X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

ලංකාවෙන් ලෝකෙට ගිය රූ රැජිනියෝ


Views - 5624 |Tuesday 18th July 2017 15:11:19


රූප රාජිණියක් වෙන්න රූපය විතරක් නෙවෙයි දැනුම සහ කුසලතාවනුත් වැදගත්. ලෝකේ පුරා ඉන්න රූපයෙන් පිරිපුන් කාන්තාවන් රූප රාජිණි තරග වලට සහභාගී වෙනවා. මේ අතරින් අපේ රටේ සොඳුරු රුවැත්තියන් ජාත්‍යන්තර රූප රාජිණී තරඟ වලට සහභාගි වෙලා ජයග්‍රහණයන් ලබාගෙන තියෙනවා.  මේ කියන්න හදන්නෙ එහෙම ජයගත්තු සහ ජාත්‍යන්තරේට අපේ රටේ නම අරන් යන්න පුළුවන්කම ලැබුණු කිහිප දෙනෙක් ගැන.


මානෙල් ඉලංගකෝන්

q1

රූ රැජිණ තරඟයක ප්‍රථම ශ්‍රී ලංකා නියෝජනය මානෙල් ඉලංගකෝන් මෙනවිය. 1951 ආරම්භ වුණ ලෝක රූ රැජිණ එහෙමත් නැත්නම් මිස් වර්ල්ඩ් තරඟයට ලංකාව නියෝජනය කරමින් ඇය තරඟ වැදුනේ 1953දි. තරඟයේ 4වන ස්ථානයේ තම නම සනිටුහන් කිරීමට ඇය එහිදී සමත් වෙනවා.

 

ජෙනිෆර් ඈන් ෆොන්සේකා

q2

1955ත් 1962ත් අතර කාලයේ පැවති මිස් වර්ල්ඩ් තරඟ වලට ලංකාව නියෝජනය කරමින් කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඉන්පසු 1963 පැවති මිස් වර්ල්ඩ් තරඟයට සහභාගී වුන ජෙනිෆර් ඈන් ෆොන්සේකා මෙනවිය රටවල් 40ක තරඟකාරියන් අතරින් අවසන් 15 දෙනා අතරට තේරී පත් වෙනවා.

 

මොරීන් හින්ගර්ට්​

q3

1955 මිස් සිලෝන් කිරුළ පැළඳි ඇය විශ්ව රූ රැජින තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. 1955 වසරේ පැවති විශ්ව රූ රැජිණ තරඟයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තෙවෙනි ස්ථානය හිමි කර ගැනීමට ඇය සමත් වෙනවා. විශ්ව රූ රැජිණ තරඟයට සහභාගී වීමෙන් පසු 20th Century Fox සහ Universal International Studio චිත්‍රපට නිෂ්පාදකයන් සමඟ ගිවිසුම් අත්සන් කරන ඇය, ඇමරිකානු චිත්‍රපට කීපයකටම රංගනයෙන් සිය දායකත්වය ලබා දීමටද හැකියාව ලබනවා.

 

යෝලන්ඩා ශෙහ්සාදි ආහ්ලිප්

q4

1963න් පසු 1970 මිස් වර්ල්ඩ් රූ රැජිණ තරඟයක අවසන් 15 දෙනා අතරට තේරී පත් වෙන්නට වරම් ලබන්නේ යෝලන්ඩා ආහ්ලිප් මෙනෙවියයි. එහිදී ඇය තරඟ වදින්නේ රටවල් 58ක සුරූපිනියන් සමඟින්. ඇය පසු කලෙක විවාහ වන්නේ ගායන ශිල්පියෙක්, රචකයෙක් වගේම චිත්‍රපටය නිෂ්පාදකයෙක් වන ඇල්ස්ටන් කොච් සමගයි.

 

ශිරන්ති වික්‍රමසිංහ

q5

1973 වසරේ ලක් රූ රැජිණ ලෙස කිරුළු පළඳින ඇය 1973 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරඟයට සහභාගි වෙනව. ඇයව වත්මනෙහි නම් ඔබ අප කවුරුත් හඳුනන්නෙ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හැටියටයි.

 

මනෝහාරි වනිගසූරිය

q6

1978 වර්ෂයේ පැවති ලෝක රූ රැජිණ තරඟයේ අවසන් 15 දෙනා අතරට ඒමට ඇය සමත් වුනා. රටවල් 68ක සුන්දර තරඟකාරියන් අතරින් තමයි මනෝහාරි වනිගසූරිය මෙනවිය අවසන් පහලොස් දෙනා අතරට තේරෙන්නෙ.

 

රෝසි සේනානායක

q7

ලංකාවට හිමි වුණ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර මට්ටමේ රූ රැජිණි ජයග්‍රහණය තමයි මෙය. 1985 පැවැත්වුන ප්‍රථම ලෝක විවාහක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුන රෝසි සේනානායක මහත්මිය එහි ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැලඳුවා. 1980 මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු දිනූ ඇය 1980දී ලෝක රූ රැජිණ (Miss World) තරඟයේදී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුනු අතර, 1981 මිස් ඒශියා පැසිෆික් තරඟයෙන්ද ජය ලැබුවා. සිනමා රංගන කිහිපයකට සිය දායකත්වය ලබා දුන් රෝසි සේනානායක මහත්මිය වර්තමානයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වෙනවා.

 

අනර්කලී ආකර්ශා

q8

ළමා නිළියක ලෙස ඉටි පහන් ටෙලි නාට්‍යයේ රංගනයේ නිරත වුන ඇය 2004 වර්ශයේ මිස් ශ්‍රී ලංකා තරඟයට ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා 2004 දීම ලෝක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමිස් සහභාගී වුනා. සිනමා රංගනයටද, නිරූපණ ක්ෂේත්‍රයටද පැමිණි ඇය පසු කලෙක දේශපාලන කරලියටද පිවිසුනා.

 

සබ්‍රිනා හර්ෆ්ට්

q9

2012 වර්ශයේ මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳි ඇය රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක් සහ නිරූපිකාවක්. 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරඟයට සහභාගී වුන ඇය එහිදී හොඳම ජාතික ඇඳුම නිරූපණයෙන් අවසන් 5 දෙනා අතරට තේරී පත් වෙනවා.


ජැකලින් ෆර්නැන්ඩස්

q10

2006 වසරේ මිස් ශ්‍රී ලංකා තරඟයෙන් රූ රැජිණක ලෙස කිරුළු පලන් ඇය 2006 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරඟයට සහභාගී වුණා. එහිදී හොඳම ජාතික ඇඳුම නිරූපණයෙන් අවසන් 20 දෙනා අතරට ඇය තේරී පත් උනා. බොලිවුඩ් සිනමාවේ රංගනයට වරම් ලද ඇය මේ වන විට කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පිනියක් වී හමාරයි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews