X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

සාලාව අමතක වී ගියා කියන එකවත් මතකද..?


Views - 2639 |Monday 5th June 2017 12:30:26


රජයේ තක්‌සේරු පිළිගන්න බෑ ලැබුණු වන්දි ප්‍රමාණවත් නෑ

මානව හිමිකම් කොමිසමේ තීරණ ගැන රජයට වගේ වගක්‌ නෑ

සීතාවක ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී මාරු කළේ ප්‍රශ්නය යට ගහන්නයි.

අතනට යන්න මෙතනට යන්න කියා

සහකාර ප්‍රාදේශීය ලේකම් කියනවා

උ/පෙළ ලියන්න ඉන්න දරුවා මානසිකව වැටිලා

සාලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බල සේනාවේ මූලස්‌ථානය පුපුරා ගොස්‌ ජුනි මස 5 සඳුදා දිනට හරියටම වසරක්‌ සම්පූර්ණ වේ.

අතරින් පතර පෙනෙන නොපෙනෙන මානයේ සාලාව නිවාස සංකීර්ණයේ නව නිවෙස්‌ ඉදිවෙනු දක්‌නට ඇති අතර, ඉදිකිරීම් කිසිවක්‌ම නොකෙරී ඇති නටඹුන් වූ නිවෙස්‌ ප්‍රමාණයක්‌ද තවමත් දැකගන්නට ඇත. ඒ සමඟම කලින් තිබුණු සාලාව පැරණි කඩමණ්‌ඩිය වෙනුවට, වෙළෙඳ ව්‍යාපාර සඳහා නව දෙමහල් ගොඩනැඟිලි ඉදිවී ඇති අතර තවත් ගොඩනැඟිලි කීපයක්‌ ඉදිවෙමින් පවතී. ඒ සමඟම එමෙන්ම හානියෙන් සිදුවූ අලාභය වෙනුවෙන් ලද වන්දි ප්‍රමාණවත් නැතැයි කියමින්, සුසුම්ලමින්ද, දුක්‌වෙමින්, සාප කරමින්ද සිටින ජනතාවෝද සිටිති.

ඔවුන් පවසන්නේ ඔවුන්ට රජයෙන් නිසි වන්දිය නොලැබුණු සෙයකි. රජය විසින් නිකුත් කරන ලද තක්‌සේරු වාර්තා තමන්ට පිළිගත නොහැකි බවත්, එම කාර්යයන් ඉටුකිරීමට පැමිණි නිලධාරීන් පක්‍ෂග්‍රාහී වෙමින් ක්‍රියාකළ බවත්ය.

මේ පිළිබඳව අප සමඟ කතා කළ "සාලාව අපි ජනතා පවුර" සභාපති සරත් සුබසිංහ මහතා

අපගේ දේපළ හානි සම්බන්ධව රජයේ තක්‌සේරු නිලධාරීන්ගේ වාර්තා අපට කිසිසේත්ම පිළිගන්න බැහැ. ලැබුණු වන්දි මුදල් ප්‍රමාණය සිදුවූ හානියට ගැළපෙන්නේ නැහැ. ප්‍රමාණවත් වන්නේත් නැහැ. ඒ නිසා අපි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළා. මේ වනවිට ඒ පරීක්‍ෂණයේ අතුරු වාර්තාව නිකුත් කරල තියෙනව. ඒකෙ පාර්ශ්වයන් 6 ක්‌ නම් කරලා තියෙනවා. මේ සියලුදෙනා සම්බන්ධ කරගෙන කමිටු පිහිටුවාගෙන කටයුතු කරන්න කියල පැහැදිලිව දන්වා සිටිනවා. රජයේ පාර්ශ්වයෙන් කිසිම දෙයක්‌ සාධාරණව ඉටුවී නැති බව මානව හිමිකම් අතුරු වාර්තාවේ පැහැදිලිව සටහන් වී තියෙනවා. ඒ වගේම හරියටම මේ පිපිරුමට වසරක්‌ ගත වෙන ජුනි 5 දිනට පෙර නැවත සම්පූර්ණ වශයෙන් අසාධාරණයට ලක්‌වූ ජනතාවට සාධාරණයක්‌ ඉටුකරදෙන ලෙස රජයට දන්වලත් තියෙනවා. අසාධාරණයට ලක්‌වූ ජනතාවට රජය විසින් ගෙවූ වන්දි මුදල් ප්‍රමාණවත් නැති බව මානව හිමිකම් කොමිසම් සභාව පිළිඅරන් තියෙනවා. නමුත් රජය පැත්තෙන් මේ පිළිබඳව නිහඬයි. අපි සියලුදෙනා හංවැල්ලේ, සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමා හමුවෙන්න ගියා. හිටපු ප්‍රාදේශීය ලේකම් මාපා බණ්‌ඩාර මහතා මාරුකර යවලා. වැඩබලන ප්‍රාදේශීය ලේකම්තුමාත් ඉන්නවලු. කිසිම දවසක සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් එතුමා හමුවෙන්න බැරි වුණා. ස්‌ථිරවම ප්‍රාදේශීය ලේකම්තුමෙක්‌ මේ කාර්යාලයට අනුයුක්‌ත කරන්නේ නෑ. ආණ්‌ඩුව මේ කරන්නෙ හරි කපටි වැඩක්‌. ඉන්නෙ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් පමණයි. එතුමා නිසි පිළිතුරක්‌ දෙන්නෙ නෑ.

"අපිට හිටපු ග්‍රාම නිලධාරීතුමත් මාරු කළා. එතුමා තමයි මේ සිදුවීම්, රජය පාර්ශ්වයෙන් කළ කී දේ. ජනතාවගේ සියලු තොරතුරු දන්නා පුද්ගලයා. එතුමාත් මාරු කළා. දැන් ඉන්න ග්‍රාම නිලධාරිතුමා මේ පිළිබඳව කිසිවක්‌ දන්නේ නෑ. අපට සිදුවූ මේ විනාශය පිළිබඳව වගකියන්න කෙනෙක්‌ නෑ. මේ නිලධාරීන් මාරුවීම් කරලා තියෙන්නේ මේ ප්‍රශ්නය මග හරින්නයි. අපි පසුගිය දිනක සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා හමුවුණා. එතුමා කියන්නෙ රජයෙන් කිසිවක්‌ මේ පිළිබඳව දැනුම්දී නැති බවයි. එතුමා කියනවා. අතනට යන්න. මෙතනට යන්න කියල. ඒක හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්‌ටයකුත් ටිකක්‌ ඕනෑ වගේ වැඩක්‌. මානව හිමිකම් අතුරු වාර්තාවෙ නිර්දේශ එකක්‌වත් කරන්න රජය පාර්ශ්වයෙන් සූදානම් වෙන්නෙ නෑ. අපිට ඒක හොඳටම පැහැදිලියි. අපි බලාගෙන ඉන්නෙ අපිට සාධාරණයක්‌ ඉටුවෙන තුරුයි.

විමලරත්න රාජකරුණා මහතා

මගෙ නිවස තිබෙන්නෙ කඳවුර ඉදිරිපිටට වෙන්නයි. ඒ හරියෙ සම්පූර්ණයෙන් විනාශ වුණේ ගෙවල් කීපයක්‌ විතරයි. අනෙක්‌ නිවාසවලට සිදුවුණේ අර්ධ හානි පමණයි. එදා සුළු හානි, අර්ධ හානි කියා හඳුන්වපු එම නිවාස වල සුළු පිපිරීම මේවන විට අඟල් 4-5 දක්‌වා පළල් වී තිබෙනවා. රු.4000 දහස පන්දහස වගේ සුළු දීමනා තමයි ගෙවන්න හැදුවෙ. හුඟක්‌ දෙනා ඒ මුදල ගත්තේ නෑ. මම මගෙ වියදමෙන් මගෙ වහලය සාදාගත්ත. මානව හිමිකම් කොමිසමට ගිහිල්ලත් තාම සාධාරණය ඉටුකරගන්න බැරිවුණා. ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුවට මේ ප්‍රශ්නය ගෙනයන්නයි අපේ අදහස.

සකුන්තලා මුණසිංහ මහත්මිය

මගේ නිවසට විශාල වශයෙන් හානි සිදුවුණා. නිසි වන්දි මුදලක්‌ ලැබුණේ නෑ. යන්න එන්න වෙන තැනක්‌ නැති නිසා. ඒ ගෙයිම දැනට ජීවත් වෙනවා. දැන් බිත්ති බිමට කඩා වැටෙන්න ළඟයි. රුපියල් එක්‌ ලක්‍ෂ හැත්තෑ දහසයි මගෙ නිවසට තක්‌සේරු කළේ. භාණ්‌ඩ තක්‌සේරුවට ලැබුණෙ රුපියල් හැටදහසයි. ලැබුණ තක්‌සේරු මුදලින් දොර ජනෙල් ටික දාගන්නවත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. 2017 උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින ගැහැනු ළමයෙක්‌ ඉන්නව. එයා මේවන විට මානසිකව වැටිල ඉන්නෙ හරි ආරක්‍ෂාවකුත් නෑ. වගකිවයුත්තන්ට අපි කියන්නේ නිවැරදි තක්‌සේරුවක්‌ කරලා සාධාරණයක්‌ කරන්න කියලයි.

කුමුදුනී මහත්මිය,

මම සාලාවෙ අත්කම් නිවාසවල පදිංචි වෙලා ඉන්නව. මට දරුවො දෙන්නෙක්‌ ඉන්නව. ගේ මේ පිපිරීම නිසා සම්පූර්ණයෙන් විනාශ වුණා. ඉදිරිපස දොර මුළුමනින්ම විනාශ වුණා. යුද හමුදාවෙන් ගෙයි බිත්ති බැඳල දුන්නා. දැන් වනවිට ඒ බිත්ති නැවතත් පුපුරලා. මුලදී කළ තක්‌සේරුවට දෙලක්‍ෂ හතළිස්‌ දහසක්‌ ආවා. ඊළඟට කළ තස්‌සේරුවට දෙලක්‍ෂ හැටදහසක්‌ ආවා. මේ ගණන්වලින් ගේ තිබුණු තත්ත්වයට සකස්‌ කරන්න බෑ.

මෙම පිපිරුම නිසා හානියට පත් ජනතාවගේ ප්‍රශ්න හා ගැටලුවලට කුමන පිළිතුරක්‌ දේවිද යන්න සොයා බැලීමට අප සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගියෙමු.

හිටපු ප්‍රාදේශීය ලේකම් මාපා බණ්‌ඩාර මහතා මාරු කර යවා ඇති අතර වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයකු වන අමල් එදිරිසූරිය මහතා පත්කර ඇති බව සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් මහතා පැවැසීය. ඔහු අමල් එදිරිසූරිය මහතාට දුරකථනයෙන් අමතා ඔහුගේ උපදෙස්‌ මත අප හා මෙසේ පැවැසීය.

කැබිනට්‌ මණ්‌ඩලයෙන් අපට අනුමැතිය දීල තිබුණේ රුපියල් පනස්‌ දහසක ගෙවල් කුලී දීමනාව එක වටයක්‌ පමණක්‌ ගෙවන්නයි. මුල් වටයේa 750 දෙනකුටත් දෙවන වටයේ 180 දෙනකුටත්, තුන්වන වටයේ 150 දෙනකුටත්, 4 වන වටයේ 70 දෙනකුටත්, 5 වටයේ 60 දෙනකුටත් දුන්නා. රු.1000.00 දීමනාව 240 දෙනෙකුට දුන්නා. දේපළ හානි පවුල් ඒකක 2050 කට ගෙව්වා. සම්පූර්ණ තක්‌සේරු වාර්තා ලිපිගොනු 1940 ට වටිනාකම් ගෙවල තියෙනවා.

තව විශාල පිරිසක්‌ විදෙස්‌ ගත වී සිටිනවා. ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක්‌ නෑ. සමහරෙක්‌ තක්‌සේරු වාර්තා ප්‍රමාණවත් නැහැ කියනවා. බහුතරයක්‌ දෙනා තක්‌සේරු වටිනාකම් වලට එකඟවී මුදල් ලබා ගත්තා. තවත් සමහරුන් මුදල් ලබාගෙන තව මදි කියනවා. 1000 කට ආසන්න ප්‍රමාණයක්‌ කිසිම ප්‍රතිචාරයක්‌ දක්‌වන්නේ නැහැ. නිවෙස්‌වල තිබූ උපකරණවලටත් අපි ගෙව්වා. 660 දෙනකුට එසේ ගෙවා තිබෙනවා. තව 90 කට ආසන්න ප්‍රමාණයකට ගෙවන්න තිබෙනවා. සමහර විනාශ වූ ගොඩනැඟිලිවලට අයිතිකාරයො දෙදෙනෙක්‌ ඉදිරිපත් වී සිටිනවා. අප ඔවුන්ට දැනුම් දුන්නා. අධිකරණයෙන් බේරුම් කරගෙන අයිතිය තහවුරු කරගෙන එන්න කියා. ඒ අයට ඊට වඩා දෙන්න පිළිතුරක්‌ අප ළඟ නෑ. අධිකරණ තීන්දු එනතුරු ඒ අයට හිමිකම් දීමනා ගෙවන්න අපට හැකියාවක්‌ නැහැ.

යුද හමුදාව විසින් සෑදූ නිවාසවලට අපි රජය විදියට හමුදාවට ගෙවීම් කළා. ජනතාව ඉදිරිපත් කරන චෝදනා අපිට පිළිගන්න හැකියාවක්‌ නැහැ. රජය කළ ගෙවීම් ප්‍රමාණවත් නැතිනම් අධිකරණය ඉදිරියට යන ලෙස අපි ජනතාවට දැනුම් දෙනවා යයි පැවැසීය.

 

උපුටාගැනීම - දිවයින 

(කළුඅග්ගල - විමලසිරි හේවාවසම්)


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews