X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

හෙට ඔයාගේ වීඩියෝ එක අන්තර්ජාලයේ තිබුනොත් ඒ ගැන පුදුම වෙන්න එපා. ඒක හරිම සාමාන්‍යයි.


Views - 3433 |Wednesday 7th June 2017 13:35:36


ඇය නමින් ඇමැන්ඩා ටොඩ්.

උපත :1996.11.27

විපත :2012.10.10

ඇමැන්ඩා කැනඩාවේ පිහිටි ඇගේ නිවෙසේ දී සියදිවි නසාගන්නේ අවුරුදු 15ක් තරම් ළාබාල වයසකදි.ඇය සියදිවි නසාගැනීමට පෙර You tube  වීඩියෝ පට පෙළක් ඔස්සේ sign boards භාවිත කරමින් තමන්ට මුහුණ දීමට සිදුවූ ඒ අවාසනාවන්ත සිද්ධිය මුළු ලෝකයටම හෙළි කරනවා.මිලියන 20කට ආසන්න පිරිසක් ඇයගේ You tube වීඩියෝව නරඹලා තියෙනවා.

සමාජ ජාලා වෙබ් අඩවියක් ඔස්සේ හදුනාගන්නා පුද්ගලයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගන්නා ඇය, skype  ඔස්සේ ඔහු සමඟ සංවාදයේ යෙදෙනවා.දිනක් සංවාදයේ යෙදෙමින් සිටින අතරතුර, ඔහු ඇයගෙන් ඉල්ලීමක් කරනවා.තම කුළුදුල් පෙම්වතා අසීමිත ලෙස විශ්වාස කරන ඇමැන්ඩා, ඔහුගේ ඉල්ලීම ඉටු කරමින් තවමත් නොඉඳුල් තම පියයුරු යුගල වෙබ් කැම් ඔස්සේ ඔහුට ප්‍රදර්ශනය කරද්දි, මේ කරන්නේ තමන් විසින් තමන්ගේ ම මරණ වරෙන්තුව ලියාගැනීමක් බව ඇය  හීනෙකින්වත්හිතන්නේ නැතුව ඇති.

ඇගේ සල්ලාල පෙම්වතා වෙබ් කැම් හරහා පටිගත කරගත් තත්පර ගණනක වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින බව කියමින් ඇය අපහසුතාවට පත් කරනවා.ඇගේ වීඩියෝව සමාජ ජාලා වෙබ් අවඩිවල පළ වෙනවා. සමාජය ඇයට හිනාවෙනවා.අවසානයේ දී බරපතළ ලෙස මානසික පීඩාවට ලක්වන ඇමැන්ඩා සියදිවි හානි කරගන්නවා. අන්න ඒ සිදුවීමහේතු කරගෙන තමයි කැනඩා රජය cyber bullying වරදට එරෙහිව නීති සම්පාදනය කරන්න පෙළඹෙන්නේ.

අන්තර්ජාලය කියල කියන්නේ බිලියන ගණනකට අධික තොරතුරු ප්‍රමාණයක් හුවමාරුවෙන , කතාබහට ලක්වෙන බොහොම ප්‍රසිද්ධ වේදිකාවක්. එහෙම වේදිකාවට දැන හෝ නොදැන අපේ තොරතුරක් එකතු වුනාට පස්සේ , අපි ඒ තොරතුර මකලා දැම්මත් ඒ වෙනකොට බොහෝ දෙකෙන් ඒ දේ දැකලා ඉවරයි. සමහරවිට ඒ ඔබේ අතිශය පුද්ගලික තොරතුරක් වෙන්න පුළුවන්. ඒ තොරතුර ඔබේ ජිවිතයට තර්ජනයක් කරවන දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් දෙයක් වුනාට පස්සේ ඒ දේවල් ගැන පසු තැවෙනවාට වඩා ,වෙන්න කලින් වලක්වාගන්න පුළුවනිනම්. වටිනාකම තියෙන්නේ අන්න එතන.

ඒ දේවල් එහෙම වෙද්දී වර්තමාන සයිබර් අවකාශය දිහා ටිකකට බැලුවොත් , පහුගිය දවස් ටිකේ එක එක තරාතිරම් වල ඉන්න කිහිපදෙනෙකුගේම විඩියෝස් එලියට ආවා.ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් එහෙම විඩියෝස් ලීක් වුණා. ඒ ලීක් වීමත් එක්ක ඊළඟට කරලියට එන වචනේ ''ලින්ක් එක නැද්ද බන්''  කියන එක. කොහොමෙන් කොහොමහරි ලින්ක් හොයාගෙන ඇති තරමක් ඒක රස විඳිනවා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා හිටියේ කොහොමද ?

අරකයි මේකයි කිය කිය චරිත සහතික දෙන්න පටන් ගන්නවා. චරිත සහතික වලින් පස්සේ එන්නේ දාර්ශනික කතන්දර ටික. ඔය ඔක්කොම ටික අහගෙන බලාගෙන, තමයි අදාළ පුද්ගලයා ඊට පස්සේ ඉන්න වෙන්නේ. 

ඔය හැමදේම අස්සේ පොඩි මාර්කටින් රැල්ලකුත් නොතේරෙන ගානට හීනියට සිද්ධ වෙනවා.ඒ මේ විදිහට.

පුංචි දේත් ලොකු කරලා පෙන්වන්න පුළුවන් බුකී පේජ් වීරයෝ කිහිපදෙනෙක් ඉන්නවා., කුණු රහට වහ වැටිලා ඒ රහම හොයා හොයා ඒ post විතරක්ම share කරන කාක්කෝ රැළකුත් ජාඩියට මූඩිය වගේ ඒ පස්සෙන්ම වැටීගෙන ඉන්නවා. එක එක කාලෙට සයිබර් අවකාශය ඇතුලේ විශේෂණ පදයක් එක්ක විවිධ අක්කලා නංගිලා බිහිවෙනවා. පහුගියකාලේ '' බැංකු අක්කා '' ගේ පිහිටෙන් ගොඩක් පේජ් තමාගේ like ටිකනම් ගොඩදාගත්තා. හැබැයි හැමෝටම අමතක වුනා අපි මේ like වැඩි කරගත්තේ තවත් කෙනෙක්ගේ පෞද්ගලික ජිවිතේ විකුණගෙන කියලා. මෑත කාලය ගැන කතා කරනකොට නිළියකගේ ,  කියල කියාගත්තු විඩියෝස් ලීක් වුණා. අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා '' පානදුරේ නංගි '' කියල එකකතු පේජ් වීරයෝ මේක ඇතුලට අරන් ඇවිත් තිබුනනේ. හැබැයි ඔය හැමදේම එයාලගේ පෞද්ගලිකත්වය.

ඊළඟට ඔයා කියයි.  පෞද්ගලිකත්වය නම් කොහොමද ඒක පොදු දෙයක් වෙලා අන්තර්ජාලය ඇතුලට ආවේ කියලා. ඒකට හේතුව තමයි වීඩියෝ එක සමාජ ජාලෙට අරන් ආපු කෙනාට මතක නැහැ තමන් ඉපදුනු විදිහ ගැන. මොකද කියනවනම්, බැංකු අක්කව, පානදුරේ නංගිව , අර නිලියක් කියපු කෙනාව සමාජය ඉදිරිපිට "ගණිකාවක්"කරපු හැමෝටම අමතක වුනා තමන් මේ ලෝකේ එලිය දැක්කේ මේ සමාජයේම  ජීවත්වන අර විශේෂණ පද එකතු කරපු අක්කල නංගිලා වගේම කෙනෙක්ගේ දෙකලවා මැද්දෙන් කියන එක.

හැබැයි ඔය රස කරලා විකුණන අනුන්ගේ පෞද්ගලිකත්වය, තමන්ගේ අක්කගේ හරි නංගිගේ හරි පෞද්ගලිකත්වය වුණානම්. නැහැ නැහැ. ඒක බය වෙන්න තරම් දෙයක් නෙවෙයි. මොකද බැංකු අක්කට බෙදපු හැන්දෙන්ම ඔයාගේ අක්කටයි නංගිටයි බෙදන්න මේ සමාජය, අන්තර්ජාලය අමතක කරන්නේ නැහැ. අන්න එතනදී ඔය කාට කාටත් මතක් වෙයි තමන්ගේ පෞද්ගලිකත්වය තරමටම අනිත් කෙනාගේ පෞද්ගලිකත්වයත් වටිනාවාය කියන කාරණය.

ලංකාවේ කෙල්ලො කියන්නේ ආදරේ කරන කොල්ලා සෑහෙන්න විශ්වාස කරන කට්ටියක්.ඒ නිසා කොල්ල වෙනුවෙන්, කොල්ලට තියෙන ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.හැබැයි ඒ කෙල්ලගේම SEX වීඩියෝස් තමයි ලිංගික වෙබ් අඩවිවලට එකතු වෙන්නේ.එක්කො කොල්ලා තමන්ගේ සතුට ලබාගෙන තමන් එක්ක එකට එකතු වුන ඒ කෙල්ලව ලෝකයට විකුණනවා.එහෙමත් නැත්තම් වෙනත් විදියකින් ඒ වීඩියෝස් ලීක් වෙනවා.ගොඩක් වෙලාවට ඔය වීඩියෝවල ඉන්න ගැහැණු ළමයින්ගේ දැනුවත්වීමකින් තොරව තමයි ඕවා අන්තර්ජාලයට   මුදා හැරෙන්නේ. ඒ දේවල් දැනගනිද්දී සමහර වෙලාවට ඇය සමාජය ඉදිරියේ ගණිකාවක් වෙලා අවසන්.

ශ්‍රී ලංකාවේ සමාජ ජාලා වෙබ් අඩවි නියාමනය කරන්න යම්කිසි ආකාරයක නීති පද්ධතියක්, සැලසුමක් ගෙන එනවනම් රජයේ අවධානය ඒකට යොමු කරන්න හොඳම වෙලාව තමයි මේ ඇවිත් තියෙන්නේ. එහෙම නීති හා සැලසුම් පද්ධතියක් ඇති කලොත් පුලුවන්වේවි හැමකෙනෙකුගේ පෞද්ගලිකත්වය  රැකෙන විදිහට තමාගේ අදහස් නිදහසේ පල කරන්න සයිබර් අවකාශ භාවිත කරන අය පුරුදු වෙනවා. අන්න එතකොට පුළුවන් වේවි අන්තර්ජාලය ඇතුලේ සිද්ධවෙන ගොඩක් අපරාධ මර්දනය කරන්න.

කොහොම වුනත් තමත් පිළිබඳ විශ්වාසය තබා කායිකව තමන් හා සම්බන්ධ වූ කෙල්ලව සමාජය ඉදිරියේ "ගණිකාවක්" කළ කෙනා කවුරුන් හෝ වේවා ඒ කෙල්ල ජීවිතයට හානියක් කරගැනීමට පෙළඹුනොත් ඒ දේට පෙළඹෙන්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි ඔබේ නරුම ක්‍රියාවේ ප්‍රතිඵලයක් කියන එක හොඳට මතක තියාගන්න.ඒ වගේම තමයි තවත් කෙනකුගේ ජීවිතයක් මාර්කට් කර ඔබේ FB පිටුවට likes වැඩිකර ගන්න හිතන එක මනුස්සකමට කරන නිගාවක් මිසක් වීරකමක් නෙවෙයි කියන දේත් මතක තියාගන්න.

තව එක දෙයක්., තමන් කරන කියන පෞද්ගලික දේවල් , කිසිදු තේරුමක් නැතිව වීඩියෝ කරන, ජායාරූප ගන්න මෝඩ කෙල්ලනි. හෙට ඔබේ වීඩියෝ එක අන්තර්ජාලය තුල හුවමාරු උනොත් ඒ ගැන පුදුම වෙන්න එපා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews