X

Print

LATEST NEWS

ඥානසාර හිමිගේ අභියාචනය සලකා බලන්න දින දෙයි..... හමුදාව දෙකට බෙදිලා සරත් ෆොන්සේකාගේ ගොන්පාර්ට් නිසා..... පොලිස්පතිට ඉල්ලා අස්‌ වෙන්න කියල නැහැ.... කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට  සිට......  15 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක් කළ යුධ හමුදාවෙන් පලා ගිය අයෙක් සැකපිට අත්අඩංගුවට..... මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට ගොමරන්කඩවලදී  ජනතා අයිතියට..... කල් දැමූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම ජනපති අද කැඳවයි..... හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක් එකඟ වේ. මැනීම් කටයුතු ඉදිරි සතිය ඇතුළත... පොලිස්පතිට ඉල්ලා අස් වීමට නියෝග නිකුත් කෙරේ.... හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන ආකාරය කථානායක කියයි..... හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට..... දින විසි එකෙන් විසි එකට මිනිසුන් මිය යන අමුතු ගමක්..... පරීක්ෂණත් ඇණහිටින පරිදි  නාලක වෙනුවෙන් පූජිත CID ය හා ගැටෙයි.... සජිත් - මංගල ගැටුමට ජනපති මැදිහත් වෙයි..... ට්‍රම්ප් - මහින්ද හමුවක් ගැන ඒකාබද්ධය දන්නේ නැහැ....

 

add

 

6වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල අද සිට...


Views - 4051 |Tuesday 18th July 2017 10:14:29


ජගත් කෙළිබිමේ අනාගත තරු ක්‍රීඩා පිටිය බබලවන 6වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල බහමාස් නිව් ප්‍රොවිඩන්ස්හී තෝමස් ඒ රොබින්සන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද(18) ආරම්භ කෙරෙනවා. මේ ක්‍රීඩා උළෙල 23වැනිදා දක්වා පැවත්වීමට සියල්ල සූදානම් කොට තිබෙනවා. 2014දී ලෝක මලල ක්‍රීඩා සංගමය සංවිධාන කළ ලෝක සහාය දිවීමේ සැණකෙළිය පැවැත්වූ ඉහළ ප්‍රමිතියකින් යුත් දැකුම්කළු තෝමස් ඒ රොබින්සන් ක්‍රීඩාංගණය මේ ක්‍රීඩා උළෙලේ ප්‍රධානතම මධ්‍යස්ථානය ලෙස වාර්තා වනවා.

 

එංගලන්තයේ බකින්හෑම් මාලිගාව අසලින් මෙයට දින 388කට පෙර ගමන් ආරම්භවූ කිලෝග්‍රෑම් 1.4ක් බරැති පොදු රද මඬුලු යෂ්ඨිය තෝමස් ඒ රොබින්සන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත අද පස්වරුවේ රැගෙන ඒමත් සමග ක්‍රීඩා උළෙලේ නිල ආරම්භය සටහන් වීමට නියමිතයි. පොදු රද මඬුලු යෂ්ඨිය පසුගිය දිනවදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමයට අයත් රටවල සැරි සැරූ අතර එය අනාගතයේ තිරසාර බව සංකේතවත් කරන්නක් ලෙස හඳුන්වාදී තිබෙනවා.

 

රටවල් 64ක වයස අවුරුදු 14-18 අතර වයස්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1050ක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්ව සිටින බව ඊයේ වනවිට තහවුරු කොට ඇතැයි තරග සංවිධායකයෝ ප්‍රකාශ කළා. නව යෞවනයට කරන ගෞරවයක් සේ සලකා මේ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල හා ක්‍රීඩා තරග සියල්ල වයස අවුරුදු 18න් පහළ දරුවන්ට නොමිලේ නැරැඹීමේ අවස්ථාව උදාකර දී ඇති බවද ඔවුහූ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

රන් පදක්කම් 94ක් වෙනුවෙන් මලල ක්‍රීඩා, බීච් වොලිබෝල්, බොක්සිං, බීච් පාපන්දු, ජල ක්‍රීඩා, පාපැදි, ජූඩෝ, සත් සාමාජික රගර් හා ටෙනිස් යන ක්‍රීඩා මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට ඇතුළත් කොට ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 28ක් මෙයින් ක්‍රීඩා ඉසව් 5ක් නියෝජනය කිරීමට පැමිණ සිටිති. මලල ක්‍රීඩා, බොක්සිං, ජල ක්‍රීඩා, ජූඩෝ, සත් සාමාජික රගර් හා ටෙනිස් යන ක්‍රීඩා ඉසව්වලට එක්වීම උදෙසා ශ්‍රී ලංකා යෞවන යෞවනියෝ සූදානමින් සිටිනවා.

 

අද පස්වරුවේ පැවැත්වෙන සමාරම්භක උළෙලට කලින් බොක්සිං තරග ඉසව් කිහිපයකට කවින්ද සංජය බණ්ඩාර හා මධුමාලී එරංගා ප්‍රියදර්ශනී සහභාගී වීමට නියමිතයි.

 

නාවලපිටිය මධ්‍ය මහා විදුහලේ හා පිළිමතලාව ධීරානන්ද මහා විදුහලේ ක්‍රීඩකයකු ලෙස දස්කම් දැක්වූ කවින්ද සංජය බණ්ඩාර වසර 2014 එල්. වී. ජයවීර කුසලාන වයස අවුරුදු 13-14 යටතේ පැවැති කිලෝග්‍රෑම් 41-43 බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අතර, ටී. බී. ඡයා බොක්සිං තරගාවලියේ කිලෝග්‍රෑම් 41- 43 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. සමස්ත ලංකා පාසල් තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ඔහු, නැගී එන දක්ෂතම පාසල් ක්‍රීඩකයා සම්මානය හා පසුගිය වසර දෙකේදීම සමස්ත ලංකා පාසල් බොක්සිං රන් පදක්කම දිනාගත් දක්ෂ ක්‍රීඩකයෙක්.

                         

පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා බොක්සිං නියෝජනය සටහන් කළ මධුමාලී එරංගා ප්‍රියදර්ශනී ද අද තරග බිමට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවනවා. හගුරන්කෙත පල්ලේබෝවෙල මහා විද්‍යාලය නියෝජනය කරමින් පාසල් ක්‍රීඩාවේ පළමු පෙළ ‘වෙස්ට් ගේට් කුසලාන’ තරගාවලියේ කිලෝග්‍රෑම් 46-48 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවා. ශ්‍රී ලංකා කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ රන් පදක්කම දින ඇත්තේ ද මෙම ක්‍රීඩිකාවයි.

 

බහමාස් පැමිණි බොක්සිං පුහුණුකරු කේ. කේ. සුනිල් මහතා පැවැසූවේ ශ්‍රී ලංකාවට කුමන ප්‍රතිවාදියකු හමුවුවද ප්‍රහාර එල්ල කිරීමේ මූලික සැලසුමක් සකස් කොට ඇති බවයි. “අපේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව හොඳ මට්ටමක සිටිනවා. බහමාස් බොක්සිං වලල්ලේ යම් පෙරැළියක් සිදු කළ හැකි බවට විශ්වාසයි” පුහුණුකරු සුනිල් මහතා පැවසුවා. පිළිමතලාව ධීරානන්ද මහා විදුහලේ ක්‍රීඩා භාර ගුරුතුමා ලෙස කටයුතු කරන සුනිල් මහතා, තරු එකේ පුහුණුකරු ලෙස පාඨමාලා සමත් වූවෙක්.


COMMENTS

ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More
බිහිසුණු සතෙක් ඇති බව කියන ආගන්තුක වනාන්තර කලාපයක් සොයා ගනී (PHOTOS)
 Wednesday 29th August 2018 06:42:51
ජුලියන් බේලිස් ඇමෙරිකන් ජීව විද්‍යාඥයෙකි. ගවේෂකයෙකි. ඔහුට පැවැරී ඇති රාජකාරිය අපූරු එකකි. සිතියම් ගත නොකළ භූමි ප‍්‍රදේශ හඳුනා ගැනීම සහඑ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews