X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

"ෆීමේල් වර්ෂන් කළේ ජනප්‍රිය වෙන්න හිතාගෙන." Facebook එකෙන් තැන හදාගත්ත දිල්කි.


Views - 8392 |Tuesday 11th July 2017 15:51:42


දිල්කි උරේෂා කියන්නේ මේ දවස්වල ඔබ නරඹන ටෙලි නාට්‍ය කිහිපයකම තේමා ගීත ගායනා කරන නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිණියක්. ඒ නිසයි අපි හිතුවේ ඇයව සම්බන්ද කරගන්න.

 

දිල්කි උරේෂා ඉතිං කොහොමද මේ දවස්වල විස්තර? 

මේ දවස්වල සංගීත වැඩ කටයුතුත් එක්ක ඉන්නවා. වැඩිය කාර්යබහුලනම් නැහැ. හිමීට පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඊට අමතරව සංගීතය වැඩිදුරටත් ඉගෙනගන්නවා. සංගීතය ඉතින් කොච්චර ඉගෙනගත්තත් කෙළවරක් වෙන්නේ නැහැනේ.

අද වෙනකොට ඔබ ටෙලිනාට්‍ය තේමා ගීත ගායනයටත් යොමු වෙලා තියෙනවා නේද? ඒ ගැනත් ටිකක් කථා කරමුද ?

ඔව් ටෙලිනාට්‍ය ගීත 2ක් කරලා තියෙනවා දැනට තේමාගීත 3ක් කරලා තියෙනවා. ආදර මායාව නාට්‍යයේ සහ හීනයක්ද මේ කියන නාට්‍ය වල තමයි මම තේමා ගීත ගායනා කළේ. ඒ දෙකම යුග ගීත. අශාන් ප්‍රනාන්දු අයියත් එක්ක තමයි ඒ සින්දු දෙකම මම කියන්නේ. ඒ වගේම තවත් ටි.වී. නාලිකාවක පළවෙනි සංවත්සරය වෙනුවෙනුත් ගීතයක් කළා.

123

ඔබ මේ ගීත ගායනයට එළඹෙන්නේ හරි අපූරු විදිහකට නේද? 

ඔව් ඇත්තටම ඒක ටිකක් අමුතු දෙයක් ,  ශිහාන් මිහිරංග අයියා ගායනා කරන ඇති මාව රැවටුවා කියන සින්දුව කවර් වර්ෂන් එකක් විදිහට කියලා  ආසාවට ෆේස් බුක් එකට දැම්මේ. ඒක දැකලා තමයි ඩිලාන් ගමගේ අයියා මට කතා කලේ. එයා තමයි කිව්වේ නංගි අපි අළුත් සිංදුවක් කරමු කියලා. ඊට පස්සේ එයා මාර්ගයෙන් මට අශාන් ප්‍රනාන්දු අයියාව මුණගැහෙනවා. එයාලා එක්ක කතා කරලා තමයි `මගේම විතරයි` කියන සින්දුව හැදෙන්නේ. ඒක තමයි මගේ පළවෙනි ගීතය. ඊට පස්සේ අශාන් ප්‍රනාන්දු අයියාගේම මන් පතනවා සින්දුවේ ෆීමෙල් වර්ෂන් එක කරනවා. 

තමන්ගේම නිර්මාණ තියෙද්දී ෆීමේල් වර්ෂන්  කරන්න පෙළඹුනේ ජනප්‍රිය වීමේ අදහසින්ද ?

අහ්................  ඔව් ජනප්‍රිය වීමේ අදහසින් තමයි එහෙම කලේ. ගීතයේ අයිතිකාරයාම ඒ කියන්නේ අශාන් අයියාම තමයි මට කිව්වේ එහෙම වැඩක් කරමු කියලා. ඔව් ඉතින් ජනප්‍රිය වෙන්න හිතාගෙන තමයි. එහෙම වැඩක් කලේ.

විලාසිතා ගැන මොකද හිතෙන්නේ?

ගායිකාවක් වුණාම අනිවාර්යයෙන් ලස්සනට ඉන්න ඕනේ. ටිකක් වෙනස් විදිහේ විලාසිතා කරන්න වෙනවා. රසිකයෝ අපෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා.  අපේ ඉදිරි ගමනට ලස්සනට ඉන්න එකත් බලපානවා. හැබැයි ඉතින් ගෑණු ළමයෙක්ට ගැලපෙන විදිහට ඒ හැමදේම කරන්න වෙනවා.

නවක ගායිකාවන්ට අද සමාජයේ තැනක් තියෙනවද ?

නවකයින්ට ඉස්සරහට එන්නනම් එච්චරම ලේසිත් නැහැ. දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඉතින් එන්නනම් අමාරුයි. තැන කියන්නේ ඉතින් අවුරුද්දක් ඇතුළත ලොකු දුරක් අවේ නැතත් මන් ආපු දුර ගැන අවංකව සතුටු වෙනවා. සමාජයේ ඉතින් හොද කියන අය ඉන්නවා දොස් කියන අය ඉන්නවා. මේ ෆීල්ඩ් එකේම ඉන්නවා ගොඩක් උදව් කරන අය.  ඒ වගේම ඉතින් සමහර අය ඉන්නවා හිමීට අපිව කපලා දානවා. තැන ඉතින් ඉබේ හැදෙන්නේ නැහැ. එක හදාගන්න ඕනේ තමන් විසින්ම තමයි. 

1234

 සංගීතය ගැන ඉගෙනගෙනත් තියෙන එකේ රැල්ලෙන් පිට නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද ?

අදහසක් තියෙනවා. රැල්ලට යනවා කියන්නේ අපි කරනවානම් දෙයක් කරන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේනේ. මිනිස්සු වැළඳගන්න දේ තමයි අපි කරන්න ඕනේ. වෙනස් දෙයක් කරලා ඉක මිනිස්සු අතරට යන්නේ නැත්නම් එකේ තේරුමක් නැතිව යනවා. තව ඉස්සරහට අළුත් වෙනස් දෙයක් කරන්නත් අදහස්කරගෙන ඉන්නවා.

අවසානයට දිල්කිට මොනවා හරි දෙයක් කියන්න තියෙනවද?

ගොඩක් ස්තුතියි `රෝ` ආයතනයට මාව සම්බන්ද කරගත්තට,  මගේ අම්මයි තාත්තයි නැත්නම් මන් අද මේ තැන නැහැ. ඒ නිසා එයාලව මතක් කරන්න ඕනේ. මට කලා ලෝකයේ මේ තරම් දුරක් එන්න උදව් කලේ ඩිලාන් ගමගේ අයියයි අශාන් ප්‍රනාන්දු අයියයි. එයාලා නැත්නම් අද දිල්කි කියලා කෙනෙක් ගැන අහන්න නොලැබෙන්න ඉඩ තිබ්බා. ඒක ලොකු සහෝදර බැඳීමක් වගේ.  මගේ පුන්චිත් ගොඩක් උදව් කළා. මගේ පාසල යක්කල අනුර විද්‍යාලය ඒ සියලු දෙනාටමත් මට ආදරය කරන සියළු දෙනාටමත් ගොඩක් ස්තුතියි.

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews