X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ඊයේ ඥානසාර හිමි නිදහස් නොකලානම් සිද්ධවෙන්න තිබුණු මේ දේවල් දන්නවද ?


Views - 8965 |Thursday 22nd June 2017 13:40:14


දින කිහිපයක් සිට ඥානසාර හිමියන් අත්අඩංගුවට ගතයුතු යයි කියා නියෝග නිකුත් කිරීම බව ඔබ දන්නවා ඇති. ඊයේ ඥානසාර හිමියන් ආරක්ෂා සහිතව උසාවියට භාර වූ හැටි සියලු ජනමාධ්‍ය වාර්තා කළා.ඉන් අනතුරුව උන් වහන්සේ මුදා හරි බවත් වාර්තා කොට තිබුණා. 

ඒ වුනත් ඒ කොයිහැටි වෙතත් ඊයේ ඥානසාර හිමියන්ව ඊයේ නිදහස් නොකලානම් මෙන්න මේ දේවල් සිද්ධ වෙන්න තිබුණා කියලා තමයි අපිට හිතෙන්නේ.  

1. සයිටම් එකේ වැඩේ යට යන්න තිබ්බ. 

80ක පමණ ප්‍රමාණයක් රෝහල් ගත කරමින් රජයේ දේපල වලට හානි සිදු කරමින් විශාල වෙහෙසක් දරා සංවිධානය කරන්නට යෙදුනු සයිටම් විරෝධතාවයකින්  සිදුවූ කිසිවක් පිළිබඳව ඥානසාර හිමි නිදහස් නොවුනානම් කතා බහ නොවෙන්නට තිබුණා. මොකද ලංකාවේ අපිට අධ්‍යාපනයට වඩා ආගම ගොඩක් වැදගත් හින්දා. 

19398774_705018153017745_1156880436_n

2. ආරක්ෂක අංශ වල නිවාඩු අවලංගුවීම 

ඊයේ ඥානසාර හාමුදුරුවන්ව නිදහස් නොකලනම් අනිවාර්යයෙන්ම කීප තැනක හරි උද්ඝෝෂණ තියෙන එක ආගමට ලැදි අයගේ වගකීමනේ. සයිටම් එකේ උද්ඝෝෂණය කලින් දාගෙන හිටපු එකක්, ඒ කියන්නේ කලින් සංවිධානය කරලා තිබුණු එකක්. ඒ හින්ද කොහොමත් විශ්ව විද්‍යාලවල කට්ටියට මේ උද්ඝෝෂණය කරන්න වෙනවා. එතකොට රටේ තැනින් තැන මේ වගේ උද්ඝෝෂණ තියෙන කොට අනිවාර්යයෙන්ම ආරක්ෂක අංශ වල දාපු නිවාඩු අවලංගු කරලා උද්ඝෝෂණ කරුවනට ආරක්ෂාව දෙන්න ලෝකේ කොහේ හරි ඉඳන් ආරක්ෂක අංශ වල නිලධාරීන්ට එන්න වෙනවා. එහෙම බැලුවහම කොයි උද්ඝෝෂණය උනත් බැනුම් අහන්නේ අපහසුතාවයට පත්වෙන්නේ මේ ආරක්ෂක අංශ වල නිලධාරීන්ම තමයි.

19275275_1694540480842428_8519578403599828156_n

3. කොළඹ අවට නවාතැන් පොළවල්වල booking වැඩිවීම.

පොඩි වැස්සටත් මාර්ග තදබධය ඇතිවන අපේ රටේ උද්ඝෝෂණයක් සිද්ධවෙනකොට ඇතිවන තනබදය ගැන කොල්ලුපිටිය,බම්බලපිටිය ,ටවුන් හෝල් අවට ඉන්න කට්ටියටනම් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙම එකේ උද්ඝෝෂණ දෙකක් කොළඹ අවට තියෙනකොට වැඩ ඇරිලා ගෙදර යන්න හදනකොට කට්ටියට හොඳම වැඩේ කොළඹ අවටින් කාමරයක් අරගෙන නවතින එක තමයි. කොහෙන් ගයත් උද්ඝෝෂණවලින් අන්තිමට කරදරයට පත්වෙන්නේ දේශපාලකයෝවත් නිලධාරීන්වත් නෙවෙයි වැඩ ඇරිලා ගෙදර යන සාමාන්‍ය මිනිස්සු.

unnamed-18

4. live වලින් පිරිච්ච බුකිය.

සයිටම් එකේ උද්ඝෝෂණය හින්දා බුකිය උඩ පල්ලෙහාට යනකොට facebook live  කියක්නම් අපිට හම්බුනාද. එක තමයි සමාජ ජාල වල විදිහ . ඒ වුනත්  ඊයේ වැරදිලා හරි ඥානසාර හාමුදුරුවෝ නිදහස් නොවුනානම් කොයි live  එකද බලන්නේ කියලා හිතාගන්න බැරි වෙන තරමට facebook live  සෑහෙන්න අපිට හම්බවෙන්න තිබුණා.  මොකද ලංකාවේ ආගමට ආදරය කරන මිනිස්සු ඒ ගැන පෙන්නන්නේ තමන්ගේ බුකියේ wall  එකෙන්නේ.එහෙම නොවුනොත් ඉතින් ජාතික අභිමානය නැති කෙනෙක් කියලා මිනිස්සු හිතන්න පුළුවන්නේ.

unnamed-17

ඊයේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් නොවුනානම් වෙන්න තිබ්බ දේවල් හැටියට අපිට හිතෙන්නේ ඔය ටිඅක තමයි. වෙන්න තිබුණු තවත් දේවල් ගැන ඔයාටත් හිතෙනවනම් ඒ දේවල් ටික comment කරන්න.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews