X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

තමන්ගේ වීඩියෝ අන්තර්ජාලයට ලීක් කරනවා කියපු අයියට, නංගිකෙනෙක් දීපු නියම උත්තරය


Views - 36115 |Monday 5th June 2017 19:38:42


මට වයස අවුරුදු 22 යි. මට තේරෙන්නේ නැහැ මගේ කතාව මං කොහොම පටන් ගන්නද කියලා. මගේ හිතට මේ දේ වද දෙනවා.

මට ඕනේ මේ දේ කාටම හරි කියලා මගේ හිත නිදහස් කරගන්න. මේ කතාව කියවන් යද්දී සමහරවිට ඔයාට හිතෙයි මම මහා මෝඩ කෙල්ලෙක් කියලා. කමක් නැහැ. මට ඕනේ , මට වෙච්චි දේ තවත් කෙල්ලෙකුට වෙන එක නවත්වන්න. මං මගේ කතාව මෙහෙම පටන් ගන්නම්කො.

මගේ ගම කුරුණෑගල. අපේ ගෙදර හැමෝගෙම හුරතලී වුණේ මම. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. අපේ මුළු ගෙදරම බලාපොරොත්තුව වෙලා තිබුනේ මම. ඒ මම පවුලේ බාලයා වෙච්චි හින්දා වෙන්න ඇති. අපේ තාත්තාගේ ඒ කාලේ ඉඳන්ම හීනයක් තිබුණා මට හොඳට උගන්වලා මාව කැම්පස් යවන්න. පස්සේ තාත්තගේ ඒ හීනය මගේ අරමුණ වුණා. මම අද ඉන්නේ කැම්පස් එකේ. රජයේ එකක නෙවෙයි. පුද්ගලික එකක.

මම හිතන් හිටියට වඩා කැම්පස් ජිවිතේ හරිම වෙනස්. අමුතු විදිහේ වචන, අමුතු විදිහේ කතා, අමුතු විදිහේ යාළුවො, ඒ විතරක් නෙවෙයි  මං  අදින පළඳින විදිහ පවා මට වෙනස් කරන්න වුණා. ඔක්කොටම වඩා මට අමාරු උනේ රැග් කන එක. මොකක්දෝ මන්ද තේරුම් ගන්න බැරි  පොඩි රහකුත් ඒකේ තිබුණා. හැබැයි සමහර වෙලාවට උන් කියන කියන දේ කරන එක මට වදයක් වුණා.  කොහොමහරි රැග් සීසන් එකනම් ඉවර වුණා. හැබැයි ඒ වෙනකොට මගේ හිත නම් වෙන සීසන් එකක් පටන් අරගෙන.

දර්ශණ. ‘’මල්සරා’’. ඒක තමයි කැම්පස් එක ඇතුලේ එයාට හැදිලා තිබුණු කාඩ් එක. මුලින්ම ඇහුවමනම් මට හිනත් ගියා. ඒත් එයා හරි හොඳ කෙනෙක් කියලා මට හිතුනා.  මගේ පලවෙනි ආදරේ....පටන්ගන්නේ ඒ විදිහට.  අපි දෙන්නට ලං වෙන්න ඒ හැටි දවසක් ගියේ නැහැ. අපි දෙන්නා යාලුයි කියලා දැනගෙන සමහර අය  එයා ගැන මට එක එක විදිහේ කතා කිව්වා. මගේ හිතනම් ඒ කිසි දෙයක් පිළිගත්තේ නැහැ. මට හිතුණේ එයා සංසාරේ පුරාවටම මගේ ලඟින් හිටපු කෙනෙක් කියලා. කොච්චර ලස්සනද ඒ දවස් ටික.

හැම සති අන්තෙම මම ගෙදර යනවා. එහෙම ගියත් හැම වෙලේම මං  හිටියේ එයත් එක්ක.  හැම වෙලේම අපි call  කළා . msg කළා, video chat  කළා . photos  share කරගත්තා. සාමාන්‍යයෙන් ආදරේ කරන දෙන්නෙක් අතර වෙන සමහර දේවල් අපි දෙන්නා අතරත් වුණා. වෙනදට ගෙදර ගියහම අම්මත් එක්ක අම්මා ළඟටම වෙලා හිටපු මම දැන් ඉන්නේ මගේ කාමරේ phone එකත් එක්ක. අම්මට ඒ ගැන පොඩි සැකයක් මතු වෙලා තිබුණා. ඒ හින්ද වෙන්න ඇති දවසක් අම්මා ඒ ගැන මගෙන් ඇහුවේ. අම්මා කියනවා මං වෙනස් වෙලාලු. අනේ මන්දා. කොහොම හරි තව දවසක් මම නාන්න bathroom එකට ගිය වෙලාවක මගේ ෆෝන් එකට ආපු මැසේජ් එකක් අම්මා දැකලා තිබ්බා. ඒ වෙලේනම් මට ගොඩක් බය හිතුණා. ඒ msg එක අවේ කාගෙන්ද කියලා අම්ම ඇහුවම මට ඇත්තම කියන්න වුණා. මම එයා ගැන ගෙදරට කිව්වා. ඒත් ඊටපස්සේ තමයි මට හිතුනේ මං  ඒ ගැන නොකියා හිටියනම් හොඳයි කියලා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම අම්මලා එයාට අකමැති වුණා. සම්බන්ධය නවත්වන්න කියලා බල කෙරුවා. මට එයාවත් ඕනේ. ගෙදර අයවත් ඕනේ. ඒත් තාත්තා මාව අසරණ කළා. ඉතින් මං මගේ තාත්තට තියෙන ආදරේ හින්දම එයාව  අතහැරියා. මගේ කතාව එතනින් ඉවරවුනේ නැහැ. මට හිතෙන්නේ ඒක පටන්ගත්තේ දැන් කියලා.

මම එයාව අත්හැරියට එයා මාව අතහරින්න ලැස්ති වුණේ නැහැ. මට msg කර කර , call කර කර කරදර කරන්න පටන් ගත්තා. බැරිම තැන මම එයාගේ number එකත් block  කළා. ඒත් වැඩක් වුණේ නැහැ. එය වෙන වෙන numbers වලින් මට කරදර කරන්න පටන් ගත්තා. දවසක් අඳුරන්නේ නැති number එකකින් මට msg එකක් එනවා. ඒකේ තිබුණු දේවල් ඒ වචන මට තවත් කෙනෙකුට කියන්න බැහැ,  මට ලැජ්ජයි. ඒත් මේ ටික විතරක් කියන්නම්.

‘’ එහෙනම් උඹ මාව අත්හැරියා නේද? මතකද උඹ මට ආදරේ කරපු විදිහ. උඹ හිතන්න එපා වෙන එකෙක් එක්ක යන්න මන් උඹට ඉඩ තියයි කියලා. උඹවත් මරලා මන් ඌවත් මරනවා........’’

මට කියන්න පුළුවන් ඔච්චරයි. හැබැයි එයා මට තව ගොඩක් දේවල් කිව්වා. සමහර දේවල් මට අමතක වෙලා තියෙන්නේ  කිය කිය මතක් කරලත් දුන්නා. එයා මට කියපු දේවල් නිසා මට බය හිතුණා.  මං ආපහු සම්බන්දෙ පටන් ගත්තා.  මං වෙනදාටත් වඩා එයාට ලං වුණා. ඉස්සර වුනු දේවල්  ආයේ ආයේම සිද්ධ වෙන්න පටන් ගත්තා. call , msg , video chat ඔය හැම දෙයක්ම. එයත් මට  videos එවන්න පටන් ගත්තා. මගේ සැලැස්ම එතනින් ඉවරයි.

මං ආයෙත් සම්බන්ධෙ නැවැත්තුවා.  මුලින් වගේම ආයෙමත් එයා මට කරදර කරන්න පටන් ගත්තා. ඒත් මේ පාර එයාට දෙන්න මං ළඟ උත්තර තිබුණා. එදා මං බැගෑපත් වුණු විදිහටම එයාටත් සිද්ධ වුණා මං ඉදිරියේ බැගෑපත් වෙන්න.

මං එයාට කිව්වේ මෙච්චරයි.

‘’ මම දන්නවා ඔයා ළඟ තියෙන්නේ මගේ මොන වීඩියෝ එකද කියලා. ඒක කවදාහරි දවසක කොහෙන් හරි එලියට අවොත් , අන්න එදාට මං ළඟ තියෙන ඔයාගේ වවීඩියෝත් මම එලියට දානවා. හිතලා බලන්න එහෙම දෙයක් වුනොත් ඔයා කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ කියලා.’’

ඔබේ පෞද්ගලිකත්වය ඔබට වටිනා තරමටම අනෙකාගේ පෞද්ගලිකත්වයද ඔවුන්ට වටිනවා කියන අදහස මේ ලිපිය පුරාවටම තිබුණු නිසයි අපේ වෙබ් අඩවියට මෙය එකතු කරන්න අපි තීරණය කලේ.

02

03

04

05

06

07

08

09

මෙහි නම් සහ ස්ථාන පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනස් කොට තිබිය හැක.

raw.lk පාඨකයෙක්.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews