X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

මසක් ඇතුලත අමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් - පුද්ගලයින් 26 ක් මරුට.


Views - 2852 |Monday 6th November 2017 13:04:14


අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ටෙක්සාස් ප්‍රාන්තයේ කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙය අතරතුර ඊට ඇතුළු වූ තුවක්කුකරුවෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්. 

සිද්ධිය වූ ස්ථානයට උතුරින් පිහිටි ගුවාඩලූප් ප්‍රදේශයේ ෂෙරිෆ් කාර්යාලය පවසා ඇත්තේ ඝාතකයාගේ රිය පසුපස කෙටි හඹා යාමකින් අනතුරුව ඔහු මියගිය බවයි.

කෙසේ වෙතත් පොලිසිය විසින් ඔහු මරාදමන ලද්දේද නැතිනම් ඔහුම සියදිවි හානිකර ගත්තේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා 26 හැවිරිදි ඩෙවින් පැට්ටි‍්‍රක් කේලී නමැත්තු බවයි.

මේ අතර ප‍්‍රහාරය පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ජපානයේ සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

ඔහු දක්වා අත්තේ ‘දෙවියන්, ටෙක්සාස්හි සදර්ලන්ඩ් ස්ප්‍රිංස් ජනතාව සමග වේවා. එෆ්බීඅයි මෙන්ම අනෙකුත් නීති ක්‍රියාත්මක කිරීමේ අංශ ප්‍රදේශයේ සිටින අතර පවතින තත්ත්වය මා ජපානයේ සිට නිරීක්ෂණය කරනවා’ යනුවෙනි.

ප්‍රහාරයෙන් අනතුරුව ටෙක්සාස් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති අතර අමරිකානුවන් භීතියට පත් කරමින් එල්ල වූ මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර ඉකුත් ඔක්තෝම්බර් මස 02 දා ද අමෙරිකාවේ ලාස් වේගස් නගරයේ එළිමහන් සංගීත සැණකෙළියක් නැරඹීමට පැමිණි පිරිසක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තවත් 406 දෙනෙකු තුවාල ලැබුවා.

එය වාර්තා වුණේ මෑත ඉතිහාසයේ එක්සත් ජනපදය තුළ ජන සමූහයකට එකවර එල්ලවූ දරුණුතම වෙඩි ප්‍රහාරය ලෙසයි.

වෙඩි ප‍්‍රහාරය එල්ල කළ සැකකරුට වෙඩි තබා මරා දැමූ බවත් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews