෝගය වැනි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග පැවතීමත් සිසේරියන් සැත්කමකට හේතුවක් වන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින් එවැනි රෝග දරුවාටද බෝවීමට අවදානමක් තිබෙන බැවිනී. 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews