X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

වෙන අයගේ සිංදු කියන, COVER VERSION කරන ඔබ මේ නීති ගැන දන්න්නවද..?


Views - 3578 |Friday 23rd June 2017 14:45:08


විවිධ ගීත වලට කවර් වර්ෂන් නිර්මාණය වීම මේ දිනවල බහුල වශයෙන් දකින්න තියෙනවා. ඒ වගේම ඒ බිහිවුණු නිර්මාණ වලට ප්‍රශ්ණ ආපු අවස්ථාත් නැතිවම නෙවෙයි. ඔබත් තව කව්රු හරි ගායකයෙක්ගේ ගීතයක් නැවත නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නවානම් ඒ ගැන තියෙන නීතිය ටිකක් දැනගත්තොත් හොඳයි නේද?

2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ තමයි මේ ගැන විස්තර කරලා තියෙන්නේ. එම පනතේ තියෙන විදිහටනම් 

ගීතයක් පරිවර්තනය කිරීම, වෙනස් කිරීම, විකිණීම එහෙමත් නැත්නම් නිශ්චිත කාලයකට පාවිච්චි කිරීම සඳහා කුලියට දීම, අයිතිය පැවරීම වගේ දේවල් වලට අයිතිය තියෙන්නේ ගීතයේ හිමිකරුට විතරයි. ඒ නිසා ඔබ යම්කිසි නිර්මාණයක් කරනවානම් අනිවාර්යයෙන් ගීතයේ මුල් හිමිකරුගෙන් අවසරයක් ගන්න වෙනවා.

ඒ වගේම යම් කිසි දෙයක් ඉගැන්වීමේ පරමාර්ථයෙන් යම්කිසි නිර්මාණයක කොටසක් ලබාගන්න නීතියේ යම්කිසි සහනයක් තියෙනවා නමුත්  එය හුදෙක් වාණිජමය පරමාර්ථයෙන් තොර විය යුතුයි. 

ඒ වගේම ගීතයක යම් කිසි වෙනසක් කරන්න කතෘ ගෙන් අවසර ගත්තානම් එහෙම අවසර ගත්ත බවට සඳහන් වන ලියවිල්ලක් තමන් සතුව තියෙන්න ඕනේ. එහෙම නැතිව වාචික එකඟතාවයකට නීතියේ ඉඩක් වෙන් වෙන්නේ නැහැ.

ගීතයක් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ප්‍රසිද්ධියේ කතෘගේ අවසරයකින් තොරව ගායනා කිරීම ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමත් වරදක් විදිහට තමයි සඳහන් වෙන්නේ.

ගීත ප්‍රචාරණය ගත්තහම නිවැරදි විදිහට ගත්තහම මොනම මාධ්‍යයක වුණත් ගීතයක් ප්‍රචාරණය කරනවානම් ඒකට මුදලක් ගෙවිය යුතුයි. නමුත් අවුරුදු 50ක් ගීතය පරණ  වුනාට පසුව මුදල් ගෙවීමේදී යම්කිසි පහසුවක් නිතිය මගින් සලසලා දීලා තියෙනවා.

යම් ගීතයක කතෘ මියගියොත් ඔහු මියගිහිල්ලා අවුරුදු 70ක් යනකල් ගීතයේ අයිතිය තියෙන්නේ ඔහුට. නමුත් ඔහු ගීතය ගායනා කරලා වසර 50ක් ගිය විට ගීතයේ අයිතිය සම්බන්දව පොඩි ලිහිලක් නීතියෙන් ලැබෙනවා. ඒ කියන්නේ ගීතයේ අයිතිය ඔහුට නැතිවෙනවා කියන එක නෙවේ තවත් කෙනෙක්ට පොඩි ඉඩක් ලැබෙනවා කියන එක.

මේ තියෙන නීති කරුණු ඉතින් සීයට සීයක් නිවැරදිව හරි පිළිවෙලට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පුංචි පුංචි ප්‍රශ්ණ ගැටළු නිසා මේ නීති වරින් වර සංශෝදනය වෙන අවස්ථා තියෙනවා . පනතේ තියෙන නිතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගියහම කවර් වර්ෂන් එකක් කරනවානම් නිතිය ලිහිල් වෙන තැන් තව තියෙනවා. අපි සුදානම් වැඩි දුරටත් ඉදිරියේදී ඔබව මේ පිළිබඳව දැනුවත් කරන්න.

ඉතින් ඔබත් ගීතයක් නැවත නිර්මාණය කරන්න අදහස් කරගෙන ඉන්නවානම් මේ තියෙන නීති පිළිබඳව ටිකක් වැඩිපුර හොයලා බලන්න. 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ සියළු විස්තර සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ආසාවට සින්දුවක් හැදුවත් ප්‍රශ්නයක් දාගන්න කලින් ඒ ගැන ටිකක් හොයලා බලලා වැඩ කලානම් ඔයාට ප්‍රශ්නෙකුත් නැහැ, ගීතයේ කතෘට ප්‍රශ්නයකුත් නැහැ, රසික ජනතාවට ගැටළුවක් එන්නෙත් නැහැ.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews