X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

චෙක් පත් නිශ්කාෂණයේ ඉහලම තැන ගත් දකුණු ආසියාවේ ප්‍රථම ආයතනයේ සාමාන්‍යාධිකාරි චන්න ද සිල්වා කියන කතාව


Views - 10466 |Wednesday 31st May 2017 15:11:50


කාලය  කිසිම විටක මිල කල හැක්කක්  නොවේ. ලොව වෙසෙන අප සියලු දෙනාටම කාලයේ වටිනාකම ඉතා හොඳින් දැනෙන අවධියක් විදිහට  වර්තමාන කාලය හදුන්වන්න පුළුවන්. අපි  හැමෝම කියන විධිහට අපිට අපේ වැඩ කොටස කර ගන්න හරියට බැලුවොත් පැය  24ත්  මදියි. ඇත්තටම අපිට එහෙම හැඟෙන්නෙ  අපිට එහෙම හිතෙන්නෙ ඇතැම්විට අප කාලය හරි විධිහට කළමනාකරණය  නොකරන හින්දා වෙන්න පුළුවන්. ඒ කොහොම උනත් ලෝකයේ  අපි  දකින අතිසාර්ථක මිනිසුන් ඔවුන් ගෙ කාලය ඉතා සාර්ථක ඵලදායි හා ප්‍රයෝජනවත් අයුරින් කළමනාකරණය කරන අයයි.  අපි  කිසිවෙකුට අසාර්ථකයි  දුර්වලයි  කියල කියනවනම් ඇත්තටම ඒ කාලය කා දමන හින්දම නෙමෙයිද?  මේ හිදම  කාලය කළමනාකරණය කිරීමේ කලාව සමාජගත කිරීමේ අරගලයක  නිරතව සිටින සොඳුරු මිනිසකු සමඟ තොරතුරු  බෙදා හදා ගැනීමටයි මේ උත්සාහය. ලංකා පේ  ජාලය මෙරට ව්‍යාප්ත කරන ක්ලියර් ආයතනයේ සාමාන්‍යධිකාරී  ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා මහතායි.

ඔබතුමා මේ තරම් කාලය ගැන කතා කරන්නෙ ඇයි?

පිළිතුර ඉතාම පැහැදිලියි. කාලය කියන්නේ අපට ඇති ඉතාම වැදගත් වගේම වටිනා දෙයක්  කියල මම කිව්වොත් එක නිවැරැදියි. ඇයි අද මිනිස්සු වෙලාව ඉතිරි කිරීමට පෙලෙඹෙන්නෙ නැත්තෙ. මිනිසුන්ට වෙලාවෙ වටිනාකමක් නැද්ද? මේ ගැන ඉතා පොදු අවධානයකින් බැලුවොත් අපට පෙනෙන්නේ ඇත්තටම මිනිසුන්ට කාලයෙ වටිනාකමක් නැහැ. මිනිස්සු බොහෝ දෙනෙකුට ඒ ගැන අවබෝධයක් නැහැ. මිනිස්සු කාලය මනින විවිධ ඒකක තියෙනවා. සමහර අය කාලය මුදලින් මනිනවා. අපි හිතමු සල්ලි ඉපයීමට මුල්තැන ලබාදෙන කෙනකුට තමන්ගේ කාලයෙන් විනාඩි 15ක් මුදලින් තක්සේරු කරන්න පුළුවනි. ඒ විනාඩි 15ම තවත් කෙනකුට තමන්ගෙ හිතවතුන් න් සමඟ සිටීමට වැදගත් වෙන්න පුළුවනි. තවත් කෙනෙක් ඒ වෙලාව තමන්ගෙ මවුපියන් බලන්න යන්න යොදා ගන්නවා. මේ විදියට බලන කොට කාලය විවිධ පුද්ගලයන්ට විවිධ විධිහට  වටිනවා. මේ හින්දම  කාලය මුදලින් මනින්න බැහැ. සමහර වෙලාවට අපේ  විනාඩි 10ක ප්‍රමාදය නිසා මරණාසන්නයෙ ඉන්න කෙනෙක්ව ඔහුගෙ  මරණයට පෙර බලන්න යන්න ඔබට බැරි වෙනවා. ඒ විනාඩි 10 ඔබට මුදලින් මනින්න පුළුවන්ද? මේ ජීවිත කාලයේදී අපට සියලුම වැඩ කරන්න ලැබෙන්නෙ ඉතාමතම කෙටි කාලයක්. ඒ කාලය ප්‍රයෝජවත් අයුරින් ගත කරනවාද, නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔබ ඒ කාලය ප්‍රයෝජනයට ගන්න ආකාරයට  අනුවයි. මේ නිසයි මම කාලය  ගැන මේ තරම්ම කතා කරන්නෙ.

අපේ  රටේ මිනිස්සු කාලය කළමනාකරණය කරන්නෙ නැද්ද

වැඩි හරියක්ම එහෙම තමයි.  මේ රටේ බහුතරයක් දෙනා කාලය හරියට කළමනාකරණය කරන්නෙ නැහැ. කොහේ  හරි යම් ඉදිකිරීමක් හරි මාර්ගයේ යම් අලුත්වැඩියා කටයුත්තක් හරි වෙන තැනක  කී දෙනෙක්  ඒ කටයුත්ත දිහා නිකරුණේ බලාගෙන ඉන්නවද... තමන්ගෙ ගිණුමෙ තියෙන මුදල් ඉතා පහසුවෙන් ගන්න ඒ.ටී.එම්. පහසුකම් තියෙද්දිත්  එකට වැයවෙන  රුපියල් පහක මුදල ඉතිරි කරගන්න කී දෙනෙක් මේ බැංකුවේ කවුන්ටරය ළඟ පැය ගණන් පෝලිමේ ඉන්නවාද. ඒ  අය තමන්ගෙ කාලය විතරක් නෙමෙයි අනෙක් අයගෙත් කාලය කනවා. මේ  වගේ අපි කොච්චර නම් කාලය නිකරුණේ කා දමනවාද? මේ වගේ අපි නිකරුණේ වැය කරන කාලය ප්‍රයෝජනවත් විදියට යොදා ගත්තොත් කොයිතරං ජයග්‍රහණ  අත්කර ගන්න පුළුවන්ද?

මොන වගේ දේවල්ද කාලය ඉතිරි කිරන්න කරන්න පුළුවන් වෙන්නෙ 

අපේ ප්‍රධානම  අරමුණ ශ්‍රී ලංකාවාසී ජනතාවට තමන්ගේ  ගෙවීම් කටයුතු, බැංකු කටයුතු  පහසුවෙන් කර ගන්න  ඒ අයගේ කාලය වඩාත් ඵලදායී විදිහට භාවිතා කරන්න ඉඩ ප්‍රස්ථාව  සලසල දෙන එකයි. අපි මේ ජාලය මෙරටට හඳුන්වල දෙන මූලික කාර්යභාරය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් දේශීය අන්තර් බැංකු ගෙවීම් හා පියවීම් කටයුතු මෙහෙයවීම. ඒ වගේම  ජාතික ගෙවීම් ජාලය ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අනුමැතිය හා නියාමනය යටතේ ක්‍රියාත්මක වන සේවාවක්. ඒ වගේමයි ලංකා පේ  ආරම්භ වීමට පෙර මෙම ගෙවීම් හා පියවීම් කටයුතු සිදු කෙරුණේ විදේශීය ගෙවීම් ජාල හරහායි. මේ නිසාම  අපිට  සාඩම්බර ජාතික ගෙවීම් ජාලයක හිමිකාරිත්වය වගේම ඉතා විශාල විදේශ විනිමයක් මෙරට තුළම ඉතිරි කර ගැනීමේ හැකියාව අපට ලැබුණා.

මේ හරහා ලැබෙන සේවාවන් කොහොමද 

බැංකු කටයුතු වෙත අවධානය යෙමු කළොත් ලංකා පේ  සේවාව නිසා ගෙවීම් හා පියවීම් කටයුතු ඉතා කාර්යක්ෂවම පහසුවෙන් හා සුරක්ෂිතව සිදුකිරීමේ අවස්ථාව මහජනතාවට ලැබී තිබෙනවා. 2010 වසරේදී එතෙක් තාක්ෂණය භාවිත නොකර සිදුකෙරුණු අන්තර් බැංකු ගෙවීම් ක්‍රමවේදය  ස්වයංක්‍රීයකරණය කිරීම අපි  සිදුකළ නිසාම බැංකු අතර මුදල් හුවමාරු කිරීමේ පහසුව ඇති වුණා. ඒ වගේම අපේ සන්නාමය  යටතේඒ.ටි.එම්  යන්ත්‍ර ජාලගත කෙරුණු නිසා තමුන්ගේ බැංකුව කුමක් වුවත්, ඕනෑම යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගැනීමේ හා ගිණුමේ ශේෂය පරීක්ෂා කරගැනීමේ පහසුව උදාවුණා. ඊට අමතරව  බැංකු ක්ෂණික මුදල් හුවමාරු ක්‍රමවේදය නිසා තමුන්ගේ බැංකුව කුමක් වුවත් තම ගිණුමෙන් වෙනත් බැංකුවක ගිණුමකට සතියේ ඕනෑම දිනෙක ඕනෑම වේලාවක ඉතාමත් පහසුවෙන් හා ක්ෂණිකව මුදල් යැවීමේ පහසුකම සැලසී තිබෙනවා. ඒ වගේමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හා අනෙකුත් වාණිජ බැංකුවල සහභාගිත්වයෙන් හඳුන්වා දුන් ජස්ට් පේ  සේවාව මඟින් එදිනෙදා සිදුවන රු. 10,000ට අඩු එදිනෙදා ගනුදෙනු සඳහා මුදල් භාවිත කිරීම වෙනුවට තම ගිණුමෙන් කඩ හිමියාගේ ගිණුමට ජංගම දුරකතනය හෝ අන්තර්ජාලය භාවිත කිරීමෙන් ගෙවීමේ හැකියාව නොබෝ දිනෙකින් අත්විඳීන්නත්  පුළුවන්.

මේ වෙනකොට ලබල තියන ජයග්‍රහණය මොන වගේද 

ගනුදෙනුවල සුරක්ෂිත බව පිළිබඳ අවධානය යොමු කෙරුවොත් ලංකා පේ  ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් හා පියවීම් ක්‍ෂේත්‍රයට අදාළ ගෙවීම් කාඩ්පත් ක්‍ෂේත්‍රයේ ඉහළම ජාත්‍යන්තර දත්ත ආරක්ෂණය පිළිබඳ ඉහළම තත්ත්ව සහතිකය වන පි.සි.අයි.-දී.එස්.එස්.(ver 3.2) සහතිකය ලබාගෙන ඇති ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනයයි. ඒ වගේම 2006 වසරේදී ඡායාස්ථ පිළිබිඹු චෙක්පත් නිෂ්කාශනය ක්‍රමය (cheque transaction & imaging system) හඳුන්වා දෙමින් එතෙක් චෙක්පත් නිෂ්කාශනය සඳහා ගතවූ සතියක පමණ කාලය එක් වැඩකරන දිනක් දක්වා අඩු කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම මෙම සුවිශේෂී චෙක්පත් නිෂ්කාශනය ක්‍රමවේදය දකුණු ආසියාවේ ප්‍රථමවරට මෙන්ම ලෝකයෙන්ම දෙවන වරට ක්‍රියාත්මක කෙරුණේ  ලංකා පේ වෙතින් වීමත් අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.

 


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews