X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

ජපානයේ මරණය වෙනුවෙන්ම වෙන් වුනු වනාන්තරය.


Views - 6873 |Monday 3rd July 2017 08:03:13


අපේ ජිවිතයේ වැඩිපුරම අපිට අත්දකින්න වෙන්නේ අපි කවදාවත් බලාපොරොත්තු නොවන දේවල්. ඒ වෙලාවට සමහර අය ජිවිතේ ගැන කලකිරිලා වැරදි තීරණ ගන්නවා. පහුගිය දවස් ටිකේ අපිට ඒ වගේ සිද්ධි ගැන අහන්න දකින්න ලැබුණා. එක එක විදිහේ ප්‍රශ්න හින්දා සියදිවි නසා ගත්ත අය ගැන අපිට ආරංචි වුණා. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාම මේ විදිහට සියදිවි නසාගන්න අය ඉන්නවා.

මේ කියන්න හදන්නේ ජපානයේ පිහිටලා තියෙන සියදිවි නසා ගැනීමේ ජනප්‍රිය ස්ථානයක් ගැන. මේ ස්ථානය හැඳින්වෙන්නේ 'අකිගහරා' නමින්. අකිගහරා  වනාතරය, ජපානයේ ෆුජී කන්දෙහි වයඹ කොටසක පිහිටලා තියෙන වනාන්තරයක්. මෙය, 'මරාගෙන මැරෙන කඳුවැටිය' 'මුහුදේ ගුහාව' යන නම් වලින්ද හැඳින්වෙනවා. ''මැරෙන්නට පරිපුර්ණ ස්ථානය" යනුවෙන්ද මෙය හඳුන්වන්නේ එය සියදිවි නසාගැනීමට ලොව දෙවැනියට ප්‍රසිද්ධ ස්ථානය නිසයි.

සියදිවි නසාගැනීමේ ඉතිහාසය ගැන කයිරෝ කයිජු (Black Sea of ​​Trees) යනුවෙන් නවකතාවකුත් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. මේ කතාවේ වඳුරන් දෙදෙනෙකුගේ සියදිවි නසා ගන්නා සිද්ධියක් ඇතුලත් වනවා. නවකතාව ප්‍රකාශයට පත්වෙන්න පෙර සිටම සිය ගණන් ජපන් ජනතාව සියදිවි නසාගැනීමේ වනාතරයේ ගස්වල එල්ලී මරණයට පත් වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. පුරාවෘත්ත වලට අනුව පුරාවිද්‍යාඥන් කියන්නේ මේ වනාන්තරයේ ජිවත් වුණු මිනිසුන් ඔවුන්ගේ කුසගිනි නිවා ගන්න තමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය තුලින් ගස් වැල් පෝෂණය කළා කියලයි. මේ විදිහට ගස්වැල් පෝෂණය කරපු මිනිස්සුන්ට තමන්ගේ පෝෂණය නිසි අයුරින් ලැබුණත් ගස් වැල් අත්හැර දැමු මිනිස්සුන්ට සිදුවුණේ බිහිසුණු විදිහට වනාන්තරය තුල මරණයට පත්වීමටයි. මේ විදිහට මරණයට පත්වුණු මිනිසුන්ගේ ආත්මයන් අකිගහාරා වනාන්තරයට හිරිහැරයක් වෙලා තියෙනවා. මේ වනාන්තරය ආශ්‍රිතව අවතාරයන් සහ භූත කතා බොහෝමයක් තියෙනවා කියලා මිත්‍යාවක් පවතිනයවා.

අකිගහරා වනාන්තරය හෙක්ටයාර් 3,500 ක පමණ විහිදිලා යන ඉතාමත් සාරවත් වනාන්තරයක්. මේ වනාන්තරයේ කිසිඳු ජීවියෙක් වාසය කරන්නේ නැහැ කියලත් සමහර අය කියනවා. ඒත් සොයාගෙන තිබෙන විදිහට කළු වලස්සු, වවුලන්, මීයන්, මුවන්, නරියන්, ඌරන්, වල් හාවන්, වගේම පක්ෂීන් වර්ගත් මේ වනාන්තරයේ වාසය කරනවා. මේ වනාන්තරයේ ඉතාමත් නිහඬ පරිසරයක් තමයි පවතින්නේ. මේ නිශ්ශබ්දතාවය තමයි ජනයාව වනාතරයට ආකර්ෂණය කර ගන්නේ කියලත් මිත්‍යාවක් පවතිනවා. 

unnamed-4

බහුල වශයෙන් ගුහානික් පාශානය සමන්විත වෙන මේ වනාන්තරයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව සෑම වසරකම පුද්ගලයින් 100ක් පමණ සියදිවි නසාගන්නවා. 19 වන ශතවර්ෂයේ ඉඳලා මේ ස්ථානය මරණයට සම්බන්දයි කියලා තමයි ඒ අවට ගම්වැසියන් පවසන්නේ. සොයාගෙන තිබෙන විදිහට මේ වනාන්තරයේ සියදිවි නසා ගන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40 ත් 50 ත් අතර පිරිමින්. වැඩි වශයෙන් සියදිවි නසාගන්නේ මාර්තු මාසයේ. 

unnamed-8

unnamed-11

මේ වනාන්තරයට පිවිසෙන අයට ඇතිවිය හැකි සියදිවි නසාගැනීමේ සිතුවිල්ල යටපත් කරන්න අකිගහරාහී නොයෙකුත් පුවරු සවි කරලා තියෙනවා. ''ඔබේ ජීවිතය දෙමව්පියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක්, ඔබේ දරුවන් ගැන ඔබේ පවුලේ අය ගැන සිතන්න, මැරෙන්න තීරණය කරන්න කලින් පොලිසියට ගිහින් බලන්න" වැනි වදන් තමයි ඒ පුවරු වල සඳහන් වෙන්නේ.

කොහොම වුණත් සියදිවි නසාගැනීම කියලා කියන්නේ ජිවිතයේ එන ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි. ධෛර්යමත්ව ඒවා වලට මුහුණ දීම තමයි කළ යුතු දේ වෙන්නේ. එහෙම මුහුණ දුන්නොත් ජිවිතේ එන අභියෝග ජයගන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews