X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

මුඩුක්කුවෙන් බිහිවුණු මිලියනපතිනිය. කල්පනා සරෝජ්


Views - 10089 |Tuesday 6th June 2017 16:27:34


පුංචි කාලේ ඉඳන්ම සමාජක් ඉදිරියේ නොසැහෙන්න දරුණු වද හිංසාවන්ට ලක්වෙලා. කායිකව මෙන්ම මානසිකව පිඩාවට පත්වෙලා. ජිවිතේ ගැන කලකිරුණු කෙනෙකුට  කරන්න පුළුවන් හොඳම දේ ජීවිතය නැති කරගන්න එකද?  එකද කියන තැනට ප්‍රශ්නාර්ථයක් තියන්නේ නැතුව එකයි කියලා ඉවර කරොත්. අද සමාජේ ඇතුලේ  වැඩිපුරම සිද්ධවෙන්නේ අන්න ඒක. තමන්ගේ ජිවිතේ තමන්ම නැති කර ගන්නවා. 

හැබැයි ඔය තීරණය ගන්නයි කියලා හිත බල කෙරුවත් ඒ පිඩාවන්ට දිගින් දිගටම මුහුණ දෙමින් ජිවත් වෙන අයත් මේ ලෝකේ නැතුවාම නෙවෙයි. කලින් කිව්වා හා සමානව මේ  විදිහට ජිවිත ගත කරන අයත් ඕනෑ තරම් ඉන්නවා. ඔය අතරින් සමහරු ඉන්නවා ඒ ඔක්කොම දේවල් විඳ දරාගෙන තමන්ගේ ජිවිතේ සාර්ථකත්වය කරා අරන් ගියපු.   තමන්ට සිද්ධවෙන අසාධාරනකම් අකටයුතුකම් මැද්දේ ඊට එරෙහි වුනු දිරිය කාන්තාවක් ගැන තමයි අද අපි කතා කරන්නේ.

unnamed-2

ඇය නමින් කල්පනා. ඇය උපත ලබන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන මුඩුක්කුවක. මුඩුක්කුවේ ගෙවිලා ගිය ඇගේ ළමා කාලය එතරම් සුන්දර නොවුනේ මුඩුක්කුවක ජීවත්වෙන දරුවෙකුගේ ළමා කාලය සාමාන්‍ය දරුවකුගේ ළමා කාලයට සමාන නොවුණු නිසා. මොකද ඔවුන් නිතරම කායිකව හා මානසික පිඩාවට පත්වෙන ළමුන් පිරිසක්. කල්පනාගේ ජීවිතය ගෙවිලා ගියෙත් අන්න ඒ විදිහට. කුඩා කාලයේදී කල්පනා පාසල් ගියත් ඇගේ පාසල් ගමන නතර කරලා ඇයව විවහා කරදෙන්න ඇගේ දෙමව්පියෝ තීරණය කරනවා.

මව්පියන්ගේ උණුසුමේ , යහළු යෙහෙළියන්ගේ කෙළි සෙල්ලම් මැද්දේ ජිවත් වුනු කල්පනාට අවුරුදු 12හෙදි තරුණයකු හා විවහා වෙන්න සිද්ධ වෙනවා. විවහය සිද්ධ වෙන්නේ ඇය ජීවත්වුණු  මුඩුක්කුවේම තරුණයෙක් එක්ක. කල්පනාගේ විවාහය හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ. විවාහයෙන් පස්සේ තමන්ගේ ස්වාමියාගෙන් විතරක් නෙවෙයි ඔහුගේ ගෙදර අයගෙනුත් ඇයට ගුටි බැට එල්ල වෙනවා. මේ සියලු තාඩන පීඩන දරාගන්න නොහැකිවුණු තැන කල්පනා තීරණය කරනවා ආපහු තමන්ගේ නිවාස වෙත යන්න.

ඉතන් ඇය තමන්ගේ ස්වාමියා අත්හැරලා දාලා තමන්ගේ නිවසට යනවා. නිදහසේ කරදරයකින් තොරව ජීවත්වෙන්න කියලා හිතාගෙන නිවසට ඇයට සැනසීම වෙනුවට හිමිවෙන්නේ ගම්වැසියන්ගේ ගල් මුල් ප්‍රහාර. සැමියා කෙතරම් වැදරි කාරයකු වුවත් සැමියා හැර ආ ගැහැණිය ඔවුන් සැලකුවේ පාපී කාන්තාවක් විදිහට. ඒ හිරිහැර ඉවසා ගන්න බැරිව කල්පනා තීරණය කරනවා සියදිවි හානි කරගන්න. හැබැයි මොකක්දෝ මන්දා හේතුවකට ඇයට තවදුරටත් ජීවත්වෙන්න වාසනාව හිමිවෙනවා.

unnamed-1

මේ සියලු දුක් කරදර ඉවසාගෙන සිටින ඇය අවුරුදු 16දී තමන් ජීවත්වුණු ගම අත්හැරලා දාලා මුම්බායට යන්න තීරණය කරනවා. මුම්බායට ගියාට පස්සේ කල්පනාගේ මුල්ම රැකියාව වෙන්නේ ඇඳුම් මහන එක. ඇගේ මුල්ම වැටුප රුපියල් 2යි. ඇය ඒ මුදල වැය කරන්නේ තමන්ගේ පවුලේ යහපත උදෙසා. කොහොමහරි කාලය ගෙවිලා යනකොට ඇයට පුළුවන් වෙනවා රජයෙන් ලබාදෙන ණය මුදලක් ලබාගන්න. ඒ ලැබුණු මුදල යොදවලා කල්පනා බොහොම පොඩියට ඇඳුම් සාප්පුවක් පටන් ගන්නවා.

තමන්ගේ ජිවිතේ ගැන ඇයට තිබුනේ මේ වගේ අදහසක්.

''මම තීරණය කළා මගේ ජිවිතේ ජිවත් කරවන්න.ඒ සඳහා ලොකු දෙයක් කරන්න මට අවශ්‍ය වුණා. එහෙමත් නැත්නම් මැරෙන එක හොඳයි කියලා මට හිතුණා.''

කොහොමවුනත් ඇය ඉපයූ මුදල් ඇයගේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු වලට ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසා දිවා රෑ කියලා බලන්නේ නැතුව වෙහෙස වෙලා වැඩ කරන්න කල්පනාට සිද්ධ වුණා. එතකොට ඇය හිතුවේ මෙහෙම. 

'' සල්ලි ජිවිතයට ඇති කරන ප්‍රශ්න ගැන කලපනා කරන කොට ජීවිතය ගැන කලකිරෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් මුදල් හොයන්න මම තීරණය කළා.''

ඇයගේ මේ මහන්සියේ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට ඇය දක්ෂ ව්‍යවසයිකාවක් විදිහට සමාජේ ඉදිරියට එනවා.අද වනවිට ඇය මිලියනපතිනියක්. ආයතන හතරක අධිපතිනියක්.  අගේ ප්‍රධානම වෙළඳ සමාගම වෙන්නේ '' කමනි ටියුබ්ස්'' කියන ටියුබ්ස් වෙළඳ සමාගම. අද වෙනකොට ඇගේ වාර්ෂික ආධායම ඇමරිකානු ඩොලර් මිලියන 112ක් විතර වෙනවා.

ඒ වගේම තමයි ඉන්දියාවේ සුවිශේෂී පුද්ගලයන්ට පිදෙන '' පද්ම ශ්‍රී '' සම්මානයෙන් පිදුම් ලබන්නත් කල්පනා සමත් වෙනවා. ඒ 2013 වර්ෂයේදී.

නැවතත් විවහා දිවියට පිවිසෙන කල්පනා අද වනවිට දෙදරු මවක්. ඉන්දියාවේ විවිධ ගම්වල ජීවත්වෙන රැකියා විරහිත තරුණියන්ට ය රැකියා සඳහා ඉඩ හසර සලසා දෙනවා. ඒවගේම  තමයි අධ්‍යාපනය ලබන දරුවන් උදෙසා උපකාර කිරීමට ඇය විසින් පදනමක් පිහිටුවලා තියෙනවා.ඊට අමතරව සෞඛ්‍ය පදනමක් හා රෝගීන්ට ආහාර ලබාදීමට ඇය කැපවී කටයුතු කරනවා.

මුඩුක්කුවල වල ඉඳන් කෝටිපතියෝ වෙන චරිත අපි ඕනෑ තරම් film  වල දැකලා තියෙනවා. ඒ දැකලා හුරු පුරුදු ගතිය නිසාම ගොඩක් දෙනා හිතන්න පුරුදු වෙලා ඉන්නවා ඒ දේවල් සැබෑ ලෝකේ නෙවෙයි සිද්ධ වෙන්නේ film ඇතුලේ විතරයි කියලා. හැබැයි මුඩුක්කුවක ඉඳන් මිලියනපතියෙක්  වෙන්න පුළුවන් චිත්‍රපටි චරිත වලට විතරක් නෙවෙයි කියලා අද වෙනකොට ඇය ඔප්පු කරලා ඉවරයි. දරිද්‍රතාවය, සමාජ පීඩනය හමුවේ මිලින නොවූ ඇය අදා වෙනකොට ලෝකේ පුරා කතාබහට ලක්වෙන චරිතයක් වෙලා හමාරයි.

මුඩුක්කුවක ඉඳලත් කල්පනාත්  ජීවිතය ජයගත්තානම් , ඇයි අපිට බැරි ?


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews