X

Print

LATEST NEWS

කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ..... ගලකින් ගසා 70 හැවිරිදි කතක් නසයි..... ඌවේ හිටපු අමාත්‍යවරයෙක්ගෙන් ජනපතිට ඉල්ලීමක්..... රෝසි අයවැය ඉදිරිපත් කරයි.... ජනාධිපතිවරණයක් ජනවාරි 09 වනදාට පස්සේ තියන්න පුළුවන්..... විධායක ජනාධිපති ධුරය රටට කෙතරම් අහිතකරදැයි තහවුරු වුණා - JVP පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ.... එක්සත් ජාතික පක්ෂයට එකතු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර දෙන්නේ නැහැ.... අගමැති රනිල් ගෙනා යෝජනාව TNA සහ JVP ප්‍රතික්ෂේප කරයි..... අමාත්‍ය ධූර බෙදා දීමට පෙර සජිත්ගෙන් අගමැතිට අවවාදයක්... නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමේ සූදානමක්.... පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ..... මනෝ ගනේෂන් ඇමතිකම් එපා කියයි... මහින්දට විපක්ෂ නායක ධුරය ලබා දීමට TNA සුමන්දිරන් එරෙහි වෙයි.... විජේමුණි-ඉන්දික-ලක්ෂ්මන් ආණ්ඩුපක්ෂයට

 

add

 

සහන ලැබුණද ? නීල හරිත අයවැය...


Views - 1404 |Thursday 9th November 2017 20:18:47


2018 මුදල් වර්ෂය සඳහා වන අයැවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙවර අයවැය නම් කර තිබුණේ නීල හරිත අයවැය ලෙසයි.

2018 අයවැය යෝජනා කිහිපයක්:

  • රටේ සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කිරීම.
  • විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කිරීම.
  • විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින්  අඩු කිරීම සහ අධි සුඛෝපභෝගී වාහන සඳහා රුපියල් ලක්ෂ 25ක විශේෂ බද්ධක් පැනවීම.
  • ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා.
  • දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන.
  • වායු බැලුන් සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා.
  • ලංගමයට විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක්.
  • සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා.
  • පොලිතීන් සහ ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිශ්පාදන බද්දක්.
  • දිරා පත් වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන සියලුම යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය හා අතර මැදි භාණ්ඩ සඳහා වන තීරු බද්ද සම්පූර්ණයෙන්ම ඉවතට.
  • අවුරුදු 5කට අඩු මොටර් බයිසිකලයක් සඳහා දිනකට ශත 17ක බද්දකුත් මොටර් කාර් රථයකට දිනකට රු.1.78කුත් බස් රථයක් සඳහා දිනකට රු. 2.74ක් ලෙස කාබන් බද්දක්.
  • අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් .
  • නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ආරක්ෂණ බැම්මක් ඉදි කිරීම සහ ඉහළ ගංගාධාරවල නව බහුකාර්ය ජලාශ.
  • සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් සමන්විත පරිසර හිතකාමී උද්‍යානයක්.
  • කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය පඑිවර්ථනය සහ පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය.
  • ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක්.
  • ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිස්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 400ක් වෙන් කිරීම
  • මෙන්ම මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට ආයෝජන ව්‍යාපෘතියක්. 
  • වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක්.
  • කාලගුණක තත්ත්ව පදනම් කරගත් රක්ෂණයක් ආරම්භ කිරීමට යෝජනා සහ බෝග වර්ග හයක් සඳහා අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට යටත්ව අක්ෂණාවරණයක් දීමට යෝජනා.
  • බහුදින යාත්‍රාවල ශීතාගාර තාක්ෂණ සඳහා සියයට 50ක් රජයෙන්,හලාවතල මිරිස්සල කරෙයිනගර්ල පුරාණවැල්ල ධීවර වරායන් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1750ක් සහ හලාවතල කරෙයිනගර් ඇතුළු ධීවර වරායන් කිහිපයක් දියුණු කිරීමට රුපියල් මිලියන 750ක්.
  • මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සහ සැකසීමට විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මෙන්ම ඒ සඳහා පෞද්ගලික අංශයටද අවස්ථාව.
  • සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ටල ස්වයං රැකියාකරන්නන්ටල ත්‍රී රෝද රියදුරන්ට අවශ්‍ය පහසුකම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් විශේෂ උපකාර.
  • සුළු හා මධ්‍යම ව්‍යාපාරික අංශ දියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසීමට සංවර්ධන බැංකුවක්.
  • සුළු ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් යොදවමින් ණය යෝජනා ක්‍රම තවරදුරටත් පවත්වාගෙන යාම.
  • වෙනස් වූ හැකියාවන් සහිත පුද්ගලයින්ට සියයට 15ක පොලී සහනයක් සහිත ව්‍යවසායක ණය සහ ඇරැඹුම ණය යෝජනා ක්‍රමය මේ වසරේදී ද ක්‍රියාත්මක කිරීම.
  • දේශිය පොල් තෙල් හා පොල් මද ආශිත නිෂ්පාදන සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද වසරක් සඳහා ඉවත් කිරීම.
  • ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් සහ රියදුරන්ට සංචාරක මග පෙන්වන්නන්ගේ පුහුණුව.
  • රාජ්‍ය විශ්ව විද්‍යාලවල ලබාදෙන පාඨමාලා පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් ලබාදීමට සාම්දායික නොවන ක්‍රමයක්.
  • වයඹල සබරගමු සහ මොරටුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ.
  • විශ්ව විද්‍යාල හතරක නව තාක්ෂණික පීට හතක් සහ රුහුණ විශ්ව විද්‍යාලයට නාවික ගමනාගමනය ගැන නව අධ්‍යයන අංශයක්.
  • විශ්ව විද්‍යාල සම්බන්ධ අණ පනත් සංශෝධනය කිරීමට යෝජනා.
  • පාසල් සිසුන්ට ලබා දුන් රක්ෂණය හා සමාන රක්ෂණ ක්‍රමයක් විශ්ව විද්‍යාල සිසුන්ටත්.
  • විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීම.
  • මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන්.
  • ක්‍රීඩා සපත්තු ආනයනයේ අය කරන බද්ද අද රාත්‍රී සිට ඉවතට.
  • බෝනොවන රෝග (ඒඩ්ස් /වකුගඩු රෝගය  ආදීය) මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක්.
  • 2018 අප්‍රේල් පළමු වැනි දා සිට මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බදු පැනවේ.
  • අඩු ආදායම් ලාභීන් සඳහා 2020 වන විට නිවාස 20000 ක්.
  • පොලිස් සහ අපරාධ කටයුතු විශ්ව විද්‍යාලයක්.
  • මූල්‍ය අපරාධ, දූෂණ, සංවිධානාත්මක අපරාධ ඇතුළු නඩු ප්‍රමාදය වැළැක්වීමට නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම් සහිත විශේෂ අධිකරණයක්.
  • මහජන පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 50ක් මෙන්ම හින්දුල ඉස්ලාම් විශ්වාසිකයන්ට අයත් ස්ථාන කිහිපයක් සංවර්ධනයට පියවර.
  • රිටිගල හා රජගලතැන්න පුරාවිද්‍යා ස්ථාන සංර්ක්ෂණයට රුපියල් මිලියන 25ක්.
  • ඩිජිටල්කරණය තුළින් රජයේ ක්‍රියාපටිපාටි විධිමත් කිරීමට තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට පැවරෙන අතර ඒ සදහා රුපියල් මිලියන 2000ක්.
  • ඩිජිටල්කරණය තුළින් රජයේ ක්‍රියාපටිපාටි විධිමත් කිරීමට තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට පැවරෙයිග ඒ සදහා රුපියල් මිලියන 2000ක්.
  • රාජ්‍ය සේවකයන්ගේ ළමා සුරැකුම් පහසුකම් ලබාදීමට මධ්‍යස්ථාන සහ ඒ සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන 50ක්.
  • එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පුහුණුව සඳහා රුපියල් මිලියන 750ක්.
  • නුතන කලා කටයුතු සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර මට්ටමේ කලා රංගායතනයක් මොරටුව ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සහ කලාකරුවන් වෙනුවෙන් හදිසි හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක්.
  • සංහිඳියාව දියුණු කිරීමට කටයුතු, ශ්‍රී ලංකාවේ ජනතාව එක් කිරීමට අවශ්‍ය කටයුතු , ඒ සඳහා ජන ජීවිතය දියුණු කිරීමට කටයුතු කිරීම සහ  උතුරු නැගෙනහිර නිවාස 50000ක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • යුද්ධයෙන් අසරණ වූ උතුරේ කාන්තාවන්ට විවිධ ව්‍යාපාර කටයුතු කිරීමට සහයෝගය.
  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා සම්බන්ධ යාපනයේ නවීන ආර්ථික මධ්‍යස්ථානයක්.
  • අතුරුදන්වූවන් ගැන සොයාබැලීමට පත් කළ කාර්යාලයේ වැඩකටයතු මේ වසරේ සිට ආරම්භ කිරීම.
  • පානීය නොවන මධ්‍යසාර ලීටර 1 රුපියල් 15ක් වන සුරා බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට.
  • 2018 අප්‍රේල් 1 සිට කෙටි පණිවිඩ මඟින් සිදුකරනු ලබන අලෙවි ප්‍රචාරණයන් සඳහා එක් පණිවිඩයකට ශත 25 ගාස්තුවක් අය කිරිමට යෝජනා.

රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවිය යුතුව ඇති බවත්  ආණ්ඩුව බාර ගත්තේ මහා ණය කන්දක් සමග බවත්  රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි මෙම ණය අහිතකර බලපෑමක් ඇති කරන බවත් 2018 දී පමණක් රුපියල් ට්‍රිලියන 1.9ක් ණය ගෙවිය යුතු බවත් ණය ගෙවන්න සහන අවශ්‍ය වන බවත් මංගල සමරවීර සිය අයවැය කතාව අවසන් කරමින් ප‍්‍රකාශ කළා.

එමෙන්ම ඔහු එහිදී මෙලෙසද සඳහන් කළා. ‘ඒ ණය බර ජනතාවට දෙන්න අපි සූදානම් නහැ, බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් ගෙවීමට යෝජනා කරනවා. ඕනා නම් මේකට මැදමුලන බද්ද කියන්නත් පුළුවන්.’  

අයවැය අධීක්ෂණයට අමාත්‍යාංශයේ පසුවිපරම් ඒකකයක් වහාම පිහිටු වීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිතයි.
 


COMMENTS

ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews