X

LATEST NEWS

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ  87 වෙනි නායකයා රාහුල ගාන්ධි දුම්රිය වර්ජනය අඛන්ඩව ඒකාබද්ධ මන්ත්‍රිනී ජනපතිට එකතු වේ සාකච්ඡכ අසාර්ථකයි දුම්රිය වර්ජනය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ රාජගිරිය හා අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 වතුර නෑ.. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශ ප්‍රධානියා ගැන සැකයක්. අතිශයින්ම දුම්රිය මගීන් සඳහා පමණයි. පියසේන ගමගේ ගීතාගේ පුටුවේ වාඩිවෙයි. වේගයෙන් එන ආගන්තුක ආකාශ වස්තුවක් - ග‍්‍රහමණ්ඩලයට හානිවෙයි ද...? දෙදිනක් පුරා, මියගිය මවගේ උණුහුම ලද දරුවෙක්... තවමත් තෙල් නැතිද....? සහන ලැබුණද ? නීල හරිත අයවැය... තෙල් තොග ගොඩබෑම ඇරබෙයි. උදැල්ලෙන් සහ සරමෙන් ඉරණම විසඳූ සැමියා.

මසක් ඇතුලත අමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් - පුද්ගලයින් 26 ක් මරුට.


Views - 139 |Monday 6th November 2017 13:04:14


අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ටෙක්සාස් ප්‍රාන්තයේ කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙය අතරතුර ඊට ඇතුළු වූ තුවක්කුකරුවෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්. 

සිද්ධිය වූ ස්ථානයට උතුරින් පිහිටි ගුවාඩලූප් ප්‍රදේශයේ ෂෙරිෆ් කාර්යාලය පවසා ඇත්තේ ඝාතකයාගේ රිය පසුපස කෙටි හඹා යාමකින් අනතුරුව ඔහු මියගිය බවයි.

කෙසේ වෙතත් පොලිසිය විසින් ඔහු මරාදමන ලද්දේද නැතිනම් ඔහුම සියදිවි හානිකර ගත්තේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා 26 හැවිරිදි ඩෙවින් පැට්ටි‍්‍රක් කේලී නමැත්තු බවයි.

මේ අතර ප‍්‍රහාරය පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ජපානයේ සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

ඔහු දක්වා අත්තේ ‘දෙවියන්, ටෙක්සාස්හි සදර්ලන්ඩ් ස්ප්‍රිංස් ජනතාව සමග වේවා. එෆ්බීඅයි මෙන්ම අනෙකුත් නීති ක්‍රියාත්මක කිරීමේ අංශ ප්‍රදේශයේ සිටින අතර පවතින තත්ත්වය මා ජපානයේ සිට නිරීක්ෂණය කරනවා’ යනුවෙනි.

ප්‍රහාරයෙන් අනතුරුව ටෙක්සාස් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති අතර අමරිකානුවන් භීතියට පත් කරමින් එල්ල වූ මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර ඉකුත් ඔක්තෝම්බර් මස 02 දා ද අමෙරිකාවේ ලාස් වේගස් නගරයේ එළිමහන් සංගීත සැණකෙළියක් නැරඹීමට පැමිණි පිරිසක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තවත් 406 දෙනෙකු තුවාල ලැබුවා.

එය වාර්තා වුණේ මෑත ඉතිහාසයේ එක්සත් ජනපදය තුළ ජන සමූහයකට එකවර එල්ලවූ දරුණුතම වෙඩි ප්‍රහාරය ලෙසයි.

වෙඩි ප‍්‍රහාරය එල්ල කළ සැකකරුට වෙඩි තබා මරා දැමූ බවත් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණා.


COMMENTS

දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews