Views - 798 |Friday 12th January 2018 09:59:29
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා අද දිනයේ දී දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.
එමෙන්ම සෙසු තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා හෙට දිනයේදී තැපෑලට භාර දෙන බව එම කොමිසම සදහන් කළේය.
ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ඊයේ (11) දිනයේදී සිදු කිරිමට නියමිතව තිබුණ ද එම කටයුතු දින දෙකකින් කල්දැමිමට එම කොමිසම පියවර ගත්තේය.
ගෘහ දැන්වීම් ලේඛනය රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් සහ තැපැල් වර්ජනයක් සිදු කරන බවට තැපැල් වෘත්තිය සමිති සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මෙම පියවර ගනු ලැබීය.
කෙසේවෙතත් මේ වන විට මෙම සියලු කාරණා ගැටළු සහගත තත්ත්වයකට පත්නොවීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම සදහන් කළේය.
මේ අතර නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා එළඹෙන 18 වනදා තැපෑලට භාරදෙන බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කළේය.