X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

පකිස්තානු ක්‍රීඩක fakhar zaman ක්‍රිකට් වලට එපිටින් ඉගැන්වූ පාඩම


Views - 3848 |Wednesday 19th July 2017 09:20:33


ලෝක ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක වීරයා වීමේ සිහිනය වසර ගණනක ජාත්‍යන්තර ක්‍රීඩා අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකුගේද සිහිනයක් විය හැක. ඉතින් තම ප්‍රථම ජාත්‍යන්තර තරගාවලියේදීම එවන් දස්කමක් කළහැකි නම් එය ක්‍රීඩකයෙකුගේ දැවැන්ත සිහිනයක් පහසුවෙන් සැබෑවීමක්.

ICC ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේදී තම පරම එදිරිවාදීන් වූ ඉන්දියාව පරදවා ජයගැනීමට පාකිස්තානයට පාර කැපූ ෆඛාර් සමාන් ඒ දැවැන්ත සිහිනය සැබෑකරගත් ක්‍රීඩකයන් අතලොස්සෙන් කෙනෙක් වූවත් එය කරා ඔහු ගිය ගමන එතරම් පහසු එකක් නොවේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේ නව යෞවනයන් අතරද ප්‍රචලිත කරුණක් නම් ගමේ ගොඩේ තැන තැන එක්රොක් වී ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි. එහෙත් ලාංකික ගම් දනව් වල ටෙනිස් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කෙරෙද්දී ඊට වඩා තද ටේප් පන්දුවෙන් ක්‍රීඩා කරන පාකිස්තාන පිරිමි දරුවන් වේග පන්දු යැවීමේ රුසියන් වීම ජාත්‍යන්තරය දෙස බැලීමේදීද හොඳින් දැකිය හැක. පාකිස්තානයේ දුෂ්කර ගමක් වන ඛට්ලන්ග් හි උපත ලද ෆඛාර් සමාන්, මෙම අභියෝගය සාර්ථකව ජයගනිමින් තම අසල්වැසි මිතුරන් සහ තම සොයුරන් එවන පන්දු, පිටිය සිසාරා එලවා දැමූ හේතුව මත බොහෝවිට ඔවුන්ගෙන් පහරකන්නට ඔහුට සිදුවුනා.

වයසින් වැඩෙත්ම සොයුරන්ගේ පහරදීම් උග්‍ර වූ අතර ඔවුන් සමාන්ට කියාසිටියේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන ලෙසයි.

“ඒත් ඔහු කවදාවත් ඒක නැවැත්තුවේ නැහැ. අද ඔහු අපට දෙවියෙක් වගේ.” ඔහුගේ සොයුරු ආසිෆ් ඒ.එෆ්.පී. මාධ්‍යය සමඟින් අද එසේ සතුටු වූවත් කුඩා අවධියේදී ෆඛාර් දෙස එලෙසින් බැලිය හැකි අසල්වාසියෙකුවත් නොවුනා.

“මම පාසල් තරග දෙකක් විතර ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරලා ලකුණු රැස්කළා. මං මුළු පළාතේම ප්‍රසිද්ධ වුනා. මං යන යන තැන මිනිස්සු කියන්න ගත්තා, ‘මෙයා ලෙදර් ගහන ක්‍රීඩකයෙක්. මෙයත් එක්ක සෙල්ලම් කරන්න එපා‘ කියලා.” ෆඛාර් තම අතීතය විනෝදයෙන් සිහිපත් කළේ එලෙස . ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන්ගේ පාසල් අවධියෙන් වැඩි කාලයක් තමන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපකළත් අන්තර් සමාජ මට්ටමෙන් එපිටට යෑමේ අවශ්‍යතාවයක් තමන්ට නොතිබූ බවයි. ඔහුගේ සිත තුළ වූයේ නාවික හමුදා කොමාන්ඩෝ භටයෙකු වීමේ සිහිනයයි.

කෙසේවුවත් ෆඛාර්ගේ ක්‍රිකට් දිවියේ අලුත් පිටුවක් පෙරළන්නට ඔහුට හැකිවන්නේ නාවික හමුදාවට එක්වීමෙන් පසුවයි. නාවික සෙබළෙකු වීමෙන් පසුව ඔහුගේ දක්ෂතාවයන් හඳුනාගත් පාකිස්තාන නාවික හමුදා ක්‍රිකට් පුහුණුකරු නසීම් ඛාන් විසින් ඔහුට කියන ලද්දේ නාවික හමුදාවෙන් ඉවත් වී ක්‍රිකට් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසයි.

එයින් ඇරඹි ඔහුගේ දේශීය ක්‍රිකට් දිවිය වසර 5ක් පුරාවට ඇදීගියත් පාකිස්තාන ජාතික ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය තමන් වෙත නතුකරගන්නට ෆඛාර් සමත්වන්නේ පාකිස්තාන දේශීය විස්සයි-විස්ස තරගාවලියේදී ලාහෝර් ඛලන්දර්ස් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා වලින් අනතුරුවයි. මේ වසර මුලදී පැවති බටහිර ඉන්දියානුවන්ට එරෙහි විස්සයි-විස්ස තරග කිහිපයක් සඳහා ඔහු පාකිස්තාන ජාතික කණ්ඩායමට තේරීපත්වුවත් එහිදී වැඩි දස්කම් දක්වන්නට ඔහුට නොහැකි වුනා. එනමුත් ශූරයන්ගේ කුසලාන සංචිතයට ඔහුව එක්කිරීමට ප්‍රමාණවත් දක්ෂතා පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුගෙන් දැක තිබිණි.

ඉන්දියාවට එරෙහිව පැවති පළමු වටයේ තරගයේදී නිත්‍ය ආරම්භක පිතිකරු අහමඩ් ෂෙසාඩ් අසාර්ථක වීමත් සමඟින් ශූරයන්ගේ කුසලාන තරග පිටියට පිවිසීමේ වරම ෆඛාර්ට ලැබුණා. තවත් අවස්ථාවක් ලැබෙන තෙක් අලස නොවූ ෆඛාර්, පළමු තරගයේදී ලකුණු 31කුත්, මීළඟ තරග දෙකේදී අර්ධ ශතක දෙකකුත් ලබාගනිමින් නොනැවතී අවසන් මහා තරගයේදී පාකිස්තානයට ඓතිහාසික ජයක් ලබාදීමට මඟ ද හෙළිකළේ ශතකයක් වාර්තා කරමින්.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 8 වන ස්ථානයේ සිටි පාකිස්තානය ICC ශූරයන්ගේ කුසලානය තමන් සතු කරගත්තේ මෙවන් නවකයන්ගේ දක්ෂතා වලිනි. ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම් තුළ සදා රැඳෙන්නේ නැත. එබැවින් ක්‍රිකට් ක්‍රීඩා කරන නවකයන්ගේ වගකීම වන්නේ තම උපරිම දස්කම් පිටිය මතදී දිගහැරීමයි.

කටුක අතීතයක් සහිත වුවද ඔබ ක්‍රීඩකයෙකු නම් ෆඛාර්ගේ කතාවෙන් ඔබට බොහෝ දෑ උගත හැකිය. කිසිදු අභියෝගයක් හමුවේ ඔබ නොසැලෙන්නේ නම් ඔබගේ ඉරණම මෙරට ඉක්මවා ලොව ජයගැනීමේ ශක්‍යතාවයෙන්ද යුක්ත බැව් සිහිතබා ගන්න. ලකුණු 180කින් ඉන්දියාව පරදවා පුංචි ලෝක කුසලානය පාකිස්තානයට රැගෙන යාමට උරදුන් ෆඛාර් සමාන්, අද ඔහුගේ ගමට පමණක් නොව මුළු රටටම වීරයෙකි.

f


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews