X

Print

LATEST NEWS

තෙල් සංස්ථා සිදුවීමට රිමාන්ඩ් කළ නාගරික මන්ත්‍රීට අැප.... ජනපතිගේ නිල සංචාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8ක් එක්වෙති.... ඇතැමුන් රජයට පහර දීමට කටයුතු කරනවා.... සේනා කුරක්කන් වගාවටත් පැතිරෙයි... විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක්.... ''අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකම නෙමෙයි, ඕනකමක් නැතිකම'' - රවි කරුණානායක අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක... ජනාධිපති නීතිඥවරු 25 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙයි... හොරු අල්ලන්න මමත් ජනපතිට සහය වෙනවා.... සබරගමුව නව ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි... රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා නව පාඨමාලා 02 ක් .... "අපි නම් වැඩ කළා මිසක් බෙර ගගහා කෑ ගැහුවේ නැහැ" - අගමැති පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්න... මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි.... ධීවර අංශයේ අපනයන්ගෙන් ශ්‍රී ලංකාව පළමු තැනට....

 

add

 

සනුකගේ පෙම්වතිය රූකාන්තගේ බාල දියණිය වින්ඩි ද ?


Views - 1355 |Monday 8th January 2018 10:59:18


තරුණ පරපුරේ ගායන ශිල්පීන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ.සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට සංගීත ලෝකයට එකතුවන සනුක මේ වෙද්දි තමන්ටම ආවේනික වූ සංගීත සම්ප්‍රධායක් ගොඩනගාගෙන තිබෙනවා. 
මේ විිදියට සනුක සංගීත ලෝකයේ ඉහල නමක් දරාගෙන ඉන්න අතරතුරේ රූකාන්ත චන්ද්‍රෙල්ඛාගේ බාල දියණියත්  එක්ක පුංචි සම්බන්ධයක් තියෙනවා කියලා කතාවකුත් පැතිරිලා යනවා. කොහොම උනත් සනක ඒ කතාව ගැන වගේම බොහෝ දෙනා සනුක ගැන දැනගන්න කැමති දේවල් බොහොමයක් අද මුද්‍රිත මාධ්‍යට මේ විදියට කියලා තිබුනා.
මේ දවස්වල සනුකගේ අලුත්ම තොරතුරු මොනවාද? 
අලුත් නිර්මාණ කීපයක් සඳහා සූදානම් වෙනවා.
 
සනුක වගේම මෑත කාලයේ බිහිවූ බොහෝ නවක ගායකයන් තමන් විසින්ම තමන්ගේ නිර්මාණ කරගැනීම සිරිතක් බවට පත් කරගෙන. මොකක්ද ඒකට හේතුව?
තමන්ටම තමන්ගේ නිර්මාණයක් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් වෙනත් නිර්මාණකරුවන් එක්ක කටයුතු කරනවා නම් විවිධත්වයකින් යුතු නිර්මාණ සඳහා දායකවන්නත් පුළුවන්. මගේ නිර්මාණ මමම කරගන්නවා තමයි. හැබැයි ඉතින් මම නිර්මාණ කරන විට තාත්තගෙනුයි මගේ නිර්මාණවලට හා මට සම්බන්ධ විවිධ අයගෙනුයි අදහස් අහලා ඒ අයගේ අදහසුත් නිර්මාණයට එකතු කරගන්නවා. ඒ වගේම වෙනත් කෙනෙකුගේ හොඳ නිර්මාණයකට වුණත් සම්බන්ධ වෙනවා.
 
සනුකගේ අලුත් නිර්මාණවලටත් ගීත රූප රචනා නිර්මාණය කෙරේවිනේ. ඒ නිසයි මේ ප්‍රශ්නය අහන්නේ. අද වනවිට ගීත රූප රචනා කලාව ප්‍රබලම මාධ්‍යයක් බවට පත්වීමත් එක්ක මෑත කාලයේ ගීත රූප රචනා සඳහා අනවශ්‍ය විදියට නිරුවත හා ලිංගිකත්වය යොදාගෙන තිබෙනවා. මොකක්ද ඒ ගැන ඔබේ අදහස?
මගේ “සරාගයේ” ගීතය සඳහා කළ රූප රචනයේත් ටීනා හා උදාර විසින් යම් යම් සරාගී දර්ශන නිරූපණය කළා. ගීතය ඇහුවම එම දර්ශන එම රූප රචනයට අවශ්‍යයි. ලිංගිකත්වය හා නිරුවත නිර්මාණ සඳහා කලාත්මකව යොදා ගැනීම වරදක් නැහැ. ඒත් එක දිගට රැල්ලක් වගේ එවැනි Video ආවා. එය නම් මම අනුමත කරන්නේ නැහැ. විවිධ සමාජ ප්‍රශ්න නිර්මාණවලින් කතාබහ කරනවා. ලිංගිකත්වය පමණක් නොවෙයි කතා බහ කළ යුතු තවත් දේවල් තියෙනවා.
 
ගායනයට ඇවිත් ජනප්‍රිය වෙලා රංගනයට යොමු වූ අය ඉන්නවා. තමන්ගේ ගීත රූප රචනාවලදී සනුකගේ ඉදිරිපත් කිරීම් දිහා බැලුවම පෙනෙනවා නළුකමටත් සුදුසුයි කියලා. 
ටෙලිනාට්‍ය කිහිපයක රඟපාන්න මටත් කතා කළා. ඒත් මම ගියේ නැහැ. රඟපෑම ගැන කිසිම හැදෑරීමක් නැතුව ඊට යොමුවන්න මම කැමති නැහැ. අනික මේ කාර්යබහුලකමත් එක්ක රඟපෑමට කාලය හොයාගන්න අමාරුයි. 
 
තවම සනුක විවාහය ගැන හිතුවේ නැද්ද?
(හිනැහී) ඒකට තව වයස තියෙනවානේ. 
 
පෙම්වතෙක් නම් පෙම්වතිය විදියට කෙනෙකු තෝරා ගන්නේ මොන විදියේ සුදුසුකම් බලලාද?
මගේ සංගීත කටයුතු සාර්ථකව කරගෙන යන්න සුදුසු නිදහස සහ වටපිටාව ඇය තුළ තිබිය යුතුයි. ඊට සහය විය හැකි කෙනෙක්ව තමයි තෝරා ගන්නේ.
 
රූකාන්ත - චන්ද්‍ර‍ලේඛාගේ බාල දියණිය වින්ඩි සනුකගේ පෙම්වතිය බවට කටකතාවක් පැතිරිලා යනවා. ඇත්තද ඒ කටකතාව 
(හිනැහී) ඒ ප්‍රශ්නයට පස්සේ හරි උත්තරයක් දෙන්නම්.
 
ආරියවංශ කුලතිලක


COMMENTS

ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේදී රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී.....
 Wednesday 16th January 2019 13:22:46
මෙවර අමෙරිකාවේ ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇල්ෆොන්සෝ කුරෝන්ගේ රෝමා චිත්‍රපටය සමත් විය. ...
Read More
වන්නිලා ඇත්තෝ පවා පුදුමයට පත් කරමින් තරුණියක් ගායනා කල අපූරු බඹර කවිය (VIDEO)
 Thursday 3rd January 2019 20:30:16
ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ මාධ්‍ය ජිවිතයට 40 වසරක් පිරීම නිමිත්තෙන් "මට දැන් 40යි "නමින් කෘතියක් පසු ගියදා එලි දැක් වුණා .එහි ප්‍රධාන ...
Read More
නව වසරේ උදාව ලොව පුරා ජනතාව සැමරූ අපූර්වත්වය මෙන්න.....
 Tuesday 1st January 2019 17:02:13
 උදාවූ 2019 නව වසර සකළ ලෝකවාසීන් පිළිගත් ආකාරයයි මේ.. ...
Read More
ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews