X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

සීයා ජිවිතේ වටිනාකම කීයද? සීයාගෙන් ලැබුණු අමුතු උත්තරේ...


Views - 2714 |Wednesday 19th July 2017 17:10:40


දවසක් පුංචි දරුවෙක් එයාගෙ සීයා ලගට ගියාලු.. ගිහින් ඇහුවලු මෙහෙම..

“සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..? මගේ ජීවිතේ වටිනාකම කීයද..?“

සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු.. දීලා කිව්වලු මෙහෙම..

“පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..“

පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට..

“මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“

දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා..

“මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!“

“ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“

පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට..

“මාමේ මේ ගල කීයක් වෙයිද..?“

එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා..

“පුතා මේක මට විකුණන්නද යන්නෙ.. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම..“

“ස්තුතියි මාමෙ.. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“

දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට..

“මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“

ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා..

“හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“

පුංචි දරුවා වෙලෙන්දාට ස්තුති කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණා..

“හා කමක් නෑ.. මම ඔය ලමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කො.. මේක මට විකුණන්න..“

“නෑ මාමේ.. මට ඕන වුණේ මේකෙ වටිනාකම දැනගන්න විතරයි..

“ පුංචි දරුවා ඊලගට ගියේ මැණික් වෙලෙන්දෙක් ලගට.. මේ ගල අතට අරන් පරික්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා..

“කවුද මේ ගල පුතාට දුන්නේ..?“

“මගේ සීයා..“

“පුතේ මේ ගල ලොකු රතු මැණිකක්.. මේ වටිනා මැණික ගන්න මගේ ලග තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි.“

මේ හැම දේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ලගට ගියා.. ගිහින් සීයාට හැම දේම කිව්වා. ඊට පස්සෙ ඇහුවා..

“ඉතින් සීයේ කියන්න.. මගේ ජීවිතේ වටිනාකම කීයද..?“

“ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවෙ.. එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුමෙ හැටියට, ඒ ගොල්ලන්ගෙ අවංක කමේ හැටියට, ඒ ගොල්ලන්ගෙ විශ්වාසයෙ හැටියට ඔයාගෙ ජීවිතේ මිල තීරණය කරයි.. සමහරු කියයි ඔයාගෙ කිසිම වටිනාකමක් නෑ කියලා.. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි.. ඒත්.. කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනා කම කියා දෙයි.. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි.. ඒ නිසා ඔයාව විශ්වාස කරන්න.. ඔයාව අගය කරන්න.. ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා.. කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා.. තමන්ට ගරු කරන්න..“

 

උපුටා ගැනීමකි...


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews