X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ශ්‍රී ලංකාවේ නිහතමානි ආඩම්බරය! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන


Views - 4459 |Monday 12th June 2017 14:07:19


බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට දෙවැනි වරටත් තේරී පත්වීමට ශ්‍රී ලාංකිකයකු වන රනිල් ජයවර්ධන සමත් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ඔහු මීට පෙර 2015 දී පළමු වතාවට එරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 

බ්‍රිතාන්‍යයේ විද්‍යාවේදී උපාධිධාරයකු වන රනිල් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකාරවරයකු ලෙස ද සේවය කරලා තියෙනවා. ඔහුගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර මව ඉන්දීය ජාතික කාන්තාවක්. දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතෙන 29 හැවිරිදි රනිල් ජයවර්ධන වැඩි ඡන්ද 29,916 කින් ලන්ඩනයේ ඊසානදිග හැම්ප්ෂයර් අසුන ජයග්‍රහණය කරලා තමයි මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔහුගේ පහුගිය වගතුග කිහිපයක් මේ විදිහට කියන්න අපිට හිතුණා.

ඔහුගේ පියා නලින් ජයවර්ධන හොරණ අඟුරුවාතොට උපන්නෙක්. නලින් ජයවර්ධනගේ පියා ඒ කියන්නේ රනිල්ගේ සීයා හෙන්රි ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී දේශපාලනයෙහි නිරත වුණා. ඔහුගේ සෙවනේ හැදුන වැඩුන නලින් ජයවර්ධනද දේශපාලනය කෙරෙහි නිරායාශයෙන්ම ඇල්මක් ඇතිකර ගෙන තිබුණා. කුඩා කල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට ඔහුද සම්බන්ධවී කටයුතු කරලා තියෙනවා.

හෙන්රි ජයවර්ධන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ බණ්ඩාරගම  ආසනයට නාමයෝජනා ඉල්ලා සිටි නමුත් ඔහුට නාමයෝජනා ලැබිලා නැහැ. එම අවස්ථාව පළපුරුද්දක් නැති හර්බට් වික්‍රමසිංහට ලැබෙනවා.  වසර 20ක දේශපාලන පලපුරුද්දක් තිබූ තම පියාට පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමේ අවස්තාව ලබා නොදීම නිසා තරුණ නලින් ජයවර්ධනට ලංකාවේ දේශපාලනය එපා වෙනවා. පසු කලෙක එජාප රජයක් පැවතී කාලයේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවටත් ගුවන් හමුදාවටත් බැඳීමට ගත් උත්සාහයද සුදුසුකම් තිබියදීත්,දේශපාලන හේතු මත  අසාර්ථක වෙලා තියෙනවා. ඔහු එංගලන්තයට එන්නේ ඉන් පසුවයි.

ලන්ඩන් නුවරදී ගණකාධිකරණය හැදෑරු ඔහු පසුව එස්මින්ස්ටෙර් විශ්ව විද්‍යාලයෙන්  බී ඒ උපාධියක් දිනා ගන්නවා. ඔහු දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා. ලොයිඩ්ස්  බැංකුවේ ජේෂ්ඨ කළමනාකරු ලෙස රැකියාව කරනවා. දැනට ඔහු ජේෂ්ඨ මහේස්ත්‍රාත්වරයකු ලෙසත් සේවය කරනවා. ඒ වගේම හැම්ප්ෂයර්  නගර සභාවට ඔහු කොන්සර්වෙටිවේ පක්ෂයෙන් තරඟ කරනවා.

රනිල් ජයවර්ධන කියන්නේ ඔහුගේ වැඩිමහල් පුතා. රනිල්ට තුෂානි ජයවර්ධන නමින් සහෝදරියක් සහ රවීන්ද්‍ර ජයවර්ධන නමින් සහෝදරයෙක්ද ඉන්නවා. මව ඉන්දිරා ජයවර්ධන. ඇය පාසල් පාලිකාවක්. සහෝදරිය දැනට රැකියාවක නිරතව සිටින අතර සහෝදරයා ලන්ඩන් නුවර ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ගෙදර නිතර දෙවේලේ දේශපාලනය කතාබස් කළ නිසා රනිල් ජයවර්ධන වයස 11 සිටම දේශපාලනය පිලිබඳ උනන්දුවක් ඇතිකර ගෙන තියෙනවා.

ඔහු, 1986 දී ඊසාන දිග හැම්ප්ෂයර් පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය ලැබුවෙක්. වෘත්තීයෙන් බැංකුකරුවෙක්. තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී සිටිනවා. ඔවුනට ඩේසි ජයවර්ධන නම් සති කිහිපයක් වයසැති දියණියක් ද ඉන්නවා.

පාසල් සමයේ සිටම කොන්සර්වෙටිව් පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි ඔහු 2008 සිට බ්‍රේසින්ස්ටෝක් සහ ඩේන් නගර සහාවේ උප නගරාධිපතිවරයා ලෙස ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් ලොකු සේවයක් කර තිබෙන අතර මාර්ගරට් තැචර් අගමැතිව සිටි අවධියේ නගර සභාව සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරග කිරීමේ අවස්තාවක් ඔහුට ලැබිලා තියෙනවා. 2015 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පෙර ඔහු අවුරුදු 8 ක් නාගරික මන්ත්‍රී වරයෙකු ලෙසද කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් ශ්‍රී ලාංකිකයෙක් මේ විදිහට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වීම ගැන අපිට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews