X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

එක වතාවක් හරි සිය දිවි හානි කරගන්න හිතිලා නැත්තම්.., ඇයට බනිනත් එපා..!


Views - 21037 |Sunday 4th June 2017 11:04:53


ඇය ජීවිතයෙන් පළා යන්නට තීරණය කර තිබුණා.
හීතල රේල් පීල්ලක බෙල්ල තියාගෙන, මුලු ලෝකෙම හොල්ලගෙන එක වේගෙන් ඉස්සරහට එන යකඩ යකා එනකන් ඇය හරි නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති.

කෝච්චිය වෙනදා වගේ ම ආ වේගෙන් ම ඈ පහුකරගෙන ගිහින්.

ඇය තවමත් එතනමයි.

හැබැයි ඇය එතුවක් වෙලා නොමැරි මැරුනු වේදනාව තවදුරටත් ඒ පපුව අස්සෙ ඈව රිද්දුවෙ නෑ. ඇය ඒ වේදනාව මුලු ලෝකෙටම බලෙන් දීලා දාලා, හිත නිදහස් කරගන්න තීරණය කරලා තිබ්බා.

13 reasons why බලලා හැනා බේකර්ගෙ තීරණේ හොඳයි කියපු අපි ම, මේ අහිංසක කෙල්ලගෙ පින්තූර හතර අතේ ශෙයා කරන්නෙ, 'ඉගෙනගත්තට මොළේ දෙන්න බෑ කියන්නෙ ඕකනෙ බං' කිය කිය!

මම ප්‍රශ්නයක් අහන්නම්!

ජීවිතේ එකම වතාවක් හරි ඇත්තටම දිවි නහගන්න හිතෙන තරමට ජීවිතේ එපා වෙලා තියෙනවද? 
එහෙම හිතිලා නැත්තන් මම විස්වාස කරන විදියට ඒ කෙල්ලගෙ තීරණේ ගැන විනිශ්චය කරන්න ඔබට අයිතියක් නෑ. 
ජීවිතේ සමහර තැන්වලට අපිව ඇදලා දානවා, සියදිවි නසාගන්න උන් අපිට වඩා මාර වාසනාවන්තයි කියලා හදවතින් ම විස්වාස කරන තරම් ම කළකිරෙන! 
එහෙම තැනකට ආවට පස්සෙ, අපි මොන බණ කිවුවත්, ඒ කෙනා බලන්නෙ ඒ වේදනාවෙන් මිදෙන්න! 
ආදරේ හින්දා මැරෙනවා කියන එක වීරකමක් නෙමෙයි වෙන්න පුලුවන්. හැබැයි ආදරේ ඉස්සරහා නැත්තටම අසරණ උනාට පස්සෙ ඔලුවට එන හොඳම සහ එකම විසඳුම ඒක. හැබැයි එතන ඒ urge එකත් එක්ක ලොකු හටනක් කරනවා මොළය. අන්තිමට අවාසනාවට හරි ඒ හටනෙන් මොළය පැරදුනොත්, හ්ම්ම්.. ඔව්.. ඈ පරාද උනේ අන්න එහෙම.
ඔබ හිතනවනම් ඈ ඒ තීරණේ ගත්තෙ නිවටකමට හරි බයගුලුකමට හරි කියලා, සමාවෙන්න. ඔබ ඒ ගැන දන්න මළ ඉලවුවක් නෑ. 
අන්තිම හයිය පොදටත් වෙනකන් යුද්ද කරලා පැරදිලා ඒ සැනසීම හොයනවා මිසක්, නිවටකමටවත් ආතල් එකටවත් මොකෙක්වත් දිවි නහගන්නෙ නෑ.

ඒ කෙල්ලට ඒ කෙල්ලගෙ ගරුත්වෙ තියහල්ලා! 
බෙල්ලෙන් වෙන් වෙච්ච මළකඳක ෆොටෝ දහ අතේ ශෙයා කරන්න ම ඕනෙනං google කරහම ඕනෙ තරං හම්බෙයි.

මම සියදිවි නසාගැනීම කීයටවත් අනුමත කරන්නෙ නෑ. හැබැයි එහෙමයි කියල සියදිවි නසාගත්ත පලියට කෙනෙක්ගෙ image එක බල්ලට දාන්න කාටවත් අයිතියක් ඇත්තෙත් නෑ.

'මෝඩ' වෙන්න ඇති, 
'තව හිතන්න තිබ්බා' වෙන්න ඇති, 
ඒ මොන මගුල උනත්,

පණපිටින් හරි නැතුව හරි, ඒ කෙල්ලෙක්!

පණ පිටින් ඉන්න තොපිටයි මටයි ඒක අමතක කරන්න අයිතියක් නෑ!

අවසාන වශයෙන්, 
අක්කෙ, මම උඹව දන්නෙ නෑ. හැබැයි උඹ කරපු හටනට මම උඹට ගරු කරනවා. තව ටිකක් හයිය තිබ්බනන් උඹ ඒක දිනන්න ඉඩ තිබ්බා. 
උඹට නිවන් සුව!

-සටහන උපුටා ගැනීම දෙමින්ත ජයසිංහ ගෙන්-
#අකාලේඛන

ඇයගේ ඡායාරූප මෙම ලිපියට නැවත නැවතත් යොදානොගැනීමට raw.lk අප තීරණය කළා. එබැවින් ඔබගේ තොරතුරු දැනගැනීමේ අයිතියට යම් බාධාවක් සිදුවිය නම් අපගේ කණගාටුව.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews