Views - 4552 |Wednesday 26th July 2017 15:39:25
ටයිටැනික් චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය ලබාදෙන ප්‍රධාන නළු නිළියන් දෙපල වන ලියනාඩෝ ඩිකැප්රියෝ සහ කේට් වින්සෙල් සමගින් රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විදින්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. හැබැයි ඉතින් මේකට සහභාගී වෙන්න අවස්තාව තියෙන්නේ එක පුද්ගලයෙක්ට විතරයි. මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ වෙන්දේසියක් ආකාරයට වන අතර එහිදී වැඩිම ලන්සු තබන පුද්ගලයාට එම දෙපල සමග නිව්යෝර්ක් නුවර පිහිටි සුපිරි හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීමට අවස්ථාව හිමිවනවා.
ලියනාඩෝ ඩිකැප්රියෝ පදනම මගින් සංවිධානය කරන මෙම වෙන්දේසියේ අරමුණ වෙන්නේ පිළිකා රෝගීන්, ආබාධිත සහ අවතැන් වූ දරුවන් වෙනුවෙන් මෙන්ම පරිසර සංරක්ෂණයට අරමුදල් රැස් කිරීමයි.
මෙලෙසම පසුගිය වසරේ ලියනාඩෝ ඩිකැප්රියෝ පදනම මගින් සංවිධානය කර පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 45ක මුදලක් උපයා ගෙන ඇති බව සඳහන්වනවා. එමෙන්ම 2008 වසරේ සිට මෙම චිත්‍රපට තරු සහ ලියනාඩෝ ඩිකැප්රියෝ පදනම විසින් පාරිසරික ව්‍යාපෘතීන් සහ පුණ්‍යායතන සදහා ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් පමණ මුදලක් පරිත්‍යාග කර තිබෙන බවද වාර්තාවනවා.