X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

නිව්ටන්ගේ බිරිඳ ලංකාවේ ඉපදුනානම් ගුරුත්වාකර්ෂණයට වෙන්න තිබ්බ දේ


Views - 3352 |Wednesday 5th July 2017 09:08:17


අයිසැක් නිව්ටන් ලංකාවේ ඉපදිලා, ලංකාවේ ගෑනු කෙනෙක් බැන්ද නම්....

කවදාවත් ගුරුත්වාකර්ෂණය හොයා ගන්නේ නෑලු..

මෙහෙම වෙන්න තිබුණා.

නිවුටන්ගේ බිරිඳ : මොකද ඔයා ආපු වෙලාවේ ඉඳල කල්පනා කර කර ඉන්නේ.

නිව්ටන් : අද මගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනනේ.

බිරිඳ : ඇපල්...? කොහෙදිද?

නිව්ටන් : අර ටව්මේ කෙලවරට වෙන්න වගේ තියෙන්නේ ඇපල් වත්තක්, එකේදී.

බිරිඳ : ඔයා එහෙ ගියාද, මට කිව්වේ නෑ නේ, මන් දවස් ගානක් කිව්වා මාත් එක්ක යන්න බලන්න ආසයි කියල, මන් අවරුදු ගාණකින් ගෙදරින් පිටට ගිහින් නෑ,

නිව්ටන් : නෑ නෑ.. මන් එහෙම විනෝද වෙන්න ගිය ගමනක් නෙවෙයි හාමිනේ.

බිරිඳ : එහෙනම් මොන මගුලකටද ගියේ. මට හිතුණා පහු වෙනකොට ඔහොම ගමන් යෙදෙයි කියල ඔයාට. මුලදී නම් කිව්වේ කොහොමද.

නිව්ටන් : නැහැ නැහැ.. තේරුම් ගන්නකො පොඩ්ඩක්, මන් පැහැදිලි කරන්නම්කො ඔක්කොම ඔයාට.

බිරිඳ : හරි කියනවා කව්රු එක්කද ගියේ කියල. බොරු කියල නම් අහුවෙන්නෙපා හොදේ..

නිව්ටන් : මම තනියම හිටියේ ඇපල් ගහක් යට.

බිරිඳ : තනියම...? බොරු කියන්නෙපා ඉතින්..  මට ඇත්ත කියනවා ගැණියෙකුත් හිටිය නේද..

නිව්ටන් : නෑ .. නෑ.. මං තනියම හිටියේ, කියනකන් ඉන්නකෝ, එතකොටම උඩ ඉඳලා ඇපල් ගෙඩියක් වැටුන මගේ ඔලුවට.

බිරිඳ : මන් නම් හිතන්නේ තමුසේ ගෑනියෙක් එක්ක ඇපල් ගහ යට මොකක් හරි අසික්කිත වැඩක් කර කර කර ඉද්දි කව්රු හරි තමුසෙට ගහන්න ඇති ඇපල් ගෙඩියකින්..

නිව්ටන් : නෑ .. නෑ.. කියනකන් ඉන්නකෝ, එතකොටම මට හිතුන ගුරුත්වාකර්ෂණය කි..

බිරිඳ : ඔය කිව්වේ..ගුරුත්වා ද නම ඒ ගැණිගේ.. ගුරුත්වා ආකර්ෂණය වෙද්දී මං විකර්ෂණය වෙනවා ඇති නේද..

නිව්ටන් : නෑ .. නෑ.. හාමිනේ. මන් මේ කියන්නේ ගුරුත්වාකර්ෂණය.

බිරිඳ : මේ.. දැන් මෙතන බොරු හදන්න ලෑස්ති වෙන්න එපා හොදේ. මන් මේ ඉවසනවා වැඩියි.. දැන් වත් මට ඇත්ත කියන්න.. කව්ද ඒ ගෑනි..

නිව්ටන් : නෑ හාමිනේ. ඇපල් ගෙඩිය එහෙම වැටෙන්නේ..

බිරිඳ : ඇපල් ගෙඩිය නෙවෙයි, , මං අහන්නේ කව්ද ඒ ගෑනි කියල..

නිව්ටන් : මට මේක තේරුම් කරන්න දෙන්නකෝ..

බිරිඳ : මට තවත් මොකුත් තේරුම් කරන්න ඕන නෑ.. මට දැන් තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියල.. ඇති හොදටම මේ...

නිව්ටන් : නෑ හාමිනේ. මං මේ ගෙදර ඇවිත් කල්පනා කරේ..

බිරිඳ : ඔව් මන් දන්නවා කල්පනා කරේ මොනවද කියල, ඇපල් ගහ යට කරපුව වෙනනැති..

නිව්ටන් : දෙයියනේ කියන දේ තේරුම් ගන්නකො..

බිරිඳ : මන් තේරුම් අරන් ඉන්නේ හොදට, ඉන්නවාකෝ මන් හොද වැඩක් කරන්න, තමුසෙම නේ මට කිව්වේ සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රති විරුද්ධ වුත් ක්‍රියාවක් තියනවා කියල, මාත් මේකට හොද පාඩමක් උගන්නන්නම් තමුසෙට. මන් යනවා අපේ මහා ගෙදර. තමුසේ එන්න නම් එපා මන් එක්ක යන්නේ ආයේ. මන් එන්නේ නෑ.. නෑ.. නෑ.. මයි...

ඉන් පසු නිවුටන්ට ඇපල් ගෙඩිය වැටුන සිදුවීම අමතක විය. බිරිද නැවත ගෙන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්න සිදුවිය..

- ෆේස්බුක් සටහන දසිත් වීරවර්ණ-

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews