X

LATEST NEWS

හැමදාම එකට ඉන්න බෑ... එහෙම ඉන්න ඕනෙත් නෑ... උසස් පෙළ විභාගය මුස්ලිම් අපේක්ෂිකාවන්ගේ සැගවුණු මුහුණු විවර කරයි. උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්. මාර්ග නීති උල්ලංගනය කරන්නන් අල්ලන්න රහසිගත කැමරා පද්ධතියක් විල්පත්තු සංචාරයට සීමා... ඉන්ධන වර්ජනයේ බලපෑම මත විදුලි බල සැපයුමට බාධා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නායකයන් අත්අඩංගුවට අද පස්වරුව වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට සේවයෙන් අයින් කලත් අපිට කමක් නැහැ.. ඛනිජ තෙල් සේවකයන් තවමත් වර්ජනයේ යෝජිත බදු පනතින් ජනතාව කබලෙන් ළිපට මුතුරාජවෙල සහ කොලොන්නාව බවුසර් එලියට ගන්න බැහැ කොළොන්නාවේ බලය හමුදාව අල්ලයි, ජනාධිපතිගෙන් විශේෂ පණිවිඩයක්. සංඛේත වැඩ වර්ජනය අද පස්වරු 4.00 ට අවසන් ප්‍රතිචාර නොලැබුනොත් අඛණ්ඩව වැඩවර්ජන "රවි කරුණානායක රටිනුත් පිට වීම එතුමාට මෙලෝ වශයෙන් කීර්තියයි, පරලෝ වශයෙන් පින්කමයි."

"රවි කරුණානායක රටිනුත් පිට වීම එතුමාට මෙලෝ වශයෙන් කීර්තියයි, පරලෝ වශයෙන් පින්කමයි."


Views - 3961 |Tuesday 25th July 2017 11:03:16


බැඳුම්කර කොමිසමෙන් හෙළිවන කරුණු අනුව "රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු" බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.එමෙන්ම කරුණානායක මහතා ඇමැති පදවියෙන් ඉවත් වෙනවා පමණක් නොව පුළුවන් නම් රටිනුත් පිටවිය යුතු බවද මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

බැඳුම්කර කොමිසමෙන් හෙළිදරවුවට අදාලව කරුණු දැක්වූ මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ දවල් සිදු කරන ලද මහා හොරකම සම්බන්ධයෙන් මහ බැංකුව ඇතුළට ගිහින් ප්‍රථමයෙන්ම ප්‍රශ්න කළේ මා බව කිව යුතුයි.
විවිධ අපහාස උපහාස මැද මා පැහැදිලිව කිව්වේ මහ බැංකු හොරකම රකින්නේ රවි කරුණානායක බවයි. එහෙත් දිගටම ඔහු පාර්ලිමේන්තුව හා ඉන් පිටතදීත් හොරකම සාධාරණීයකරණය කිරීමට කළ හැකි හැම දෙයක්ම කළා. මුදල් ඇමැතිවරයා විසින් රජයට සල්ලි අවශ්‍ය බවට දින රහිත ලිපියකින් මහ බැංකුවට දැනුම් දුන් ලිපියක් බැඳුම්කර කොමිසම හමුවට ඉදිරිපත් කළා. ඒවා කවදාවත් මුදල් ඇමැතිවරයකු කරන ලද දේවල් නොවේ.

රවි කරුණානායක හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ පැහැදිලි සම්බන්ධතාව හෙළි කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා. රුපියල් මිලියන ගණනක් වටිනා නිවාස ඒකකයක් (එපාට්මන්ට්) කල් බදු ක්‍රමයට ලබා දුන් බව මීට කලින් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. ඒ හැම අවස්ථාවකම රවි කරුණානායක කීවේ ඔහු හැර අනෙක් ඔක්කොම හොරු බවයි. රජයේ සේවකයන්, පෞද්ගලික අංශය ඇතුළු රටේ හැම දෙනාම හොරු බවත් තමා අවංක බවත් හැම අවස්ථාවකම ප්‍රකාශ කරමින් තමා අවංක බව පෙන්වීමට කතා කළා. විදේශ විනිමය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවක් අවුරුදු ගණනාවක් විභාග කර අධි චෝදනා පත්‍රයේ පැවැති දෝෂයක් නිසා විනිසුරුතුමිය විසින් නඩු තීන්දුව ලබාදී නිදහස් කළා. නඩු තීන්දුව ලබාදුන් විනිසුරුතුමිය විශ්‍රාම ගියා. එම නඩුවට පාදක වූ ඩොලර් මිලියන තුන තිබෙන්නේ කොහේද කියා කවුරුත් දන්නේ නැහැ.

මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ජනපති හා අගමැති යන දෙදෙනා මේ අමාත්‍යවරයා ගැන තීරණයක් ගත යුතුයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මොහු සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙනවා. බැඳුම්කර කොමිසමේදීත් චෝදනා කරුණු ඉදිරිපත් වෙනවා. හැම විටම තමා අති පාරිශුද්ධ බව එතුමා කියනවා. දැන් බැඳුම්කර කොමිසමේ අනාවරණය වන කරුණු අනුව වහාම ඔහු ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි. විභාග ප්‍රශ්න පත්‍රයක වරදක් සිදුවූ විටෙක එදා ඔහු ඇතුළු එ.ජා.ප. විපක්ෂය කීවේ කුමක්ද? අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. එහෙම බලන විට අපට දැන් කියන්න තියෙන්නේ වන්දි ගෙවලා හෝ ඉවත් වෙන්න කියන එකයි.

බැඳුම්කර මගඩියේ සල්ලිවලින් ගහන පත්තරේට ලොතරැයි මණ්ඩලයෙන් දැන්වීම් දෙනවා. ඒ හැම දෙයක්ම කර ගන්නේ තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්නයි. මේ තත්ත්වය යටතේ යහපාලන ආණ්ඩුවේ මේ ඇමැතිවරයා තව දුරටත් තබා ගන්නවාද නැද්ද කියා ජනාධිපති හා අගමැති රටට උත්තර දිය යුතු වෙනවා. දැන් අපිට කියන්න ඇත්තේ එක දෙයයි. ඇමැතිකමෙන් ඉවත් වෙනවා පමණක් නොව පුළුවන් නම් රටිනුත් පිට වීම එතුමාට මෙලෝ වශයෙන් කීර්තියයි, පරලෝ වශයෙන් පින්කමයි."


COMMENTS

ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More
"මම ආස නැහැ සින්දුවක්, විඩියෝවකට විකිණෙන්න දෙන්න. මියුසික් කියන්නේ මියුසික්."
 Tuesday 11th July 2017 16:55:01
ඩිලක්ෂි  නවන්ජනා කියන්නේ ඇත්තටම කවුද ? මම clothing technology  ඩිප්ලෝමා එකක් කරනවා.ඊට අමතරව විනෝදාංශයක් විදියට සංගීතය හදාරන සාමාන...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews