X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

ඔබතුමාලා ඔහොම ඉන්න අපි මෙහෙම ඉන්නම්


Views - 2659 |Thursday 6th July 2017 12:56:29


ලංකාවේ රෝහල් ගණනින් ගණන් කරලා බැලුවොත් නං මහා විසාල ගානක් ලියාගන්න අපිට පුළුවනි. එත් පහසුකම් ඇති හොදම රෝහල් කියල කිව්වොත් අපි ටිකක් අන්ද මන්ද වෙලා ගණනක් හොයාගෙන්න බැරි අපහසුතාවයකට පත් වෙනවා. එතනින් තවත් චුට්ටක් ඉදිරියට පියවරක් තබල ඇහුවොත් අඩුම තරමේ  ස්කෑනර් යන්ත්‍රයක් එහෙමත්  නැත්තන් එක්ස්රේ යන්ත්‍රයක් තියන රෝහලක් ගැන... ඔබට එයටත්  උත්තර හොයා ගන්න ටිකක් අපහසු වෙනවා. හැබැයි මෙහෙම ඇහුවොත්..... රෝගීන් ගණනට  ඇඳන්  තියන රෝහලක් ඔබ දන්නවද?..... ඔබ කිසිම පැකිලීමක් නැතුව එක හුස්මට උත්තර දෙනවා. ලංකාව ඇතුලේ මේ වන විට රෝගීන් ගණනට  ඇඳන් තියන එකම රෝහලක්වත් නැති තරම්. මේක තමයි ඇත්ත උත්තරය. මේ උත්තරය තිත්ත වෙන්න පුළුවනි.... හැබැයි ඇත්ත. ඒකයි තිත්ත.

අද වනවිට ලංකාව කියන මේ පුංචි දුපත මහා ව්‍යසනයකට, වසංගතයකට ගොදුරු වෙමින් ඉන්න මොහොතක්. මේ හිමින් හිමින් පැතිර යන්නේ මහා ඛේධවාචකයක්. ලංකාවේ ගිනි කඳු පුපුරන්නේ නෑ කියල අපි හිත හදා ගත්තට මේ.... ක්ෂණයකින් ගිනිකන්දක් පුපුරනවා වගේ දෙයකට වඩා එහා ගිය නපුරු අත්දැකීමක්. නගර වසාගෙන සීග්‍රයෙන් පැතිර ගීය ඩෙංගු මාරයා දැන් ගම්  දනව් සිසාරා ද ඉගිල්ලිලා අහවරයි. ඩෙංගු නිසා දිනකට ලංකාව ඇතුලේ තියන රෝහල්  වලට ඇතුලත් වන රෝගීන් සංඛ්‍යාව ඇති විශාලයි. ඒ හැම රෝගියෙකුම නේවාසික ප්‍රතිකාර ලබා ගත යුතු තත්ත්වක් තියෙන්නේ. "අලි මදිවට කොටි" කියනවා වගේ ඩෙංගු රෝගියෝ විතරක් නෙමෙයි රෝහලේ ඉන්නේ. මේ දිනවල පැතිර යන වෛරස් රෝග කාරකයොත් ඉන්නවා. වැටිලා අතපය කඩාගත්ත අයත් ඉන්නවා. රෝහලක රෝගීන් නම් කොපමණද? මේ අයට  ඉන්න එපා  යන්න කියල අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නේවාසික ප්‍රතිකාර අවශ්‍ය බව වෛද්‍ය වරයෙකුට වැටහුනොත් අනිවාර්යයෙන්ම රෝහලේ නේවාසික විය යුතුයි. රෝහලේ නේවාසික වෙන්න නම් රෝගියෙකුට තිබිය යුතු අවම පහසුකම් වත් ලබා දිය යුතු බවට තර්කයක් නැත.

පහසුකම් ලබා දෙන්නේ කව්ද? මේ... වර්තමානයේ කනින් ඇද අතින් ඇද ඇසුවත්  කෙනකු මේ සඳහා "අපි" යයි නොකියන කාල පරාසයකි.  එහෙත් මේ සදහා වගකිව යුත්තෝ ඇත. ස්වභාවික විපත් හෝ වේවා ආපදා අවස්තාවක් හෝ වේවා වසංගතයක් හෝ වේවා මේ සදහා තමන් වෙනුවෙන් ඉදිරිපත් වීමට හැකි, ඉදිරිපත් වනවා යයි සිතු, පිරිසක්ව මහ  ජනතාව විසින් තොර පත් කර  ඉහලට යවා ඇත. ඔවුන් මොනවද කරන්නෙ?

රෝහල් වල රෝගීන් එක ඇඳක දෙන්නා තුන්දෙනා ගණනේ ඇත. ඉහල පුටුවල ට යැවූ කිසිවෙක් කිසිවක් සිදුනොව්නා සේ නෑසුණු කන්ව  හිදිම කාගේ වරදක්දැයි කව්රුත්ම දන්නේ නැති ගානය. වගකිව යුතු පිරිස ලංකාවේ රෝහල් ගැන තත්ත්වය දන්නේ නැත. ඔවුන් ලංකාවේ රෝහල් වලට වැස්සකට හෝ යන්නේ නැත. ඒ  නිසාම ලංකාවේ රෝහල් වල තත්ත්වය දැන නොසිටින්නට  වැඩි ඉඩ කඩක් ඇත. නමුත් නමුත් පිටරට රෝහල් වල තත්ත්වය  ඔවුන්ගෙන් විමසුවහොත් මුල මැද අග මනාවට  පහදා කියනු ඇත. නගරයේ රෝහලට තියා මේ දුප්පත් මිනිසුන්ට ගමේ රෝහලේදිවත් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිද්දී ලොකු ලොක්කන් පිටරම මවුන්ට් එලිසබත් වැනි රෝහල් වල සැප ගන්නේ කෙසේදැයි අපට පැන නගින ගැටලුවයි. 

පාර්ලිමේන්තු වරම් ලබන සියලුම ඇත්තන්ට සුපිරි වාහනයක සින්නක්කර  අයිතිය හිමිවනු ඇත. එය එක්තරා අන්දමක ලොතරැයි වාසනාවක් වැනිය. ඒ සදහා ඔවුන්ට ලැබෙන සුපිරි දීමනාවේ ඉලක්කම් ගනනින්  ලංකාවේ රෝහල් පහ හයකට සම්පුර්ණ ඇඳන් පිරවිය හැක. උණ  සන්නිපාතයෙන් වෙව්ල වෙව්ලා රෝහලේ සිමෙන්ති පොලොව මත ගුලි වී වකුටු වී සිටින රෝගීන් ගැන මොහොතක් නැවතී බිදුවක් හෝ සිතනවානම් අපි කොයි තරඟ නම් වාසනාවන්ත පිරිසක් වනවා නොවේද?  

සාමාන්‍ය ජනතාවගේ දාඩිය මහන්සිය මතින් යෙහෙන් වැජබෙන ජනතා නියෝජිතයන් බොරු කයිවාරු ගසන්නේ තමන්ගේ බුධලය  රටට බෙදා හරින්නන්  විදිහටය. ජනතාවගේම මුදලින් ඔවුන් සුපිරි ජිවිත ගත කරන්නත්, ඔවුන්ව එම ස්ථානවල ට රැගෙන ගිය මිනිසුන් නිරා දුක්  විදින්නත් කොහේ කොතැනක හෝ වැරදීමක් සිදුව ඇත.

ගිලිහෙන්නට නොදී ජීවිතය ආයාසයෙන් අල්ලා ගන්නට අසීරු උත්සහයක යෙදෙන අසරණ රෝගීන් වෙනුවෙන් වගකිව අයගේ අස් කන් ඇරෙන්නේ නැත. එසේ කරන්නට උවමනාවක් තිබුනානම් මේ හොදම කාලයයි,, මේ හොදම අවස්ථාවයි... ඔවුන්ට එය ඉටු කරන්නට. එහෙත් සියල්ල නිහඩය. අප ලජ්ජා විය යුතුය. මේ නිහඩව සිටින්නේ.. අපේ මනාපයි. අපි විසින් ඔසවා තැබූ අපේ කැමැත්තයි. අපේ සිතුවිල්ල, අපේ තීරණය  වැරදිය.  වෙනුවෙන් අප  පෙනී හිදින්නට හැකි යැයි අප විසින් තෝරා ගත පිරිස වැරදිය. අපි එය තේරුම් ගනිමු. තව දුරටත් ඔවුන් ඔවුන්ගේ පාඩුව බලා ගන්නට ඉඩ හරිමු. ඉදිරියටත් අපි අපේ පාඩුව බලාගමු.

19702440_10156282051163219_9187544815111888540_n

ජායාරුපය අනුෂ්ක පෙරේරාගේ ෆේස් බුක් පිටුවෙනි 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews