X

LATEST NEWS

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ  87 වෙනි නායකයා රාහුල ගාන්ධි දුම්රිය වර්ජනය අඛන්ඩව ඒකාබද්ධ මන්ත්‍රිනී ජනපතිට එකතු වේ සාකච්ඡכ අසාර්ථකයි දුම්රිය වර්ජනය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ රාජගිරිය හා අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 වතුර නෑ.. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශ ප්‍රධානියා ගැන සැකයක්. අතිශයින්ම දුම්රිය මගීන් සඳහා පමණයි. පියසේන ගමගේ ගීතාගේ පුටුවේ වාඩිවෙයි. වේගයෙන් එන ආගන්තුක ආකාශ වස්තුවක් - ග‍්‍රහමණ්ඩලයට හානිවෙයි ද...? දෙදිනක් පුරා, මියගිය මවගේ උණුහුම ලද දරුවෙක්... තවමත් තෙල් නැතිද....? සහන ලැබුණද ? නීල හරිත අයවැය... තෙල් තොග ගොඩබෑම ඇරබෙයි. උදැල්ලෙන් සහ සරමෙන් ඉරණම විසඳූ සැමියා.

දහසය හැවිරිදි දැරියක නිරුවතින් ඇවිද්දවයි.


Views - 184 |Monday 6th November 2017 12:05:17


ආයුධ සන්නද්ධ පුද්ගලයන් පිරිසක් විසින් දහසය හැවිරිදි දැරියකට අඩනිරුවතින් ගම හරහා ඇවිද යාමට බලකිරීමක් හේතුවෙන් පාකිස්තානයේ වයඹ දිග පිහිටි ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ගම්වාසීන් කම්පනයට පත්ව සිටිනවා.

අගනුවරින් දුර බැහැර පිහිටි 'චෞද්වාන්' නමැති ප්‍රදේශයේ දී දැරිය මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පොකුණකින් දිය ගෙන ඒමට ගිය අවස්ථාවේ මහදහවල් දැරිය පහර කෑමට ලක් වූ බව ඇසින් දුටුවෝ පවසා ඇත්තේ.

අදාල දැරිය සිදුවීම පිළිබඳ මෙලෙස පැහැදිළි කර තිබෙනවා.

‘ඒ මිනිස්සු අපිව අල්ල ගත්තේ මමයි මගේ ඥාති සොහොයුරියනුයි වතුර කල පුරවගෙන ආපසු එමින් සිටියදී. ඔවුන් මාව තල්ලු කළා. මම බිම ඇද වැටුනා. ඊට පස්සේ ඔවුන් කතුරුවලින් මගේ ඇඳුම කපන්න පටන් ගත්තා. එක් ඥාති සොහොයුරියක් ඇගේ අතේ තිබු සළුවෙන් මාව ආවරණය කරන්න උත්සාහ කළා. නමුත් ඔවුන් එය උදුර ගත්තා’

දැරිය ඔවුන්ගෙන් මිදී අසල පිහිටි නිවසක් වෙත දිව යාමට උත්සාහකර ඇති අතර අදාල කණ්ඩායම ඇය ලුහුබැඳ එහි පැමිණ තිබෙනවා.

‘මම තොටිල්ලක් ගාව නැමිලා හිටියා. ඒක අල්ලගෙන ඉන්න උත්සාහ කළත් ඔවුන් මාව ඇදලා ගත්තා. අසල්වැසියෙක් මැදිහත්වෙන්න උත්සාහ කළත් ඔවුන් තුවක්කු ගෙන ඔහුටත් තර්ජනය කළා. මගේ මාමා ඒ අසල නිවසක ජීවත් වෙන්නේ. මම එහෙට දුවලා ගිහින් ඇඳුමක් ඇඳ ගත්තා’

වසර තුනකට ඉහත දී ඇති වූ සිදුවීමක් මත ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන්ගේ පවුල දැරියගේ පවුල සමග අමනාපයෙන් පසුව ඇති බව සඳහන්.

රහස් සම්බන්ධයක් පවත්වා ගෙන යාම සඳහා ප‍්‍රහාරයට පැමිණි පිරිසේ අයකුගේ දියණියක වෙත දැරියගේ සහෝදරයා ජංගම දුරකතනයක් තෑගී කර තිබෙනවා.

ඒ පිළිබඳ හෙළි වීමත් සමග දැරියගේ පවුල වෙත විරෝධය එල්ල වී ඇති අතර ලේ සෙලවීමක් සිදු වීමට පෙර ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට ගම්වැසියන් විසින් වැඩිහිටියන්ගෙන් සැදුම්ලත් සභාවකට පවරා තිබෙනවා.

එම සභාව විසින් තරුණයාට පාකිස්තාන් රුපියල් 300,000 දඩයක් නියම කර ඇති අතර එම මුදල ගෙවීමෙන් පසු සිදුවීම අවසානයක් කරා පැමිණ ඇතැයි සඳහන්.

එහෙත් එම තරුණයා සම්බන්ධකම් පැවැත්වූ ගෑනු ළමයාගේ පවුලේ උදවිය අපහාසය ගැන අමතක කර නොමැති අතර ඔවුන් පවසා ඇත්තේ ‘සිය පවුලේ ගෞරවය යළි ලබා ගැනීම සඳහා’ එසේ කළ බවයි.


COMMENTS

දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews