X

LATEST NEWS

විදුහල්පතිනිය දණ ගැස්වූ ඌව පළාත් මහ ඇමති ඉල්ලා අස්වෙයි පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මරුට - කතරගම ඇවිලෙයි එජාපයෙන් ගත් පාලනය ජනපති යටතට ඌව මහ ඇමතිට අතෙන් අප්‍රසාදය පුත්ගලයෙක්ට මරු කැදවූ අස්ගිරියේ පස් කන්ද ශ්‍රීපාද අඩවියෙන් හමුවූ අරුම පුදුම සලකුණ මහරගමින් පොහොට්ටුව කුණු කූඩයට බැඳුම්කර සිද්ධියට අදාළව නීතිපතිවරයාට හා අල්ලස් කොමිසමට උපදෙස් වික්ටර්ගේ බිරිදට දුන් නියෝගය ඇමැතිවරුත් මුදල් අමාත්‍යංශයේ තීරණය එපා කියයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා පාසැලෙන් හමුවූ ගැබ් ගැනීම් වළක්වන ඖෂධ ඇසුරුම් අනුර කුමාර සාගලගේ රෙදි ගලවයි ජනපති අගමැති ඉදිරියේදී කොකේන් කිලෝ 928 විනාශ කරයි 2018 රාජ්‍ය සේවකයන් වැඩියෙන් ගෙදර

සනුකගේ පෙම්වතිය රූකාන්තගේ බාල දියණිය වින්ඩි ද ?


Views - 487 |Monday 8th January 2018 10:59:18


තරුණ පරපුරේ ගායන ශිල්පීන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ.සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට සංගීත ලෝකයට එකතුවන සනුක මේ වෙද්දි තමන්ටම ආවේනික වූ සංගීත සම්ප්‍රධායක් ගොඩනගාගෙන තිබෙනවා. 
මේ විිදියට සනුක සංගීත ලෝකයේ ඉහල නමක් දරාගෙන ඉන්න අතරතුරේ රූකාන්ත චන්ද්‍රෙල්ඛාගේ බාල දියණියත්  එක්ක පුංචි සම්බන්ධයක් තියෙනවා කියලා කතාවකුත් පැතිරිලා යනවා. කොහොම උනත් සනක ඒ කතාව ගැන වගේම බොහෝ දෙනා සනුක ගැන දැනගන්න කැමති දේවල් බොහොමයක් අද මුද්‍රිත මාධ්‍යට මේ විදියට කියලා තිබුනා.
මේ දවස්වල සනුකගේ අලුත්ම තොරතුරු මොනවාද? 
අලුත් නිර්මාණ කීපයක් සඳහා සූදානම් වෙනවා.
 
සනුක වගේම මෑත කාලයේ බිහිවූ බොහෝ නවක ගායකයන් තමන් විසින්ම තමන්ගේ නිර්මාණ කරගැනීම සිරිතක් බවට පත් කරගෙන. මොකක්ද ඒකට හේතුව?
තමන්ටම තමන්ගේ නිර්මාණයක් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් වෙනත් නිර්මාණකරුවන් එක්ක කටයුතු කරනවා නම් විවිධත්වයකින් යුතු නිර්මාණ සඳහා දායකවන්නත් පුළුවන්. මගේ නිර්මාණ මමම කරගන්නවා තමයි. හැබැයි ඉතින් මම නිර්මාණ කරන විට තාත්තගෙනුයි මගේ නිර්මාණවලට හා මට සම්බන්ධ විවිධ අයගෙනුයි අදහස් අහලා ඒ අයගේ අදහසුත් නිර්මාණයට එකතු කරගන්නවා. ඒ වගේම වෙනත් කෙනෙකුගේ හොඳ නිර්මාණයකට වුණත් සම්බන්ධ වෙනවා.
 
සනුකගේ අලුත් නිර්මාණවලටත් ගීත රූප රචනා නිර්මාණය කෙරේවිනේ. ඒ නිසයි මේ ප්‍රශ්නය අහන්නේ. අද වනවිට ගීත රූප රචනා කලාව ප්‍රබලම මාධ්‍යයක් බවට පත්වීමත් එක්ක මෑත කාලයේ ගීත රූප රචනා සඳහා අනවශ්‍ය විදියට නිරුවත හා ලිංගිකත්වය යොදාගෙන තිබෙනවා. මොකක්ද ඒ ගැන ඔබේ අදහස?
මගේ “සරාගයේ” ගීතය සඳහා කළ රූප රචනයේත් ටීනා හා උදාර විසින් යම් යම් සරාගී දර්ශන නිරූපණය කළා. ගීතය ඇහුවම එම දර්ශන එම රූප රචනයට අවශ්‍යයි. ලිංගිකත්වය හා නිරුවත නිර්මාණ සඳහා කලාත්මකව යොදා ගැනීම වරදක් නැහැ. ඒත් එක දිගට රැල්ලක් වගේ එවැනි Video ආවා. එය නම් මම අනුමත කරන්නේ නැහැ. විවිධ සමාජ ප්‍රශ්න නිර්මාණවලින් කතාබහ කරනවා. ලිංගිකත්වය පමණක් නොවෙයි කතා බහ කළ යුතු තවත් දේවල් තියෙනවා.
 
ගායනයට ඇවිත් ජනප්‍රිය වෙලා රංගනයට යොමු වූ අය ඉන්නවා. තමන්ගේ ගීත රූප රචනාවලදී සනුකගේ ඉදිරිපත් කිරීම් දිහා බැලුවම පෙනෙනවා නළුකමටත් සුදුසුයි කියලා. 
ටෙලිනාට්‍ය කිහිපයක රඟපාන්න මටත් කතා කළා. ඒත් මම ගියේ නැහැ. රඟපෑම ගැන කිසිම හැදෑරීමක් නැතුව ඊට යොමුවන්න මම කැමති නැහැ. අනික මේ කාර්යබහුලකමත් එක්ක රඟපෑමට කාලය හොයාගන්න අමාරුයි. 
 
තවම සනුක විවාහය ගැන හිතුවේ නැද්ද?
(හිනැහී) ඒකට තව වයස තියෙනවානේ. 
 
පෙම්වතෙක් නම් පෙම්වතිය විදියට කෙනෙකු තෝරා ගන්නේ මොන විදියේ සුදුසුකම් බලලාද?
මගේ සංගීත කටයුතු සාර්ථකව කරගෙන යන්න සුදුසු නිදහස සහ වටපිටාව ඇය තුළ තිබිය යුතුයි. ඊට සහය විය හැකි කෙනෙක්ව තමයි තෝරා ගන්නේ.
 
රූකාන්ත - චන්ද්‍ර‍ලේඛාගේ බාල දියණිය වින්ඩි සනුකගේ පෙම්වතිය බවට කටකතාවක් පැතිරිලා යනවා. ඇත්තද ඒ කටකතාව 
(හිනැහී) ඒ ප්‍රශ්නයට පස්සේ හරි උත්තරයක් දෙන්නම්.
 
ආරියවංශ කුලතිලක


COMMENTS

දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews