X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

"ඉවාන් පවුළුෂා" කතාව දැනගෙන ආයෙත් අතීතයට යන්න.


Views - 17544 |Friday 7th July 2017 07:57:16


නළ මුදු සුවඳ සෙමින් හමා එයි.  අපි ඒ සුළගට ඒකාත්මික වන්නට නිසොල්මන් වීමු. මේ හබා එන්නේ සිතත් ගතත් එකසේ සුවස්ඨාන පිරිමදින අපේ  සුළගයි.  වසරින් වසර අලුත් වෙමින් හැමූ ඒ සුළග අභියස අපි  දැහැන් ගත වූ තරම්.... අද ඒ නළ මුදු සුවඳ දැනුනත් පෙර තරම් සුන්දරව හමන්නේ නැත. අද අපට විඳින්නට පුළුවන් නළ මුඳු සුවදක්  හමන්නේම  නැත. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව  විද්‍යාලයේ කළා මංගල්‍යය "නළ මුදු සුවඳ" ලෙස නම් කරද්දී... ඒ තුල වුන් නාහෙට නාහන පිරිසක් එක්  රොක් වී අලුත් වැඩක් අලුත් ලෙස කරන්නට අර අදී. 

සමාජවාදී දේශපාලන රතු සලකුණ ගීතයෙන් සනිටුහන් කරන්නට ඔවුන්ට ඕනෑ  වේ. එතෙක් මෙතෙක් රුසියන් පොත් පත්, රුසියන් විලාසිතා කෙතෙක් සමාජය වැළඳ සිටියත් ලාංකික ගීතයට රුසියන් ලකුණක් තබන්නට කෙනෙක් ඉදිරිපත් වී සිටියේ නැත. 

මේ නවමු අත්දැකීම ප්‍රියන්ත ඩිරෙක්ස්ගේය. අත් වැල් අල්ලන්නට සම සගයන්ද ඕනෑ තරම් විය. 

ප්‍රියන්තගේ අදහස චාරුක සුරවීරගේ කන් දෙක මැදින් ගලා ගියේ හදවතටය. තාරුණ්‍ය අළුත්ය. දැනෙන්න්වූ හැගීම්වල නිමක්ද නැත. රුසියන් පත පොතෙහිද අඩුවක් නොවිය. කල යුතුව තිබුණේ . දැහන්ගත් වන්නට පමණි. 

"හිත ඇත්නම් පත කුඩාද" අසන්නාක් මෙන් රැයක් පටන් ගෙන ඒ රැය  ගෙවී යන්නට මත්තෙන් අපුරු ගීයක් නිර්මාණය වී තිබුණි. ඒ ඉවාන් පවුළුෂා...යි. 

පද ගැලපුමට සංගීත ය  සැපයුවෙත්  ප්‍රියන්ත ඩිරෙක්ස් මයි. මේ අපුරු ගීතයට පද මුසුකරන්න තොර ගත්තෙ  අප්සරා ද සිල්වා යි.

සියල්ල එසේ අවසන් වෙද්දී.. මේ රුසියන් ලකුණ භාර අරගෙන  මුදා හරින්න  මාධ්‍යක් හොයාගෙන යද්දී තවත් අපුරු අලුත් තාරුණ්‍යයක් මුණ ගැහෙනවා. ඔයු තමයි  සෙනේෂ් බණ්ඩාර දිසානායක. ඔහු ඒ වනවිට රුප මධ්‍යයේ  අලුත් වෙනසක් ඇති කරමින් "යාත්‍රා" වැඩසටහන  විකාශනය කරන කාල වකවානුවයි. මේ ගීතය සෙනෙෂ්ට  අලුත් උත්තේජනයක් සපයනවා. තවත් මුළු රයක් පුරා නුවර වැව් ඉස්මත්තේ  රැය පහන් කරලා ඔහු මේ ගීතයට එතෙක් මෙතෙක් නොවෙන තරමේ රුප රචනාවක් කරනවා. "යාත්‍රා" ඉවාන් පවුළුෂා ව හරි ඉක්මනින් එගොඩ කරනවා. තාරුණ්‍යය ඉවාන් පවුළුෂා ආදරෙන් වැලද ගන්නවා. අදටත් ඒ සංගීතයට, ඒ වචන වලට, ඒ රුප රචනාවට හිත ඇදෙන කෙනෙක් නැති තරම්. එත්....

අද... කෝ ඔබට ඇහෙනවද?    ඉවාන් පවුළුෂා...

කෝ... ඔබට දැනෙනවද? තාරුණය අලුත් යමක් හොයන බවක්...

නෑ .... එදා තිබුණු හුගාක් දේ අද නෑ. එත් අපි ඒ එදා රසයට අදත් හරිම ආදරෙයි. ඒ අදරෙම්ම අපි අහමු  ඉවාන් පවුළුෂා... ඔබේ හිතෙත් ගිම් නිවේවි.

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

ඇයි හොරැහින් ම දෙස බලන්නේ

නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..

ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..

බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..

මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//

ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..

කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..

එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..

සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ..

නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews